IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ප්‍රංශයට කොරෝනා ගෙනා දේවමෙහෙය

ප්‍රංශයේ ජර්මන් හා ස්විට්සර්ලන්ත දේශසීමා ආසන්නයේ පිහිටි මුල්හවුස් නගරයේ එවැන්ජලිස්ත දේවස්ථානයක වාර්ෂික පූජ්‍යෝත්සවය ආරම්භ වීමට තිබුණේ සුළු වේලාවකි.

“අපි දෙවියන්ගේ මහිමය වර්ණනා කිරීමට සූදානම් වී සිටිමු. ඔබට එහි සතුට දැනෙනවාද“ යයි දේශකයාණෝ රැස්ව සිටි ජනකායෙන් විමසූහ.

“ඔව්“ යයි ‘ක්‍රිස්ටියන් ඕපන් ඩෝර්‘ යනුවෙන් හැඳින්වෙන දේවස්ථානයේ රැස්ව සිටි දහස් ගණනක් එක හඬින් පැවසූහ. ඒ පසුගිය පෙබරවාරි 18 වැනිදාය.

එදින ආරම්භවුණු මෙම දේව මෙහෙය දින පහක් පුරා  පවත්වා තිබේ. ඒ  සඳහා බැතිමත්හු සැතපුම් දහස් ගනනක් දුර ගෙවා පැමිණ ඇත. ඔවුන්ගේ වන්දනා කැලැන්ඩරයේ  උච්චතම අවස්ථාව මෙයයි. එහෙත් මේ වතාවේදී එතැන කොරෝනා වයිරසය ආසාදිත වූවෙක් සිටියේය.

ජර්මනියත් ස්විට්සර්ලන්තයත් ප්‍රංශයෙන් වෙන් කෙරෙන දේශසීමාව ආසන්නයේ පිහිටි මුල්හවුස් නම් කුඩා ග්‍රාමයේ ජනගහණය 100,000 කට ආසන්නය.


සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ ප්‍රංශයේ කොවිඩ් - 19 ආසාදනයවුණු විශාලම කණ්ඩායම මෙම දේව පූජාවෙන් ආරම්භ වී ඇති බවයි. මේ දක්වා තහවුරු වූ රෝගීන් 2500 ක් පමණ දෙනා එහි සිට ඇත.  මෙහිදී වයිරසය ආසාදනය වූවන්ගෙන් 17 දෙනකු මියගොස් ඇති බවද ඔවුහු පවසති.


ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මෙම උත්සවයට සහභාගී වූ පිරිස විසින් නොදැනුවත්වම ලෝකයේ රටවල් ගනනාවකට ද කොවිඩ් වයිරසය ගෙන ගොස් ඇති බවයි. බටහිර අප්‍රිකාවේ බර්කිනා ෆාසෝ, මධ්‍යධරණී දූපතක් වන කොර්සිකාව, ලතින් ඇමරිකාවේ ගයනා සහ ස්විට්සර්ලන්තය ද ප්‍රංශයේ න්‍යෂ්ටික බලාගාරයක් වෙත ද මෙන්ම යුරෝපයේ දැවැන්තම මෝටර් රථ නිෂ්පාදනාගාර තුළටත් ඔවුහු වයිරසය ගෙනගොස් ඇතැයි පැවසේ.


සති කිහිපයකට පසු ජර්මනිය ප්‍රංශයේ දේශ සීමා අර්ධ වශයෙන් වසා දැමූහ.  එහෙත් ඒ වන විට වෙන්නට ඕනෑ හරිය සිදුවී හමාරය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව මෙම උත්සවය පැවැත්වෙන විට ප්‍රංශයේ ආසාදිතයන් සංඛ්‍යාව 12කි. මුල්හවුස් පළාතේ ආසාදිතයන් කිසිවකු නොසිටියේ ය.

උතුරු යුරෝපයේ අනෙක් රටවල් මෙන් ප්‍රංශයද විශාල රැස්වීම් වලට කිසිදු තහංචියක් පනවා නොතිබිණි. අත් සේදීමට මධ්‍යසාර මිශ්‍රිත විෂබීජ නාශක නොතිබිණ. අතට අත දීම වෙනුවට වැලමිටෙන් සුබපැතුම් පිරි නැමීම නොකෙරිණ. එහෙත් මේ වන විට ප්‍රංශය පුරාම භයංකාර තත්ත්වයක් ඇතිවී තිබේ.

ප්‍රංශයේ මේ වනවිට කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යන අතර රෝගීන් 40,174ක් වාර්තා වී ඇත. මරණ 2,606ක් සිදුවී තිබේ. සුව වූ සංඛ්‍යාව 7 202කි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (18)

ප්‍රංශයට කොරෝනා ගෙනා දේවමෙහෙය

lalithm Monday, 30 March 2020 03:45 PM

සැම රටකම පහේ දේව මෙහෙයන්, ආගමික උත්සව නිසා තමයි රෝගය පැතිරිලා තියෙන්නේ. මෙවැනි උත්සව දිගු කලකට තහනම් කර ආගම ඇදහීම නිවසට සීමා ක‌‌ළොත් යහපත් නොවේද ?

:       1       247

පිටිගල මිලානෝ Monday, 30 March 2020 03:59 PM

දෙයියන්වත් බාල්දු කරන පාස්ටර්ලා...!

:       0       129

Lal Monday, 30 March 2020 04:23 PM

මාර් තු 25 ඇදිරි නීතිය දාලා තියෙද්දීත් බෙරුවල මුස්ලිම් ආහාර උත්සවය පැත්වීමෙන් වෙන්නෙත් ඔකමයි.

