IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ණය ගැනීම ඉහළ දැමීමේ යෝජනාවක් වහාම පාර්ලිමේන්තුවට ගේන්න

රංජන් කස්තුරි
 
වසංගත තත්ත්වයෙන් පැන නැගී ඇති හදිසි සහ අනපේක්ෂිත අවශ්‍යතා සැලකිල්ලට ගෙන ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
එසේ නොකළහොත් වසංගතය පාලනය කිරීමට ලෝක බැංකුව ලබාදුන් ණය ගැනීම ප්‍රමාද විය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ.
 
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.
 
 
‘‘2020 ජනවාරි 01 සිට 2020අප්‍රේල්02 දක්වා කාලය තුළ රජය ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හරහා ඩොලර් බිලියන 650.15 ක්  ලබා ගෙන තිබෙන අතර එය චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් ණයක් ලෙස සහ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල මූලික වෙන්දේසියෙන් ලබා ගෙන තිබේ.තවද, මහ බැංකුවේ රජයේ සුරැකුම්පත් සහ මහ බැංකුවේ විවෘත වෙළඳපල මෙහෙයුම් පිළිබඳ වෙනත් දත්ත මගින් අය-වැය හිඟය පියවීමට සැලකිය යුතු සෘජු මූල්‍යකරණයක් සිදු කරයි. මෙය රජයේ ණය ප්‍රමාණයට එකතු වීමෙන් ණය තොගය තව දුරටත් වැඩි වේ.
 
‘‘2020 ජනවාරි 1 සිට 2020 අප්‍රේල් 30 දක්වා කාලය සඳහා 2019 ඔක්තෝබර් 23 දින පාර්ලිමේන්තුවේ යෝජනාවක් මගින් අනුමත කරන ලද ණය ගැනීමේ සීමාව රු. බිලියන 721 කි. පසුගිය වසරේදී භාණ්ඩාගාරය විසින් 2019 අප්‍රේල් 3 සිට 2019 අප්‍රේල් 30 දක්වා කාලය තුළ බිල්පත් හා බැඳුම්කර බිලියන 194 ක් නිකුත් කරන ලදී. එබැවින් ණය ගැනීමේ සීමාව අතික්‍රමණය  වීමට  ආසන්න බව තහවුරුවේ.
 
 ණය ගැනීමේ සීමාව ළඟා වූ පසු, රාජ්‍ය ණය නිකුත් කළ හැකි නීතිමය අධිකාරි බලයක් රජයට නොමැත. එහි ප්‍රතිපලයක් වශයෙන්, මෙම අර්බුදය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් රැස් කිරීමේදී රජයට දැරිය නොහැකි අභියෝගයන්ට මුහුණ දීමට සිදුවනු ඇත.මෙම නෛතික සංකූලතා හේතුවෙන්, COVID-19 ට එරෙහිව සටන් කිරීම සඳහා ලෝක බැංකුව විසින් ලබා දී ඇති ඩොලර් මිලියන 128 (රුපියල් බිලියන 24.4) ක මෘදු ණය ලබා ගැනීම ප්‍රමාද විය හැකිය. 
එබැවින්, වසංගතයෙන් පැන නගින මෙම හදිසි හා අනපේක්ෂිත අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීම සඳහා වහාම පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙන එන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිමි.ණය ගැනීමේ සීමාව වගකීමෙන් යුතුව වැඩි කරන එවැනි යෝජනාවකට සමස්ත පාර්ලිමේන්තුවම සහාය දෙන බව මට විශ්වාසයි.’’



අදහස් (38)

ණය ගැනීම ඉහළ දැමීමේ යෝජනාවක් වහාම පාර්ලිමේන්තුවට ගේන්න

Dilan Wednesday, 08 April 2020 07:47 AM

රටට තවදුරටත් ඔයාගේ අදහස් අවශ්‍ය නෑ. කරුණාකර පැත්තකට වෙලා ඉන්න.

:       3033       2393

mahakande vijithasiri Wednesday, 08 April 2020 07:55 AM

බැංකු සහ නිධන් හොරු තමයි ඉන්නේ...

:       183       457

saliya Wednesday, 08 April 2020 08:13 AM

ආර්ථිකය කඩා නොවැටෙන්න මෙම පියවර ගැනීම අත්‍යාවශ්‍ය නම් පක්ෂ නායකයින් හා සාකච්චා කර එකඟත්වයක් ලබා ගෙන පියවර ගන්න. තිබුනේ පොහොට්ටුවේ අගමැති කෙනෙක් යටතේ වූ ඇමති මණ්ඩලයක්. ඔවුන් අනවශ්‍ය බලපෑම් කිරීම වලක්වා ගැනීම ජනාධිපති තුමාට අපහසු නැත.

