(නිමන්ති රණසිංහ)
වැලිසර නාවික හමුදා රෝහලේදී ඊයේ (25) රාත්‍රීයේ මියගිය නාවික හමුදා නිලධාරියාට කොරෝනා වයිරසය වැලදී නොමැති බව පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ලංකාදීපයට පැවසිය.
නාවික හමුදාවේ ලූතිනන් කමාන්ඩර්වරයකු වන මෙම නිලධාරියා හදීසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 18 වැනිදා වැලිසර නාවික හමුදා රෝහල වෙත ඇතුළත් කරනු ලැබිණ. පසුව කරන ලද පරීක්ෂණ වලදී, මී උණ වැළදීමෙන් එම නිලධාරියා මියගොස් ඇති බව තහවුරු වී ඇතැයි ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
කොරෝනා ආසාදිතයකු බවට පසුව හෙළිවූ නිලධාරියකු මෙම නිලධාරියා ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බැවින් මියගිය ලුතිනන් කමාන්ඩර්වරයාගේ අවසන් කටයුතු ද ජාත්‍යන්තර නිරෝධායන නිතීන්ට යටත් සිදුකරන ලෙසට රාගම අධීකරණ වෛද්‍ය නිලධාරිවරයා නියෝග කර ඇති බවද සදහන් වෙයි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නාවික හමුදා නිලධාරියා මියගියේ මී උණ රෝගයෙන්
Raveendra Sunday, 26 April 2020 08:01 AM
අනේ...පව් ... ඔබට නිවන් සුව අත්වේවා .....!!!!
wije Sunday, 26 April 2020 09:18 AM
අනේ මන්දා හැදිලා තියෙන්නේ මී උණලු. කොරෝනා නෙවෙයිනම් මොකටද නිරෝධායන නීතියට අවසන් කටයුතු කරන්නේ. කවුද ඇත්ත කියන්නේ කියලා දෙවියෝ තමයි දන්නේ.
Chandana - Australia Sunday, 26 April 2020 09:47 AM
ලංකාවත් චීනය වගේ වෙන්න යන්නෙ. කිසිම සත්‍ය තොරතුරක් එලියට දෙන්නේ නැහැ, ඉස්සරහට සමාජ මාධ්‍ය එහෙමත් තහනම් කලොත් පුදුම වෙන්න එපා.
rana Sunday, 26 April 2020 10:40 AM
යම් දෙයක් සඟවනවදෝ සිතෙනවා ? ඔබටත් එහෙමද
isuru Sunday, 26 April 2020 11:18 AM
සත්‍ය ජයගනිවී.. බොරුවට ආයුෂ නැ ළමයිනේ... !!!
Dasa P Sunday, 26 April 2020 01:16 PM
මී උන රෝග ලක්ෂණ කොරෝනා වල රෝග ලක්ෂණම බව ගූගල් එකෙන් දැන ගත්තා.
සංජීව Sunday, 26 April 2020 02:11 PM
මී උණ හැදෙන්න මොකද නේවි එකෙන් නිවාඩු අරන් මේ ඇඳිරි නීතිය අස්සේ කුඹුරු කොටන්න ගියාද? මැරුණේ මී උණෙන් නම් ඇයි කොරෝනා ලෙඩෙක් විදියට අවසන් කටයුතු කළේ?
Ramendra Sunday, 26 April 2020 03:19 PM
අපේ රට අමුතු රටක් වේගෙන එන්නේ , දැන් ව්‍යවස්ථා ප්‍රශ්න විසදන්නේ ආන්ඩුව නියෝජනය කරන ස්වාමින්වහන්සේලා කැදවාගෙන...