IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


දකුණු කොරියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයෝ ආපසු යන්න අවසර ඉල්ලති

(අප්සරා යෝසිත් විජේසූරිය)

දකුණු කොරියාවේ සේවය කරන ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයන්ගේ  කොරියා ලංකා සහෝදර එකමුතුව  නම් සංවිධානයේ නියෝජිත පිරිසක් විසින්  රත්නපුර ප‍්‍රදේශයෙහි පැවත්වූ මාධ්‍ය හමුවකදී  පවසා සිටියේ තම රැකියාවන්හි සුරක්‍ෂිත බව සහ ස්ථාවරත්වය ආරක්‍ෂාකර ගැනීමට නැවත දකුණු කොරියාවට යාමට අවස්ථාව සලසා දෙන මෙන් ජනපති ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින බවයි.

රැකියා සඳහා ලබාගත් වීසා මත දකුණු කොරියාවේ සේවය කරන ලාංකීය ශ‍්‍රමිකයන් වන මෙම පිරිස මේ වසරේ ඔවුන්  ලද නිවාඩුවදී ශ‍්‍රීලංකාවට පැමිණි බවත්, පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ නැවතත් ඔවුන්ගේ රැකියාව සඳහා  දකුණු කොරියාවට යාමට නොහැකිවීමෙන් මතුව තිිබෙන අර්බුදකාරී තත්වය පිලිබඳව මෙසේ අදහස් දැක්වූහ.

කොරියා ලංකා සහෝදර එකමුතුව සංවිධානයේ  කැඳවුම්කරු රොෂාන් වික‍්‍රමනායක මහතා මෙසේ කිය.

‘‘අපි  දකුණු කොරියාවේ සේවය කරන ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයන්. අපි ලංකාවට ආවේ, අපට ලැබුන නිවාඩුවට. දැන් තිබෙන තත්වය මත රටවල් අතර, ගුවන් ගමන් තාවකාලිකව  අත්හිටුවා නවතා දමා තිබෙන්නේ. ඒනිසා අපට ආපසු දකුණු කොරියාවට යාමට නොහැකිව තිබෙන හේතුව මත අපගේ රැුකියාවන් අහිමිවී යාමේ අවදානමට අප මුහුණදී තිබෙනවා.

ලංකාව පුරා විවිධ ප‍්‍රදේශවලින් දකුණු කොරියාවේ රැකියාවල නිරත අප සංවිධානයේ දෙසිය පනහක් පමණ පිරිස මෙසේ නිවාඩුව ලබා ලංකාවට පැමිණි අය අතර සිටිනවා. සාමාන්‍යයෙන් නිවාඩුව දවස් 30ක් පමණ. දැන් ඒ කාලය ඉකුත්වූ අයත් ඉන්නවා.

වඩාත්ම අර්බුදකාරී  තත්වය  නම් වසර තුනක වීසා නිකුත් කිරීම් මත දකුණු කොරියා රැකියාවන්හි නිරතවන අප වැනි ලංකාවේ ශ‍්‍රමිකයන්ගේ රැුකියාවේදී එම තෙවසර නික්මයාමත් සමඟ නැවත සිවුවන වසර සඳහා වීසා ලබාගැන්ම අප සේවය කරන ආයතන ප‍්‍රධානියාගේ අනුමැතිය සහ අභිමතය මත සිදුවන්නක්වීම. මේ නිසා අප  එරට  රැුකියා සඳහා ගොස්  වසර තුන සම්පූර්ණවීමට ආසන්නව තිබියදී එහි  අපගේ සේවා ස්ථානවල  සේවයට වාර්තා කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතු අත්‍යාවශ්‍ය කටයුත්තක්. එසේ නොකළහොත් එරට පවතින නීති අනුව නැවතත් දකුණු කොරියාවේ රැකියා සඳහා වීසා ලබාගැනීමට හැකියාවක් නෑ.



අදහස් (19)

දකුණු කොරියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයෝ ආපසු යන්න අවසර ඉල්ලති

Vajira Sunday, 26 April 2020 03:52 PM

ආණ්ඩුවෙ ඒ ඉල්ලීම ඉටු කරනවා.... රට ඉන්න අය ලංකාවට එන්න දෙන්නෙ නැති වුණාට මොකද රට දුවන්න විදේශ විනිමය ඔනෑනේ...

:       124       261

අප්පු Sunday, 26 April 2020 04:55 PM

නියම කුහකයෝ. ඒ රටට කෙලවෙනකොට මෙහෙට පැන්නා. මෙහෙට කෙල වෙනකොට එහෙට පැන්නා...

:       802       775

nishaMonday, 27 April 2020 02:33 AM

චන්දෙ දාන්න එන කොට නම් රට විරුවෝ ...

:       0       0

lalMonday, 27 April 2020 06:53 AM

කුහක කොමෙන්ට් එකක්.

:       1       3

kapMonday, 27 April 2020 07:10 AM

නිකන් කන්න 5000 ගානේ හෑමදාම දෙන්න බෑ. මේ රට දුවන්න විදේශ විනිමය එවන්නේ ලෝකෙ වටේ ඉන්න මේ වගේ කට්ටිය තමයි. නමෙන්ම තේරෙනවා ළිං මැඩියෙක් කියලා.

