IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි‘‘

(විනීතා එම් ගමගේ)

කොරෝනා වයිරසය පාලනය කළේ යැයි සෞඛ්යය අංශවලින් තහවුරුව ලබාගත් වහාම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කළ හැකි පළමු තත්ත්පරයේ ම හැටනම ලක්ෂයක් ජනතාවගේ අභිලාෂය කරිහ  යාත්මක කිරීමට පාර්ලිමේන්තුවක් ඇතිකිරීම සදහා පාරලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය.

මැතිවරණ්යික් පැවැත්වීමෙන් පසු අද ආසාදිතව සිටින එජාපයේ කල්ලි දෙකම පොළවේ වැළලෙන ආකාරයත් ජවිපෙ නැත්තට නැතිවී යන හැටිත් රටට බලාගත හැකි වනු ඇතැයි ද සමරවීර මහතා කීය.

ලෝකයේ සියලූ රටවල් මෙවැනි ව්ය්සනයක දී පක්ෂ විපක්ෂ භේදයක් නොබලන්නේ යැයි ද මෙරට විපක්ෂය නොදියුණු සහගත කුහක හා පවිටු අන්දමින් කොවිඞ් 19 තමන්ගේ බඩජාරි පැවැත්මට යොදා ගන්නට උත්සාහ කළේයැයි ද ඔහු පැවැසීය.

ජයන්ත සමරවීර මහතා මේ අදහස් පළ කලේ ජාතික නිදහස් පෙරමුණේ පරිපකධාන කාර්යාලයේ  අද(17) පැවති මාධ්ය  හමුවක් අමතමිනි.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා කියා සිටියේ වත්මන් රජය ලොවටම ආදර්ශයක් දෙමින් වසංගතයක් පාලනය කර සිටිය දී පවා විපක්ෂය තමන්ගේ පටු දේශපාලන වුවමනාවන් සදහා සැළසුම් කරමින් ආණ්ඩුවට වරදින්නේ කෙසේ දැයි බලමින් සිටින බවය.

වරක් තිවිධ හමුදාව මේ සදහා යොදාගැනීම වැරදි යැයි කියමින් පපුවට ගහන්නට හැ¥ විපක්ෂය එයින් මානසික බාධාවක් පනවා හමුදා දුර්මුඛ කිරීමට උත්සාහ දැරුවේ යැයි ද හෙතෙම සදහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ තරි් කවිධ හමුදා විශේෂයෙන් බුද්ධි අංශවල පළපුරුද්ද යොදාගැනීම කොරෝනා පාලනය කිරීමේ සුවිශේෂී සාධකයක් යැයි මේ වනවිට මුළු ලෝකයම පිළිගන්නා බව ද හෙතෙම කියා සිටියේය.

කොරෝනා වසංගතය මැනවින් පාලනය කළ ශ්රීර ලංකාව දියුණු  යැයි පවසන රටවල්වලට ආදර්ශයක් බවත් ජනාධිපතිවරයාගේ නිවැරදි මග පෙන්වීමත් සෞඛ්යං අංශය හා තරිවනවවිධ හමුදාවන්හි කැපවීමත් අනෙක් රාජ්ය් සේවාවන්හි සහයත් මෙන්ම මේ රටේ සබුද්ධික ජනතාවගේ කැපවීම හා පරිත්යාරගයත් නිසා වසංගතය පාලනය කළ  හැකි වූ බවත් ලෝකයටම ආදර්ශයක් ලෙස මේ වසංගතය පාලනය කළ හැකි වුණේ ඒ නිසා බවත් හෙතෙම කියා සිටියේය.

එවැනි තත්ත්වයක් තිබිය දී ආණ්ඩුවට සල්ලි නැතැයි කියමින් අනියත බියක් ජනතාව අතර ඇති කරන්නට ද, තවත් විටෙක මේ ලබා දෙන්නේ ඇත්ත තොරතුරු නොවන අතර නිවැරදි සංඛයාලේඛන මීට වඩා වැඩි බව කියමින් ජනතාව රවටන්නට උත්සාහ කළ බව ද බවද සමරවීර මහතා කීය.