:       27       55

ලුම්බිණි Wednesday, 08 April 2020 08:13 AM

අදහස නම් හොඳයි. ඒත් විසිරවපු පාර්ලිමේන්තුව කොහොමද නැවත රැස් කරන්නේ?

:       1       15

Raveendra Wednesday, 08 April 2020 08:14 AM

අප කිසිවෙකුට කඩේ යනවා හෝ කිසිවෙකුට අපහාස කරනවා ලෙස මෙම අදහස් කාරුණිකව නොදකින්න. අප මතෘබුමියට අවංකව ආදරය කරන දුප්පත් පුරවැසියන් ලෙස මෙම මුසල මුණු නැවත වරක් "අපායෙදිවත් " දැකීමට අකමැති බව ප්‍රසිද්ධියේම සදහන් කරන්නෙමු. අපට කිසිදු පාටක් හෝ පක්ෂයක් නොමැත.

:       522       425

Rishantha Wednesday, 08 April 2020 08:15 AM

අම්මෝ ඔයාල ගෙදර ඉන්න...

:       54       69

wimal Wednesday, 08 April 2020 08:15 AM

ගෙවත්තේ වැඩක් කරගත්තොත් හොදයි පරණ මුදල් ඇමති....

:       2       67

saman Wednesday, 08 April 2020 08:34 AM

රටම බංකොලොත් වෙලා ඉන්න මේ වෙලාවේ කිසිම වැඩකට නැති ඔයාලව පාර්ලිමේන්තුවට ගෙනත් කන්න බොන්න පිනට දීල කෝටි ගණන් කප්පන් ගෙවලා නඩත්තු කරන්න මේ රටේ මිනිස්සුන්ට කිසිම අවශ්‍ය තවක් නෑ.

:       0       0

Senarath Wednesday, 08 April 2020 08:35 AM

කලින් යෝජනාව ගෙන්න හැදුවම බැහැ කිව්වනේ. ඒකනේ ආණ්ඩුව විසුරුවේ. දැන් මොකද පඩිය නොලැබෙන නිසා සහ වෙනත් වාසි නැති නිසා අමාරුද? ඒ සල්ලි වලින් අහිංසක ජනතාවට සහන දෙන්න පුළුවන්. 63 කගේ පැන්ෂන් එක නැවතුනු එකම පොඩි ගණනක්ද? දැන් රජයේ සේවකයෝ ජනපතිට සහය දීල පෙන්නලා තියෙනවා "දේශපාලුවෝ" නැතිව රට දුවන්න පුළුවන් කියල.

:       94       107

Wasantha Wednesday, 08 April 2020 08:39 AM

රට කරන්න අය ඉන්නවා. දැන්වත් පැත්තකට වෙලා හිටියොත් හොදයි. මෙයාලා හිතන් ඉන්නේ මෙයාලා නැතිව රට කරන්න බැහැ කියලා... මෙ වගේ අය අයින් කරලා දාන්න කාලෙ දැන්....

:       61       84

amila Wednesday, 08 April 2020 08:40 AM

දැන් හොඳම දේ තමයි ඇදිරි නීතිය දාලා ජන්දයක් තියන එක. සමාජ දුරස්ථභාවය රඳවාගෙන චන්දේ දාලා යන එක මහා දෙයක් නෙමේ. ආපහු පරණ යහපාලන හොරුන්ට නම් පාර්ලිමේන්තුවේ බහුතරේ දෙන්න එපා. එකෙන් වෙන්නේ මේ කරගෙන එන වැඩ පිළිවෙල සම්පූර්නෙන් අඩපන වෙලා ලංකාව යුරෝපේ මට්ටමට වැටෙන එක විතරයි වෙන සෙතක් නම් වෙන්නේ නෑ.

:       69       84

Wasantha Wednesday, 08 April 2020 08:41 AM

ඔය කරුමේ පාර්ලිමේන්තුව කියනකොටත් අපිට යකා නගිනවා. ඕක ඕන නැහැ මේ යන විදිහ හොඳයි.

:       3       65

මහසෙන් Wednesday, 08 April 2020 08:50 AM

ආහ් ඇවිල්ලා එලියට... සියල්ල දත් මාතර රැඩිකල්.

:       74       90

Sidath Wednesday, 08 April 2020 08:57 AM

මොන මඟුලකටවත් ඒ පාර්ලිමේන්තුවනම් ආයෙ රැස් කරන්න එපා. ඕකෙ ඉන්න අති බහුතරයක් මේ රටට විරුද්ධ පරගැතින්. අනිවාර්‍යයෙන් මේ යන වැඩපිළිවෙල කඩාකප්පල් කරලා මේක ඉතාලියක් කරනවා, දෙකක් නෑ.....

