(එම්.කේ. නන්දසේන )
කොළඹ ප්රසදේශයේ සිට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් යතුරු පැදි දෙකකින් කතරගමට පැමිණි සිව් දෙනෙකු කතරගම නගරයේ ඇවිදිමින් සිටියදී අද කතරගම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ
අනතුරුව තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු එක් අයෙකුට රුපියල් 3000 බැගින් රුපියල් 12,000 ක දඩයක් නියමකළ දිසා විනිසුරු හා මහෙස්ත්රා්ත් කාංචනමාලි සුසන්තා ගුණසේකර මහත්මිය කතරගම සෞඛ්යගය නිලධාරීන්ගේ අධීක්ෂණය මත තවත් දින 21 ක් නිරෝධායන යෙදෙන ලෙසට නියෝග කළාය
මෙලෙස දඩ මුදල් ගෙවා නිරෝධායනයට ලක් වූයේ විදානගමගේ කමල් තුෂාර, විදානගමගේ කුමුදු ඉෂාර, එමි.එස්.නිපුන ධනංජය හා ආර්.ආර්. සුරේෂ් දර්ශන යන සිවුදෙනාය.
මින් තිදෙනෙකු නුගේගොඩ මිරිහාන ප්රගදේශයේ පදිංචි කරුවන් වන අතර එක් අයෙකු කිරුළපන පදිංචි අයෙකු බව පොලිසිය කියයි.
බස්නාහිර පළාතට ලියා පදිංචිය දැක්වෙන යතුරුපැදි දෙකකින් කතරගම ප්‍ර දේශයේ සැරි සරමින් සිටි මොවුන් හතර දෙනා දුටු පොලිස් නිලධාරින් ඔවුන් අත් අඩංගුවට ගෙන පළාත් මායිම් සහ දිස්ත්රියක් මායිම් කඩා කෙලෙස පැමිණියේදැයි විමසීමේදී ඔවුන් ප්රඅකාශ කොට ඇත්තේ කතරගම වැඩසිටි කන්ද මාර්ගයේ ඔවුන් සතු නිවාඩු නිකේතනයක් තිබෙන බවත් එය සුද්ද පවිත්රර කිරීම සඳහා මෙලෙස පැමිණි බවත්ය.
මෙම අවස්ථාවේ රජය පනවාඇති නීති රීති උල්ලංඝනය කරමින් මුර පොළවල නිලධාරීන්ට බොරු ප්රකකාශ දෙමින් සාධාරණ හේතුවකට පැමිණ ඇති බවක් පෙනී නොයන නිසා අධිකරණයට ඉදිරිපත් කිරිමට කතරගම පොලිස් ස්ථානාධිපති ප්රතධාන පොලිස් පරීක්ෂක උපුල් ලියනගම මහතා තීරණය කළේය.
අධිකරණයේදී වරද පිළිගත් මොවුන් හතර දෙනා අදාළ දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව පොලිසිය විසින් කතරගම සෞඛ්යන වෛද්‍ය නිලධාරී ජේ. හර්ෂන ප්රාදීප් මහතාට ඛාර කළේය.
ඉන් අනතුරුව කතරගම පරිපාලන මහජන සෞඛ්යහය පරීක්ෂක සමන් දිසානායක මහතාගේ සහ කතරගම මහජන සෞඛ්‍යයය පරීක්ෂක දිලාන් බුද්ධික මහත්වරුන්ගේ නිරන්තර අධීක්ෂණය යටතේ නිවාඩු නිකේතනයක තබා දින 21 ක් නිරෝධායනය කිරීම අද (14දා) ආරම්භ කෙරිණ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කතරගම සැරිසැරූ සිව් දෙනකුට දඩ
Samitha Senaka Aluthgamage. Thursday, 14 May 2020 02:11 PM
නීති කඩන දඩබ්බරයන්ට නිසි දඩුවම ලැබිලා... දවස් 21කුත් තපින්න වුණා... යස වැඩෙ...
BamunuarachchiFriday, 15 May 2020 02:50 AM
සිංගප්පූරුවේදී ‘කොවිඩ්-19’ නියෝග කැඩූ ඇමෙරිකානු ගුවන් නියමුවාට ලැබුනේ සති 4ක සිර දඬුවමක්. මොවුනට මාස 4 සිරදඬුවමක් වත් ලැබිය යුතුයි.
රුවන් Friday, 15 May 2020 01:50 AM
දඩය 3000 මදි. මීට උඩ ලිපියෙ තිබුණේ සිංගප්පූරු සංචාරයකට ගිය ඇමරිකානු ජාතිකයකුට නීති කැඩුවට මාසයක සිර දඬුවමක්... මෙ අයටත් එහෙම කරන්න... දඩය 10000ක් කරන්න. නැත්නම් හැදෙන්නෙ නෑ...