එය ද අසාර්ථක වූ තැන විපක්ෂය පාර්ලිමේන්තුව කැදවන්නැයි ඉල්ලමින් දැඟලී යැයි ද ද ඔහු කියා සිටියේය.

මේ සියල්ල කළෙ මැතිවරණ සමයක් ආසන්න අවස්ථාවේ පවතින නිසා  මෙන්ම විපක්ෂය අසරණ වී කුජීත වී සිටින නිසා යැයි ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

ඊනියා විපක්ෂයේ කල්ලි දෙකටම අද සටන්පාඨ අහිමිවී ඇතැයි කී සමරවීර මහතා ඉතිහාසයේ නරකම අත්දැකීමකට මුහුණ දෙමින් සිටින්නේ යැයි ද කීය.

විපක්ෂය ගජබින්න දෙසා බාමින් සිටින්නේ කරන්නට දෙයක් නැති නිසා යැයි කී සමරවීර මහතා 2019 වසරේ හැටනමලක්ෂයක් ජනතාවගේ මහා පර සිගතිශීළී ජනවරමට නිදහස් ශ්රීව ලංකාවක් නිර්මාණය කිරීමේ අභිලාශය වෙනුවෙන් ගුණවත් නැණවත් පාර්ලිමේන්තුවක් අවශ්යර වන්නේ යැයි ද කියා සිටියේය.

මේ නිසා ජනාධිපතිවරයාට ස්වකීිය සෞභාග්ය්යේ දැක්ම දිගේලි කරන්නට ද පරසිටජාතන්තරාණයවාදය නැවත වතාවක් අරුත් ගන්වන්ට යහපත් පාර්ලිමේන්තුවක් අවශ්යශ වන්නේ යැයි ද ඔහු  කියාසිටියේය.

පළාත් පාලන මැතිවරණය වසර තුනකින් ද, පළාත් සභා ඡුන්දය දින නියමයක් නැතිව ද කල් දමා ඇති පැවැති ආණ්ඩුව සමුපකාර ඡන්ද පවා කල් දමන්නට කටයුතු කළේ යැයි ද හෙතෙම සදහන් කළේය.

රටේ පර ස ජාතන්තරදමනවාදය වැනසූ, හඩින් ඡන්ද විමසා පාර්ලිමේන්තු අභ්යරන්තරයේ පවා පරවක ජාතන්තරලක්වාදය වැනසූ රටක පරේ  ජාතන්තරන්තවාදය යලි ස්ථාපිත කිරීම අවශ්යඩම මොහොතක් උදාවී ඇතැයි ද ඔහු පැවැසීය.

 



අදහස් (21)

‘‘පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි‘‘

Raveendra Sunday, 17 May 2020 11:02 AM

වැඩිය තප්පුලන්න එපා.

:       0       4

de silva Sunday, 17 May 2020 11:05 AM

ලෝක වෙළඳපලේ තෙල් මිල අඩුවීමේ වාසියෙන් එක රුපියලක්වත් සහනයක් අපට නොදෙන, පොදු ප්‍රවාහනෙත් අවහිර කරන , හම්බුකරන් කන්න තිබෙන මාර්ග අවහිර කර අපි හාමතේ තබපු , මැදපෙරදිග අතරමන් වෙලා සිටපු අපගේ දුප්පත් ශ්‍රමිකයන් පසෙක දමා , ලොකු ලොක්කන්ගේ කට්ටිය පමණක් ඕස්ට්‍රේලියාවේ , ඉන්දියාවේ , චිනේ සහ එංගලන්තේ ඉඳන් ලංකාවට ගෙන්වපු , අඩු මිලට සැමන් පරිප්පු දෙනවා කියල අප මුල කරපු ආණ්ඩුවට කාලගුණ සලකන්න අපිත් බලන් ඉන්නේ මැතිවරණයක් එනකන්... කොරෝන නීති රීති සහ ඇදිරිනීතිය නිසා නිදන්ගත හෘද රෝග වැනි රෝග වලට හරි හැටි ප්‍රතිකාර නොගත් විශාල පිරිසක් මානසික පීඩනය සහ හාමත නිසා ඇතිවූ වෙනත් ලෙඩ රෝග වැළදිලා මරණයට පත්වුණා.