:       80       106

Oshan Wednesday, 08 April 2020 09:22 AM

පාර්ලිමේන්තුව අනවශ්‍යය බව ඒත්තු ගන්වලා ඒකාධිපති ගමනකට පාර හදාගන්න කොරෝනා වෛරසය හාවිතා කරන බව උගත් බුද්ධිමතුන්නම් වටහාගෙන ඉන්නෙ. නමුත් රටේ බහුතරයක් රැවටිය හැකි නිසා මේ රජය ලස්සනට මිනිස්සු රවටමින් ඔවුන්ගේ ඉලක්කය සපුරා ගනිමින් සිටින්නේ.

:       277       271

Athula GunasenaWednesday, 08 April 2020 11:30 AM

ඔෂාන් ඔයා පව් නේද?

:       44       61

KasthuriWednesday, 08 April 2020 01:28 PM

ඔශාන් අපිට කියන්නකො... ඔයාගෙ අංකුට්ටම දැන් පරන වෙලාද තියෙන්නෙ කියල. එහෙම වුණොත් ඔයාට පුලුවන් අලුත් අං කුට්ටමක් ඉල්ලගන්න....

:       35       51

chandimaWednesday, 08 April 2020 06:27 PM

රෙද්දක් කියවන්නේ නැතුව ඉන්න...

:       2       3

wije Wednesday, 08 April 2020 09:27 AM

අනේ ආයෙත් පර්ලිමේන්තුත් එපා. ඡන්දත් එපා. මැති ඇමතිවරු , මන්ත්‍රීවරුත් එපා. එයාලා හිටියා කියලා මෙච්චර කාලෙකට මේ රටට වුනු යහපතක්නම් නැහැ. මහජනයාගේ මුදල් ගසාකාල මේ රට විනාශ කරපු එක තමයි එයාලා කලේ. අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා හමුදාවත් එක්ක මේ යනවිදියටම ඔහොමම වැඩ කරගෙන යන්න.

:       100       110

Ruwan R Wednesday, 08 April 2020 09:31 AM

පාර්ලිමේන්තුව රැස් කරගන්න අලුත් තුරුම්පුවක් ගහල වගෙයි.

:       84       105

kingsley Wednesday, 08 April 2020 09:34 AM

ඩොලර් බිලියන 650.15 ක් ? විය නොහැක.

:       0       25

Aris Wednesday, 08 April 2020 09:35 AM

ණය ගැනීම ඉහළ දැමීමේ යෝජනාවක් ගෙනාවට කවුද ණය දෙන්නේ මේ අවස්ථාවේ?

:       0       17

චමින්ද Wednesday, 08 April 2020 09:43 AM

හිටපු ඇමතිගේ කතාව වැරදිනම් දිලාන් සහ මහකන්දේ විජිතසිරි මහත්වරු දෙදෙනාම පවතින ගැටළුව විසදන ආකාරය රටට පැහැදිලි කරන්න. මම එහෙම කියන්නේ ණය සීමාව වෙනස් නොකර ණයක්වත් ගැනීමට හැකියාවක් නැති නිසාය.2020.04.30 දිනෙන් පරිපූරක ඇස්තමේන්තුවෙන් වෙන්කළ මුදල්ද අවසන් වීමෙන් පසුව වියදම් කරන්නේ කුමන මුදල්ද ?

:       96       83

දයාන් Wednesday, 08 April 2020 09:44 AM

මේ උත්සාහය පනත් සම්මත කිරීමට නොවේ . පාර්ලිමේන්තු කාලය කල් පුරවා විශ්‍රාම වැටුප් සිය සගයින්ට ලබා දීමට විය හැකිය.

:       7       66

sakuni Wednesday, 08 April 2020 09:52 AM

ගෙනාපු වෙලාවේ විරුද්ද වෙලා දැන් බලනවා පාර්ලිමේන්තුවට රිංගලා රටම හුරන් කන්න. දේශපාලුවෝ.

:       5       97

N.PERERA Wednesday, 08 April 2020 10:12 AM

පව් අසරණ අම්මා...

:       1       25

අජිත් Wednesday, 08 April 2020 10:13 AM

මොහුගේ උදව් ලබා ගැනීම ඉතා භයානකයි.

:       1       68

prakaash Wednesday, 08 April 2020 10:24 AM

මේ ද්‍රෝහියා සැරසෙන්නේ තවත් කුමන්ත්‍රණයකටයි. පුලුවන්නම් රජය අපහසු වන ව්‍යවස්ථා මගඩියකට අර ඇඳීමයි. මුදල් සම්මත කර ගැනීමකටත් සහයෝගය නොදුන් මොහු කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරද්දී කළේ මොනවාද? රට ජාතියට එරෙහි වන මොවුන්ව හෙළා දැකිය යුතුය.