:       0       4

BamunuarachchiWednesday, 29 April 2020 04:58 PM

අමු මැට්ටෙක්. ඒ ගොල්ලෝ රැකියාවත් බේරාගෙන ඩොලරයකින් හරි මේ අමාරු අවස්ථාවේ විදේශීය විනීමය රටට දෙන්න...

:       0       0

[email protected] Sunday, 26 April 2020 04:58 PM

කාලකණ්ණි.. එහෙ වැඩිවනකොට මෙහෙට ඇවිත් හොදට තිබුණු ලංකාවම කාලා. දැන් මෙහෙ වැඩිවන කොටයි ජොබ් එක මතක් වුණේ... නුඹලා ආවෙ ලංකාවට බෝ කරලා යන්නද?

:       855       1002

lalMonday, 27 April 2020 06:54 AM

මෙන්න තවත් කුහක කොමෙන්ට් එකක්.

:       9       14

සුරංග Sunday, 26 April 2020 05:14 PM

ඉන්න රටක ඉඳපල්ලා. තාම මෙහේ මැරෙන්න පටන් ගත්තෙ වත් නෑ... ඇඳිරි නීතිය ඉවත් කලාම හැඳුනුම්පතේ අවසන් අංක පිලිවෙලට ලෙඩේ හදා ගන්න පුලුවන්.

:       277       375

mal mamaMonday, 27 April 2020 01:28 AM

කට්ටියට පාස්පෝර්ට් එකේ අනිතිම අංකයට අනුව රට යන්න පුලුවන්. දැන් තියෙන ගුවන් ටිකට් ගැන දැනගන්න පුළුවන් නේ.

:       0       0

Anton Austria Sunday, 26 April 2020 05:40 PM

මෙ අයව නෙරපලාම යවන්න ඕනේ... මුන් එහේ ගිහින් ආයේ ලංකාවට බනිනවා... මුන්ව ගත්තට වඩා හොදයි ගත්තේ නැතිනම්...

:       775       869

lalithm Sunday, 26 April 2020 05:41 PM

මේ මිනිස්සු බොහෝ සල්ලිකාර තොත්ත බබාලා වගේ අපිටත් අන්ත පිට රටවල තුට්ටු දෙකේ උපාධි කඩවල ඉගෙනගෙන බටහිරට සංක්‍රමණය වෙන්න යන අයවලුන් නොවෙයි. තම පව්ලේ ආර්ථික සුරක්ෂිත භාවය සඳහා දිවි කැප කරන සේවකයින්. අනෙක ඔවුන් එවන සල්ලි ටික දැන් අපේ රටට ඉස්සරටත් වඩා වටිනවා. මේ ඉල්ලීම හැබැවට වටිනා දෙයක්. ගුවන් යානයක් කොරියාවට යැව්වට කිසිම දෙයක් රටට නැති වෙන්නේ නැහැ. ගිය සල්ලි හම්බවෙනවා. අනාගතයේ සිය දහස් ගුණයෙන් ..

:       582       865

Dharme Sunday, 26 April 2020 06:07 PM

මෙතන රාජපක්ෂලාගේ හා කැබිනට් ඇමැතිවරුන්ගේ දේවල් නැතිනිසා වැඩෙ වෙයිද කියා කියන්න බැහැ.

:       735       1175

chithrananda Monday, 27 April 2020 12:20 AM

යන එක හොඳයි. මෙහෙ වැඩේ අනාගෙන ඉන්නේ..

:       0       0

dare Monday, 27 April 2020 12:58 AM

පොඩ්ඩක් ඉන්න. චන්දෙ ඉවර උනාම යන්න හදල දෙයි.

:       0       0

Rohana Monday, 27 April 2020 01:52 AM

කොහේහරි රැකියාවක් කිරීම කෙනෙකුගේ අයිතියක්. එයට විරුද්ධ නොවිය යුතුයි. ඒ අය කැමති නම් යාමට ඉඩදිය යුතුයි. ප්‍රශ්නය තිබෙන්නේ කොරෝනාවෙන් බේරී වැඩකල හැකිද කියන කරුණයි.

:       0       0

Noah Yoo Monday, 27 April 2020 03:33 AM

එවන්න එපා. මොකද මෙහෙට කොරෝනා හැදෙන කොට අමතක කරලා ගියා. දැන් එන්න දගලනවා. මුන්ට ජොබ් දෙන්න හොද නැ.

:       0       0

නිලන්ග Monday, 27 April 2020 03:50 AM

මෙහෙ පාර්ලිමෙන්තුව රුස් කරන්න බයයි. මොකද කොරෝනා සල්ලි හම්බවෙන ඒවට මොනවද වුණේ කියලා මහජනතාව දැන ගනීවි කියලා... සුනාමි සල්ලි වලට මොනවද වුණේ කියලා මුලු රටම දන්නවනේ...?

:       0       0

Mahesh Monday, 27 April 2020 07:07 AM

යන්න ක්‍රමවේදයක් හදලා දෙන්න. මොකද රටට විදේශ විනිමය අවශ්‍ය මොහොතක් මේක. සමහර අය මේ මිනිස්සුන්ට බනින්නේ පැහැදිලි ඉරිසියාවට මිසක් වෙන දේකට නෙවේ.

:       79       205

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1138 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 717 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 925 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 800 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1492 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site