:       156       249

wicky Sunday, 17 May 2020 11:23 AM

කව්ද මේ ...මෙතුමාට තියෙන්නේ විරුද්ධ පාර්ශිකයන් සමග තියන වෛරයක් .ඒ බව මේ ලිපිය කියවපුවහම මට හැඟුණ දේ ඉතින් ඔබතුමාලට ඕනනම් මහමැතිවරණයක් තියන්න. තමතමන්ගේම හිතට එකඟව කරණ දේශපාලනයක් කරන්න. අපි දන්නවා පක්ෂ විපක්ෂ දේශපාලකින්ගේ කෙරුවාවල්. හැමතැනම බල ලෝබය හා තමන්ගේ වාසිය නොහොත් මඩිය තරකර ගැනීමට පමනයි අපේ රටේ දේශපාලනය කරන්නන් ක්‍රියා කරන්නේ මෙය කාටවත් මඩගැසීමක් නොවෙය්. මෙතෙක් කල් අප රටේ දේශපාලනය කල අය හා කරමින් පවතින අය විසින් අපට දුන් ආදර්ශයකි..

:       3       55

matiya Sunday, 17 May 2020 11:40 AM

උබලට ටිකකාලෙකින් , කොමිස් ලැබුනේ නෑ, එක හින්ද ඉක්මනට මැතිවරණය තිබුනොත් ගොඩ ගිය හැකියි, වසර 70ක්ම දේශපාලකයෝ හොරකම් කරලා දුප්පතුන් තවත් දුප්පතුන් කොරෝනා කාලේදී තමයි මේක හරියට වැටහුනේ, රටේ වැඩිහරියක් ඉන්නේ දුප්පතුන්, පාරවල් වලට සල්ලි හොරා කාලා, පාලම් ඇස්තමේන්තුවෙන් හොරා කාල, දුප්පතුන් මහා පාරටම ඇදල, හැම පහසුකමක්ම අද ඒ අයට තියෙනවා..

:       52       84

C.K.Lankaputhra Sunday, 17 May 2020 12:03 PM

ප‍්‍රධාන කාර්යාලයක කරපු මාධ්‍ය සාකච්චාවක් නිසා අපිට ඔය කතා වැඩක් නෑ.

:       0       3

Ratne Sunday, 17 May 2020 12:05 PM

දැනට මැ.කො. සිටින සභාපති ඉවත් කර ඒ වෙනුවට හිටපු කථානායක කරූ ජයසූරිය පත් කර, කටහඩ අනුව මහ මැතිවරණය පැවැත් වීමට කටයුතු කරන්නේ නම් පවතින වෛරස් ගැටළුව සහ මූදල් වැයවීම අවම කර ගත හැකිය. කවූරු හරි කරුණා කරල ගරු කරු මහත්තයගෙන්, එම සේවය කිරීමට කැමතිද කියල අහල බලන්න.

:       16       2

Tharanga Sunday, 17 May 2020 12:18 PM

හා හා.... ඔබතුමා එච්චර හිතට ගන්න එපා. ගෝඨාභය මහත්තය විතරයි මේ ගේම් එකේ හිටියේ. දැන් මෙතන ඇවිත් වීරයෝ වෙන්න හදන්න එපා. මිනිස්සු දන්නව කාටද දෙන්න ඕන කියල... මොකද මමත් ඔය 69 ලක්ශයේ ඉන්නවා..

:       2       56

ChampaSunday, 17 May 2020 07:24 PM

හා හා හා තරංග කියන කෙනාගේ මේ කොමෙන්ට් එක ජයන්ත දකියි කියලා හිතනවා. කොහොමද දැන් හරවලා තියෙන විදිහ ? ඇත්තටම ගේම් එකේ හිටියේ ඒකාබද්ධ විපක්ෂය. වියත් මඟ, හදා ගත්තේ තමන් වෙනුවෙන්. හැබැයි මහින්දයි මහින්දගේ කඳවුරයි නැතුව වෙනම ඉල්ලුව නම් ඇපත් නැහැ.

