ස්වීඩනය මඟහැර නෝර්වේ සහ ඩෙන්මාර්කය අතර ගමන් බිමන් ආරම්භ කිරීමට දෙරටේ බලධාරීන් තීරණය කර ඇතැයි නෝර්වේ මාධ්‍ය ආයතන තුනක් අද (29) වාර්තා කළේය.
මේ අනුව නිරෝධායන කටයුතු සිදු නොවන ආකාරයට දෙරට අතර සංචාරක බුබුළක් නිර්මාණය කිරීමට දෙරටේ බලධාරීන් තීරණය කර ඇත. කෙසේ නමුත් මෙහිදි තවත් ස්කැන්ඩිනේවියානු රටක් වන ස්වීඩනය මඟහැර ඇත. ස්වීඩනයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන අනෙක් රටවලට දෙකට වැඩි ය.
සංචාරක සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය මැටේ ෆ්රඩිරික්සන් සහ නෝර්වේ අග්‍රාමාත්‍ය අර්නා සෝල්බර්ග් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබිණි.
නෝර්වේ රාජ්‍යයෙන් අද පස්වරු වනවිට කොරෝනා වයිරස ආසාදිතයන් 8,411ක් හඳුනාගෙන තිබූ අතර ඩෙන්මාර්කයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 11,593 දෙනකු හඳුනාගෙන තිබිණි. නෝර්වේ සහ ඩෙන්මාර්කය යන රටවල් දෙකේම අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ කාන්තාවන් දෙදෙනකි. එපමණක් නොව එම රටවල් දෙක කොරෝනා වයිරසය සාර්ථකව පාලනය කළ රටවල් ද දෙකක් ලෙස ද සැලකේ.
ස්වීඩනයෙන් අද පස්වරු 6 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 36,476 දක්වා ඉහළ ගොස් තිබිණි. ස්වීඩනය අනෙක් රටවල සාපේක්ෂ වයිරසය පාලනය කිරීම සඳහා දැඩි සීමා නොපැනවූ අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක් ද එල්ල විය.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තියත් සමඟ අන්තර්ජාතික සංචාරක හා ගමන් බිමන් කටයුතු සියල්ල ඇණ හිටිණි. එහෙත් ඒවා නැවත ආරම්භ කිරීම සඳහා ‘සංචාරක බුබුළු’ නිර්මාණය කිරීමට ලෝක නායකයෝ පියවර ගත්හ.
‘සංචාර බුබුළු’ යනු නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට සමත්වූ රටවල් දෙක අතර සිදුවන සංචලන ක්‍රියාකාරකම් ය. ඒ අනුව නිරෝධායන ක්‍රියාවලියට යොමු නොවී ඒ ඒ රටවල් දෙක අතර මුහුදින්, ගොඩබිමෙන් හෝ ගුවනින් ගමන් කිරීමට දෙරටේ වැසියන්ට අවස්ථාව උදා වේ.
අල්ජසීරා
055
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නෝර්වේ සහ ඩෙන්මාර්කය අතර ගමන් අරඹයි