:       55       260

DM Wednesday, 08 April 2020 10:27 AM

ඒක පිටින් දාලා පාර්ලිමේන්තුව රැස් කරලා තමුන්ගේ පිං පඩි අරගෙන රට තවත් අමාරුවේ දාන්න නේද හදන්නේ? අපි නොදන්නවාද ඕක ?

:       10       155

Cisco Wednesday, 08 April 2020 10:32 AM

මෙම යෝජනාව පාර්ලිමේන්තුව ගෙන එන්න සූදානම් වුනාම එය පරාජය කරන බව පාර්ලිමේන්තුව විසුරුවාලීමට පෙර පැවසුවේ ඔබලාම නේද ? බයිලා එපා මහත්තයෝ.

:       2       145

mangala Wednesday, 08 April 2020 10:36 AM

බඩගින්නේ ඉන්නම්. ඔබලාට වාසි ගන්න දෙන්නේ නැහැ.

:       21       170

sisra Wednesday, 08 April 2020 10:40 AM

දවසට ලක්ෂ 90 වියදම් කරලා පාර්ලිමේන්තුව රැස්කරන්න කියන්නේ ඇයි? දැන් සියලු තනතුරු අහෝසිවෙලා ඉවරයි. දැන් යන ක්‍රමය හොඳටම හොඳයි. රට පාවාදීපු රාජ්‍ය ද්‍රෝහියා දැන් රට ගැන කතාකරනවා.

:       17       136

nimali Wednesday, 08 April 2020 11:25 AM

කරන තරමක් කලේ රටට ද්‍රෝහිකම්ය. කරන තරමක් කලේ ජනතාව මුලා කිරීමය .කරන තරමක් කලේ ගරුතර සංගයාවහන්සේලාට කැත ආකාරයට කතා කිරීම... රටේ සිටින මුර දේවතාවන් බඳු ආරක්ෂක හමුදාව පාවාදීමය. කරන තරමක් කලේ ලක් අම්මා විකුණගෙන කෑමය. කරන තරමක් කලේ විදේශිකයන් ගහන පදේට නැටිමය. මුළුමනින්ම කලේ රට විනාශය කරා ඇද ගෙන යෑමය. මෙවැනි අයෙකුගෙන් යෝජනා වලින් අපිට වැඩක් නැහැ. මේ යන ක්‍රමය අපිට හොදයි. ඔහේගේ වැඩක් බලාගෙන ඉන්න එකයි ඇත්තේ....අපට පවු නොදී...

:       0       76

Saman Wednesday, 08 April 2020 12:04 PM

කොටියාගේ කටක් කතාකරයි.

:       8       51

Shehan Wednesday, 08 April 2020 12:47 PM

අට පාස් අපේක්ශකයට කඩේ ගිය නොවැඩුනු මොලයක් සහිත කොටියෙකුගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?

:       25       36

Thusitha Wednesday, 08 April 2020 01:18 PM

ඩොලර් බිලියන 650.15 ක්?පිස්සුද හැටිද? ගණන් ටීචර් කවුද?

:       0       12

chandima Wednesday, 08 April 2020 06:25 PM

මෙයත් හරියට පැන්සොන් ගිය රාළහාමි කෙනෙක් වගේනේ? තවම හිතන් ඉන්නේ මුදල් ඇමති කියලද? ඔයත් දැන් මේ අපි වගේ නිකන්ම නිකන් චන්දදායකයෙක් විතරයි. ඒත් ඉතින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන නිසා කැමති දෙයක් කියන්න. ඕනෑම නම් පාරේ යනකොට මල්මාලයක් එහෙමත් දාගෙන යන්න පුළුවනි. අර හොරකම් කරපු මහබැංකුවේ සල්ලි ආපසු දුන්න නම් මේ කිසි හිගයක් නැහැනේ?

:       2       16

සමන්ත Wednesday, 08 April 2020 08:40 PM

මෙතැන අදහස් දක්වා ඇති වැඩි හරියක්ම දේශපාලනය, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හෝ ආර්ථික විද්‍යාව දන්නා ගණයට නොවැටෙන, හොර තක්කඩි මගඩි මංකොල්ලකාර දේශපාලුවන්ට කඩේ යන ගොබ්බ වහලුන්ය. ඔවුන් මංගල යනු කවුද යන්නවත්, කියන්නේ කුමක්ද නොදැන කටට එන වචන එලියට දමන ගොබ්බ වාහෙලාය. ඔවුන් සමග රට ගොඩනැගීම කෙසේ වෙතත් සාර්ථකව වනචාරි ජීවිතයක් ගත කිරීමද විහිලුවක්ය.

:       32       21

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1138 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 718 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 926 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 800 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site