:       0       4

Champa Sunday, 17 May 2020 12:31 PM

ව්‍යවස්ථාවට පටහැනිව පත්වූ ජනාධිපතිවරයෙක්ගේ නියෝග මත පවත්වන මහ මැතිවරණයක වලංගු භාවයක් නැහැ. ඇමරිකන් තානාපති කියනව ගෝඨාභය "දැන්" ඇමරිකන් පුරවැසියෙක් නෙමෙයිලු. "දැන්," එනම් 2020 මැයි 8 සිට ඇමරිකන් පුරවැසියෙක් නෙමෙයි. මැතිවරණට ඉදිරිපත්වීමට සුදුසුකම විභාගයක් විදිහට ගත්තොත්, ගෝඨාභය විභාගයට ඉල්ලුම් කලේ 2019 අප්‍රේල් 19. විභාගයට ඉඳගන්න ඇමරිකන් තානාපති කාර්යාලය ඇඩ්මිෂන් කාඩ් එකක් නිකුත් කළා. ඔහු ඒ ඇඩ්මිෂන් කාඩ් එක පෙන්නලා තමයි නාමයෝජනා බාර දුන්නේ.... නමුත් මැතිවරණ කොමිසම විභාග ප්‍රතිඵල දැක්කේ නැහැ. ඒකට හේතුව ප්‍රතිඵල නිකුත් වෙලා නොතිබ්බ නිසා. වංචාවක් කරලා තියෙනවා. නාමයෝජනා දෙනකොටත්, දිව්රුම් දෙනකොටත් ඔහු ඇමරිකන් පුරවැසියෙක්. ඒකයි කිසි දවසක MCC SOFA ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියල නමින් කිව්වේ නැත්තේ.... එවන් පුද්ගලයෙක් මිනිස් ජිවිත ගැන තැකීමක් නැතුව චන්දෙ ගැන ගිහි පැවිදි හොර දේශප්‍රේමින් ලව්වා කියවන එක පුදුමයක් නෙමෙයි. ජනාධිපතිට මම මෙච්චර විරුද්ධ මොකොද? මුල ඉඳන්ම කිව්වා වගේ බැසිල් සහ ගෝඨාභය මහචන්දෙන් පස්සේ MCC අත්සන් කරන්න ඇමරිකාවට පොරොන්දුවක් දීල තියෙනවා. ඒකයි හදිසිය. මහින්දව දැනටම පැත්තකට කරලා.

:       21       114

rocky Sunday, 17 May 2020 12:36 PM

ජනතාවගේ අභිලාශය ඔබතුමා දන්නේ කොහොමද? `ජනතාව` කියන්නේ ඔබතුමා සහ පොහොට්ටු කල්ලිය පමණක්ය කියලද හිතාගන ඉන්නේ?

:       0       23

ravin Sunday, 17 May 2020 01:36 PM

හැට නව ලක්ෂයෙන් ලක්ෂ 10 ක් වත් ඔයගොල්ලන්ට මේ මහා චන්දයේදී ලැබෙන්නේ නැහැ. ජනාධිපතිවරණයයි, මහාමැතිවරණයයි පටලවාගත්ත ඇමති කෙනෙක්...!!!

:       1       30

Sugath KSunday, 17 May 2020 06:49 PM

එගොඩ උනාට පස්සේ ඔරුවට පයින් ගහලා දාන, මෙවැනි අමන පෝස්ට් දමන චම්පා, මේ නම ඔබට නොගැළපේ.

