IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දිවයින පුරා ඉන්සියුලින් හිඟයක්

( පුෂ්පකුමාර ජයරත්න )

දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍යම ඖෂධයක් වන ඉන්සියුලීන් එන්නතේ හිඟයක් දිවයින පුරා පිහිටි සියළුම රෝහල් වල අැතිවීමෙන් දියවැඩියා රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව වාර්තා වේ .

 වාර්තා වන ආකාරයට රෝහල් වලින් රෝගීන්ට නිකුත් කරන මිලිලීටර් 10 ක ප්‍රමාණයෙන් යුත් ඉන්සියුලීන් කුප්පි රජයේ රෝහල්වල පමණක් නොව පෞද්ගලික ඔසුසැල් වලද හිඟව පවතින බවද පැවසේ .

මිලි ලීටර් 10 කින් සමන්විත ඉන්සියුලීන් කුප්පියක් බාහිරින් මිළදී ගැනීමේදී ඒ සඳහා රුපියල් 1200 ක පමණ මුදලක් වැයවන අතර එතරම් මුදලක් වැය කිරීමට නොහැකිව බොහෝ රෝගීන් අසරණව සිටින බව වාර්තා වේ .

රුපියල් 685.00 ක පමණ මිළකින් යුත් මිලිමීටර් 03 ක ප්‍රමාණයකින් යුත් ඉන්සියුලීන් එන්නත පමණක් පෞද්ගලික ඔසුසැල් වල අලෙවියට තිබේ .

 මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසුවේ මෙම ඉන්සියුලීන් එන්නත සති තුනක පමණ කාලයක සිට හිඟව පවතින බවයි .
 



අදහස් (4)

දිවයින පුරා ඉන්සියුලින් හිඟයක්

Dewa Saturday, 11 April 2020 06:13 AM

කවුද මෙවට වගකියන්නේ..?

:       0       3

menna Saturday, 11 April 2020 06:36 AM

දේශීය වෙදකමේ දියවැඩියාවට බෙහෙත් කරන්න පුළුවන් ක්‍රම තියෙන බව අන්තර්ජලය හරහා දැනගැනීමට ලැබුනා. රෝගියාව හොඳටම සුවපත් කළ හැකි බෙහෙත් ඇති බව දැනගැනීමට ලැබුනා. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මෙම රෝගයද නැවත නැවතත් එන්නත් ලබාදීමට කටයුතු කිරීම මගින් සෞඛ්‍ය සේවාව වානිජමය කර ඇත. මිල භාණ්ඩ හා සේවා ඇගයීම සඳහා වර්තමාන සමාජයට අවශ්‍ය දෙයක් වුනත් එමගින් රටේ ජිවත් වෙන ජනතාවගේ නිරෝගීකමට ප්‍රශ්නයක් නොවන විදියේ ක්‍රමයක් තිබුනොත් හොඳයි. දියවැඩියාවට දේශීය වෙදකම ප්‍රවර්ධනය කරන ක්‍රමයක් තිබුනොත් හොඳයි.

:       11       0

janaka Saturday, 11 April 2020 07:10 AM

"රුපියල් 685.00 ක පමණ මිළකින් යුත් මිලිමීටර් 03 ක ප්‍රමාණයකින්" මිලිමීටර් නෙවෙයි මිලිලීටර්

:       0       2

Korale Monday, 13 April 2020 03:30 AM

කොවිඩ් 19 මිසක් කවුද වග කියන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1138 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 718 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 926 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 800 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site