:       186       209

MnMonday, 30 March 2020 07:43 PM

ඒක මාස ගණනාවකට පෙර පැවැත්වූ උත්සවයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

:       0       0

ShaunJTuesday, 31 March 2020 12:15 AM

බොරුවට ජාතිවාදේ අවුස්සන්න එපා. ‌මේක පරණ වීඩියෝ එකක්.

:       0       0

BillyTuesday, 31 March 2020 02:20 AM

මාර්තු 25 බේරුවල මුස්ලිම් දේව මෙහෙයක් වුනේ නැහැයි කියලා කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ජාතිවාදය වපුරන්නේ ඕන හින්දා ආයෙත් ආයෙත් ඒකම කියන්න.

:       4       1

sarath kuru Monday, 30 March 2020 04:49 PM

දෙවියෝ මතක්වෙන්නේ මේවගේ වෙලාවට තමයි....

:       2       12

Nihal Monday, 30 March 2020 05:35 PM

දෙවියන් ගේ කැමැත්ත අනුව සියල්ල සිදුවේ....

:       153       469

golaya Monday, 30 March 2020 09:00 PM

දෙවියන්ටත් තේරිලද පස්සෙන් එන්නේ අන්ධ භක්තිකයෝ ටිකක් කියල. ඒකයි මේ දිගට හරහට මරල දාන්නේ .

:       0       0

BamunuarachchiTuesday, 31 March 2020 03:02 AM

දෙවියෝ ලෝකය සුද්ද ක‌ළේ ගංවතුරෙන්. ‌‌මේ සැරේ කොරෝනාවෙන්. අපරාධකාරයෝ ලෝකේ කොහෙද වැඩි කියා අපි නොදන්නවාට දෙවියෝ දන්නවා.

:       15       46

සුජිත් Monday, 30 March 2020 06:32 PM

කවදාකවත් කවුරුත් නොදැකපු කෙනෙක් පසු පස යෑම නිශ්ඵල ක්‍රියාවක් බව දැන්වත් මිනිසුන් තේරුම් ගත යුතුයි.

:       0       0

රොෂාන් Monday, 30 March 2020 08:23 PM

ඔය කොරෝනාව හැදෙන්න ඕනා ක්‍රිස්තියානු රටවල් වල ඉඳගෙන පින් පත් කෙලින අයට... නේද පිටිගල මිලානෝ?

:       0       0

ප්‍රීති Monday, 30 March 2020 09:24 PM

දේව සංකල්පයට එරෙහිව, දෙවියන් අදහන රටවල් වල බැල මෙහෙවරකම් කරමින් හිඟන කම විකුණාගෙන කුසගිනි නිවා ගන්නා අතර, බඩේ තෙල දමා, තෙල දියවෙන තුරු දෙවියන්ට අපහාස කරන මේ අමනයින්ට දියුණු රටවල පිණ්ඩපාතය යෙදීම හැර වෙන මොන සරණක්ද?

:       0       0

Rohana Tuesday, 31 March 2020 12:44 AM

දෙවියන් ලෙඩ සනීප කිරීම වෙනුවට ලෙඩ බෝකර ඇත.

:       0       0

Ramendra Tuesday, 31 March 2020 02:18 AM

එතකොට මාතර තිබුණ රැස්වීම ගැන මොනවාද හිතෙන්නේ ?

:       2       4

vidya Tuesday, 31 March 2020 02:53 AM

පටන් ගන්නකොටම මක්කම වැසුවා. වතිකානුව වැසුවා. මෝඩ මිනිසුන්ට දෙවියෙක් නැතිබව තවම තේරෙන්නේ නැතිකමයි තියෙන්නේ. ඉන්දියාවේ තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නවා. ලක්ෂ සංඛ්‍යාත දුප්පත් ජන ගඟක් කිලෝ මීටර් 100-200 දුරක් ගම් නියම් ගම් බලා පයින් යනවා. ඔවුනට අහරක් නැතිව කිසිම පිහිටක් නැතිව චුටි දරුවන් කර මත ඔසවාගෙන පාරවල් දිගේ යනවා. මේක තමයි සතරමහා අපාය. කෝ දෙවිවරු ? අද දෙවිවරු වැනි මිනිසුන් රෝහල් වල සේවය කරන සැමෝම පාරවල් රකින පොලිස් නිලධාරින්, හමුදා නිලධාරින් දුප්පත් මිනිසෙකුට, සත්වයෙකුට ආහාර වේලක් දෙන මිනිසුන් අතරේ මෙවැනි උදව් උපකාර කෙරෙන්නේ ලංකා මාතාව තුළ ඉන්න දරුවන් විතරයි. මීට පසුව ඉන්දියාවට ගිහින් කමිස ගලෝලා ලැජ්ජා නැතිව බිම වැටිලා වහල්ලු වගේ බිම දිගා වෙන මිනිසුන්ට මෙය පාඩමක් .

:       2       130

mahinda Tuesday, 31 March 2020 04:18 AM

මෙය ඉතාම පැහැදිලිවම ඔප්පු කරමින් සිටී යම් රෝගයක් වසංගත තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කළ පසු එය කුමන වූ හෝ ආ ගමකට ආගම් කතෘවරයකුට අජීවමාන බලවේගයකට නැවැත්විය නොහැකි බවයි. එය වැළැක්විය හැක්කේ විද්‍යාත්මක ක්‍රමවේද පදනම්ව පමණී. අද කොරෝනා හමුවේ මේ සියලු දේ අවලංගුවෙමින් පවතී. මේ කියන්නේ ඒ සත්‍යයයි.

:       4       27

Nihal Tuesday, 31 March 2020 06:31 AM

දෙවියන්ට සියල්ල කල නොහැකිය...

:       1       115

ඔබේ අදහස් එවන්න

දියත

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 301 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 142 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 94 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 342 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 357 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 636 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site