:       3       0

ChampaMonday, 18 May 2020 12:01 PM

හරියටම හරි. "එගොඩ උනාට පස්සේ ඔරුවට පයින් ගහලා." හැබැයි මම නෙමෙයි. ඔබට ඕනේ විදිහට මම ලියන්නේ නැහැ. කියන්න තියෙන දේ කියනවා. හොඳ දෙයක් කලොත් හොඳත් කියනවා. හැබැයි ප්‍රශස්ති ගායන කරන්නේවත් වහල්කම් කරන්නේවත් කුඩ අල්ලන්නෙවත් පාවඩ එලන්නෙවත් නැහැ. වහල් ආණ්ඩුවට එරෙහිව මහින්ද 2015 පැරදුනු දවසේ ඉඳන් ආරම්භ කරපු සටනේ මම හිටිය. හුඟක් තැන්වලට ලියලා තියෙනවා. වහල් ආණ්ඩුව එලවල ඊළඟට ගේන ජනාධිපතිවරයා ගැන ජනතාවගේ තිබ්බ ප්‍රමිතිය හුඟක් ඉහලයි. ජනතාව විරෝධය පාලාගිය ආණ්ඩුවට කරන්න නොදී නතර කරපු සියල්ල දැන් කරගෙන යනවා...

:       0       1

K r w bandara Sunday, 17 May 2020 02:08 PM

ඔව් මැතිවරණයක් ඕන... ඒ ඕන වෙන්නේ හොරකම් කරන්න නොවෙයි... දැන් ඔය ප්‍රධාන ඔක්කොම බලාගෙන ඉන්නේ ආපහු හොරකම් ටික පටන්ගන්න... එහෙම නැතුව රට හදන්න නොවෙයි...

:       0       15

Champa Sunday, 17 May 2020 06:55 PM

චන්දෙට ඉස්සෙල්ලා ඩිජිටල් අයිඩී හදලා ICTA හරහා ඕනේ විදිහට චන්ද ප්‍රතිඵල වෙනස් කරන්න හදනවා.

:       0       40

ChampaMonday, 18 May 2020 12:23 PM

හෝ හෝ හරි අමාරුයි.. මෙතනට කොමෙන්ට් එකක් පාස් කරගන්න. මෙතන බයක් තියෙනවා. ජාතිවාදී නීතිඥය ගැන ලියපු ටික නැහැ. සිංහල බෞද්ධයෝ 2015 මහින්ද පැරදුනු දවසේ ඉඳන් එකට එකමුතු වෙලා යහපාලනය ගෙදර යැව්වට අද තීරණ ගන්න තැන ඉන්නේ ඒ සටනේ කිසි තැනක නොහිටපු ජාතිවාදී නීතිඥයෙක්. ඔහුට අනුව රට වෙනුවෙන් කතා කරන සිංහල බෞද්ධයන් ජාතිවාදියෝ. පාලකයා ඔහු ඉදිරියේ දණ ගහල ඇයි? හොර ලියකිලිවිලි නිසා. ඊළඟට ඉන්නේ ආගමක්, දහමක්, රටක්, ජාතියක් ගැන නොහිත මුදලට මුල් තැන දෙන කොරෝනා ලේකම් හා උපදේශකයන්. තව මහින්ද පැරදුනු වෙලේ පැනල ගියපු එකම ලේ. මේ ජනාධිපතිවරයාම ඕනේ කියල වැටී වැටී පොළොවේත් හැපුණු ගිහි පැවිදි දේශප්‍රේමින් දැන් පැත්තකට කරලා. කොරෝනා මර්දන ක්‍රියාවලියේ එක තැනකවත් මෙගොඩ ඉඳන් එගොඩට ඔරුව තල්ලු කරන ආපු කිසි කෙනෙක් නැහැ. ඉන්නේ එගොඩට එනකම් ඉඳල අත්පුඩි ගහපු කට්ටිය. ඩිජිටල් අයිඩී වැඩෙන් කරන්න යන්නේ සිරිසේන කළා වගේ තමන්ට එහෙයි කියන කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ හදා ගන්න එක. හැබැයි අනිත් පැත්තෙන්. අගමැතිතුමාට හිතන්න හුඟක් දේවල් තියෙනවා. මේ ටිකට අරන් තියෙන තීරණ දිහා බලපුවහම පේන්නේ ජනතා අප්‍රසාදයක් ඇති කරන්න උවමනාවෙන්ම යම් යම් තීරණ අරගන්න බව.

