ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව කොරෝනා වයිරසය හේතුවෙන් ගෙවීගිය පැය 24 දී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මරණ 410 ක් වාර්තා වේ.
ඒ අනුව, ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 1,709 දක්වා ඉහළ ගොස් ඇත .
ගෙවීගිය පැය 24 ක කාලයේදී කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 18,848 දෙනකු සොයාගෙන ඇති අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 104,860 දක්වා ඉහළ ගොස් ඇත .
වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය වන අතර මේ වනවිට ලක්ෂය ඉක්මවා කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පමණි.
කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් සහ නිව්ජර්සි යන ප්‍රාන්තවලටය. පසුගිය පැය 24ක කාලයේදී නිව්යෝක් ප්‍රාන්තයෙන් මරණ 144 ක් ද වොෂින්ටන් ප්‍රාන්තයෙන් මරණ 175ක් ද ලුයිසියානා ප්‍රාන්තයෙන් මරණ 119ක් ද වාර්තා වී ඇත .
රොයිටර් / අල්ජසීරා
055
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා මරණ 410 ක්
මුණසිංහ Sunday, 29 March 2020 01:21 AM
කණගාටුයි. නමුත් චීනයට හිනාවීමෙ ප්‍රතිඵල දැන් ලෝක වාර්තා තියමින් ඇමරිකාව බුක්ති විදිනවා. මා දන්නා විදියට ඇමරිකාව, එංගලන්තය, ඉතාලිය ආදී රටවල් මේක සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් ලෙසයි සලකල තිබුනේ.
KumarSunday, 29 March 2020 03:44 PM
චීනය ලංකාවේ මෙතරම් මෝඩයෝ ඉන්නවා කියල සිනාවෙනවා ඇති. තමන්ගේ රටේ තිබෙන ප්‍රශ්න විසදා ගන්නේ නැතිව අනෙක් රටවල් විවේචනය කරනවා කියල...
wije Sunday, 29 March 2020 04:26 AM
ඉතාමත්ම කණගාටු දායක තත්වයක් තමයි හැබැයි මේකෙන් හැම කෙනකුටම ගොඩාක් පාඩම් කියලා දෙනවා. මෙච්චර කාලයක් මිනිස්සු තමන්ට ඕන විදියට ලෝකය විනාශ කලා. ගස් කෝලන් සත්තු ජල පාරවල් වාතය හැම දෙයක්ම විනාශ කලා. ලෝක බලවතා ඇමරිකාව තමයි වැඩිපුරම ලෝකයේ පාලනය අවබාවිත කලේ. ලෝකේ කෙළවරක මිනිස්සු කොටසක් කන්න නැතුව බඩගින්නේ මැරෙන කොට ලෝකයේ බලවත් කියලා කියාගත්තු ධනවත් රටවල් කෝටි ගණන් වියදම් කරලා හදට රොකට් යැවුවා. ආලෝක වර්ෂ දහස් ගණන් ඇතින් තියන ග්‍රහලෝක ගැන හෙවුවා ඒවයෙන් ලැබුන ප්‍රයෝජනය මොකක්ද. දැන් මේ වෙලා තියන විනාශය නවත්වන්න හදෙන්වත් අගහරු ලෝකෙන්වත් කවුරුවත් එන්නේ නැහැ නේද. ලෝකේ ඉන්න අනෙක් අයට බන කියන ගමන් මේ ලෝකේ වැඩිපුරම මානව හිමිකම් කඩකලේ ඇමරිකාව නේද? කොහෙහරි රටකට ගහන්න ඕනා කියලා හිතුනොත් මොකක්හරි නැති හේතුවක් හදලා හරි ගැහුවා. බ්‍රිතාන්‍ය වගේ රටවල් ඒවාට අනුබල දුන්නා. මිනිසුන්ගේ කිසිම සීමාවක් තිබුනේ නැහැ. මමනම් හිතන්නේ මිනිසුන්ගේ වැරදි නිවැරදී කරගන්න ස්වබාව ධර්මය මිනිසුන්ට මෙච්චර කල් ඉඩ දුන්නා. නමුත් මිනිසුන් කවදාවත් හැදෙන්නේ නැති නිසා ස්වබාව ධර්මය මිනිසුන්ට දඩුවම් දෙන්න පටන් අරගෙන තියෙන්නේ.