IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දමන්න තීරණය කරයි

(කාංචන කුමාර ආරියදාස)

ගොවි ජනතාවගේ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම රටේම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට තීරණය කළ බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ඡන්න ඇරෑවුල මහතා අද (07) පස්වරුවේ පැවසීය.

රටේ පවතින තත්ත්වය පිළිබඳව ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන විශාල ජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම හේතුවෙන් සහ මෙම වෛරස් තත්ත්වය පැතිර යෑමේ දැඩි අවදානම පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතා සමගත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සමඟ වෙළෙඳ සංගමය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම තීරණයට එළඹි බව සභාපති චන්ද්‍ර මහතා පැවසීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පසුගිය දින තුනේ සිට වසා දමා තිබුණු අතර 08 වන දින නැවත විවෘත කිරීමට නියමිතව තිබිණි .

කෙසේ වෙතත් ඇදිරි නීතිය ලිහිල් වූ අවස්ථාවේ ජනතාවගේ හැසිරීම සහ වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වල ජනතාව හැසිරුණු ආකාරය පිළිබඳවයි දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ගොවීන්ගේ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම ජනතාවගේ ආරක්ෂාව ගැන හිතා මෙම තීරණයට එළඹි බව ඒ මහතා සඳහන් කළේය.

ආර්ථික මධ්‍යස්ථානයට එළවළු සපයන ගොවීන්ගේ නිෂ්පාදන මධ්‍යස්ථාන ව්‍යාපාරිකයින් හරහා මිලදී ගෙන ඒවා දිවයින පුරා විසිරී සිටින ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදා හැරීමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව විශාල වශයෙන් ජනතාව එක්රැස් නොවීගොවි නිෂ්පාදන පාරිභෝගික ජනතාව අතරට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් තිබුණ බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


 



අදහස් (13)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දමන්න තීරණය කරයි

Akila Tuesday, 07 April 2020 08:52 AM

ආර්ථික මධ්‍යස්ථානය විතරක් වහල මදි. එයිට වඩා අවධානමක් තිබෙනවා ඇඳිරි නිතිය ඉවත් කලාට පසු එක එක පළාත් වල තිබෙන සති පොළවල් සහ මළු මාකට් වලින්. ඒ සියලු තැන් වහලා දාන්න අවශ්‍යයයි. නැත්නම් මේ කරපු කිසිම දෙයකින් තේරුමක් නැහැ.

:       154       171

jayath Tuesday, 07 April 2020 09:20 AM

මේ මිනිස්සුන්ට එච්චර උගත් කමක් නැහැ. ඒ හින්දම මේකේ "බර " තේරෙන්නේ නැහැ. ඒ හින්දා මොකක් හරි විකල්ප වැඩපිළිවෙලකට යන එක තමයි නුවණට හුරු.

:       3       120

AJANTHA Tuesday, 07 April 2020 09:34 AM

මෙම ක්‍රියාව හැමදාම හොදයි. මාෆියාව නැති කරන්න පුළුවන්.

:       3       35

ranaTuesday, 07 April 2020 10:36 AM

ඔබට මල් මිටක් .ඕක පාලනය කරන්නේ කව්රුද සොයා බලන්න. එතකොට තේරේවි.

:       0       1

agith Tuesday, 07 April 2020 09:38 AM

මෙහිදී ගොපලු න්‍යාය පාවිච්චි කළ යුතුයි.ගවයන් පාලනය කිරීම සඳහා ඔහු කෙවිට භාවිතා කරයි.

:       4       46

anura Tuesday, 07 April 2020 10:28 AM

බැසිල්ට මොකක්ද තියෙන අමාරුව ?.එයා කවදාවත් රටේ සාමාන්‍ය මිනිසුන් වගේ පෝලිම් වල ගිහින් එළවලු ගන්නේ නැහැනේ.

:       283       368

Simiyon_gam5Tuesday, 07 April 2020 11:04 AM

පිස්සු කියවන්න එපා.පෝලිමේ යන්න ක්‍රමයක් තියෙනවා. රට ගිනි අරන් අපි මරණ බයේ ජීවත් වෙනවා. ඒකයි මිනිස්සු කියන්නේ. වැඩ කරන්නේ අපේ යහපතට කියල හිතා ගන්නවා නම් හොදයි. කිසිම මොලයක් නැති පිස්සු යක්කු වගේ කියවන්න එපා. ප්‍රශ්නේ බැරෑරුම්කම වටහාගෙන කමෙන්ට් කරන්න.

:       63       4

lalithm Tuesday, 07 April 2020 10:35 AM

ඔක්කොම වහනවා කිව්වම රටේ බොහෝ පළාත්වල ආහාර සැපයීම් පිලිබඳ ප්‍රශ්න මතුවෙනවා. මිනිසුන් ගෙවල් වලට සීමා කරන්න සහ සන්සුන් කරන්න අවම ආහාර ප්‍රමාණය නොකඩවා සපයන්න ඕනේ. තොග රැස් කරන්න හැමෝටම බැහැ. වහනවා කිව්වම පොඩි මිනිස්සු බය වෙලා තොග එකතු කරන්න පටන් ගත්තොත් මුලික අවශ්‍යතා සඳහා ඔවුන්ට මුදල් හිඟ වෙනවා වගේම භාණ්ඩ හිඟයත් වැඩි වෙනවා. කළු කඩ බෝවෙන්න පටන් ගන්නවා. පාලනය කළ හැකි විදියට මිලට ගෙන බෙදා හරින්න ඕනේ. තොග වෙළෙන්දන් පමණක් සැපයුම්කරු සමග කරන වෙළදාම සිදුවිය යුතුයි.

:       0       2

සාරසී Tuesday, 07 April 2020 11:00 AM

හැබැයි ඉතින් ගොවියන්ට නියම මිලක් ලැබේවිද? අතරමැදියන් මිල පාලනය අතට ගනීද? එලවලු මිල මිනිසුන්ට දරන්න බැරි වේවිද? රජයට මේ ගැනත් හොයා බලන්න වෙයි දැනටමත්... ගේන එලවලු මිල වැඩියි...

:       0       1

vipula Tuesday, 07 April 2020 11:49 AM

සතොස හා ප්‍රධාන ෆුඩ් සිටි දෙක ගොවියා ලගට ගිහින් අස්වැන්න අරගෙන සියලුම අලෙවි හල් වලට ගෙනත් විකුණුව නම් ඉවරයි .

:       0       2

lanka Tuesday, 07 April 2020 11:52 AM

මට තේරෙන්නේ නැහැ ලංකාවේ මිනිස්සු කොරෝනා වලට ඔච්චර බය ඇයි කියල .. මැරෙන්න බය හින්දද ? මොනවා තිබිලද මේ ගොඩක් මිනිස්සු මැරෙන්න බය? අච්චර සල්ලි තියෙන ඉතාලි ජාතිකයෝ වගේ ඉන්න බැරි ඇයි ? තාම ඉතාලි ජාතිකයෝ මේ ලෙඩේට බය නැහැ . කතාවට නම් කියන්නේ මැරෙන්න බය නැති කට්ටිය කියල ...

:       69       1

jayantha Tuesday, 07 April 2020 02:42 PM

අනුර, ගොනෙක් උනාට කමක් නැහැ. රටට ඇහෙන්න උම්බෑ ගාන්න එපා.

:       1       6

jayantha Tuesday, 07 April 2020 03:41 PM

අනුර, ගොනෙක් උනාට කමක් නැහැ. රටට ඇහෙන්ට උම්බෑ ගාන්න එපා.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 166 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1500 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1268 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 733 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1812 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 89 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site