:       0       0

Champa Sunday, 17 May 2020 07:11 PM

තවත් දෙයක් තියෙනවා කියන්න. පොතුවිල් රජ මහා විහාරය හරහා සිංහල බෞද්ධන් සහ මුස්ලිම්වරු අතර ගැටුමක් ඇති කරන්න හදනවා. මුලතිව් ගුරුකන්ද විහාරය සහ පොතුවිල් රජමහාවිහාරය ගැන සිංහල බෞද්ධයා හඬක් නගන්න පටන් ගත්තේ යහපාලනය කාලේ ඉඳලා. ඒ ආණ්ඩුව ගෙදර යවලා අලුත් ජනාධිපතිවරයෙක් ගෙනාවහම සිංහල බෞද්ධයෝ හිතුවේ ජනාධිපතිවරණෙ ඉවර වුනු හැටියේ මේ විහාර දෙක සහ විනාශ කරපු අනිත් පෞරාණික සිංහල බෞද්ධ විහාර ආරක්ෂා කරයි කියලා. නමුත් මාස 6ක් කිසි දෙයක් කළේ නැහැ. දැන් එක පාරට ජනාධිපති කිව්වා කියල මුහුදු මහා විහාරෙට යනවා. පැහදිලිවම මෙතන යටි අරමුණක් තියෙනව. ඒ හින්ද සිංහල බෞද්ධයන් මේ වෙලාවේ මේ උගුලට අහු නොවී ඉන්න අධිෂ්ඨාන කරගන්න ඕනේ. මෙහෙම සල්ලි දීල මැරයෝ දාලා බෞද්ධයෝ කරා කියල මුස්ලිම් දේපල වලට අලාභ හානි කරන්න ඉඩ තියෙනවා. නමුත් සිංහලයන් ඉවසීමෙන් ඉන්න. හැම මුස්ලිම් දෙමළ සිංහල ජාතිවාදී ගැටුමකම පිටිපස්සේ හිටියේ සහ ඉන්නේ දේශපාලකයෝ. මේක අවබෝධ කරගන්න.

:       0       74

kamalMonday, 18 May 2020 09:21 AM

සහතික ඇත්ත...

:       0       52

Siri Sunday, 17 May 2020 09:49 PM

මෙයා කියන විදියට UNP එකවත් JVP එකවත් නොව චන්දෙන් පස්සේ නැතිවෙන්නේ ජනතාව. මොකද මේ අය ඔක්කොම (225) එකම තක්කඩි සෙට් එක. කවුරු දිනුවත් ජනතාවට සදා සොත්ති තමා.

:       0       4

rocky Tuesday, 19 May 2020 04:28 AM

ඔහෙට පිස්සුද සිරෝ! මේ රටේ `ජනතාව` කියන්නේ දේශපාලකයන්ට. ජනතාවගේ සිතුම් පැතුම්, බලාපොරොත්තු ඒවා ඔක්කොම දන්නේ. ඒ ගොල්ලෝ. අපි දැන් `හිටපු` ජනතාවගේ තත්වෙට වැටිලා. මෙතනමේ කොමෙන්ට් වලින් චම්පා ළමයාගේ අදහස් මම අගය කරනවා. ඒ කොහොම උනත්, සුගත් ළමයෝ, චීන මාමා හරි ෂෝක්. උන්නැහේ අපිව ඔහෙලව බලා ගනීවි නේද ?

:       0       1

Rohana Saturday, 23 May 2020 03:57 AM

මැතිවරණ කොමිසම මෙයාලට හිසරදයක්... බලය ගත්තු ගමන් (2/3 ලබාගෙන) 19 අහෝසිකරලා මෙයාලාට ඕනඕන විදිහට මැතිවරණ තියන්න ඉඩසලසා ගැනීමට තමයි ඔය මැතිවරණ උණ හැදිලා තියෙන්නේ... මැතිවරණ කොමිසම නොතිබුණා නම් කොරෝනා අස්සේ මැතිවරණයක් තියලා ලංකාවම කොරෝනා රෝගයට ගොදුරු කරන්න තිබුණා..

:       0       22

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 327 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 69 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 649 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 672 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1099 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1023 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site