IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඩකා නුවර අතරමංව සිටි සිසුන් 73ක් ලංකාවට රැගෙන එති

(ටී.කේ.ජී.කපිල )


ලොව පුරා පැතිර යන කොවිඩ් - 19 වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 73 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද 27 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

අද රාත්‍රී 9.00 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1423 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම සිසුන් ඩකා නුවර රැදී සිටි ආකාරයට කුඩා කණ්ඩායම් වශයෙන් ගුවන් යානය තුළ ද අසුන් ගන්වා තිබූ අතර , ඔවුන් ගුවන් යානයෙන් පිටතට ගැනීම ද ඒ ආකාරයටම සිදු කෙරුණි .

ගුවන් තොටුපළ තුළ දී විශබීජ හරණයට ලක් කළ මෙම සිසුන් , පසුව කොවිඩ් - 19 රෝග ලක්ෂණ මෙම සිසුන් තුළ තිබේදැයි විමසා බැලීම ද සිදු කෙරුණි .

ඉන් පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා විශේෂ බස් රථ මගින් මෙම සිසුන් රැගෙන යෑම සිදු කෙරුණි .



අදහස් (5)

ඩකා නුවර අතරමංව සිටි සිසුන් 73ක් ලංකාවට රැගෙන එති

lalithm Monday, 27 April 2020 06:29 PM

තරහට කියනවා නොවෙයි. මේ යන්නේ අපේ ළමයි. රටේ සල්ලි වියදම් කරලා. ඒවගේම මේ අයගෙන් සැහෙන ගණනක් රජයේ හෝ සමාගම් වල ඉහල තනතුරු දරන්නන්ගේ ළමයි. කොහෙද මේ ඉගෙන ගන්න යන්නේ. බංග්ලාදේශයට , නේපාලෙට. ඒ ළඟ සැරේ ඉතියෝපියාවට, සුඩානෙට නොගියොත් පුදුමයි. අපේ රටේ දියුණු අධ්‍යාපන ආයතන හැදෙන එක වලක්වා මේ කසි කබල් අධ්‍යාපන කඩ ගානේ මේ අයව යවන්න රතු මල්ලිලත් වග කියන්න ඕනේ.

:       0       0

බොරළුගොඩ පිනා Monday, 27 April 2020 10:37 PM

2019 දෙසැම්බර් වන විට ලොව පුරා අනෙක් රටවල් මේ සඳහා විද්‍යාත්මකව සුදානම් විය. නමුත් අපේ රටේ පාලකයන් පැවසුවේ නැනෝ තාක්ෂණයෙන් ගුවන් තොටුපොලෙන් වයිරසය රටට පැමිණීම නවතා ඇතිබවයි. ලංකාවේ විදේශ ඇමතිවරයාගේ කටින්ම එය පැවසීමද සියවසේ මහා විහිලුවකි. විද්‍යාත්මකව ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වයෙන් පමණක් SARS-CoV-2 2019 වයිරසය ආසාදිත බව සොයාගත නොහැකි බව රටේ ගොන් පාලකයින් දැන සිටියේ නැත හෝ අසා සිටියේ නැත.

:       1       39

පළමුව කොරෝනා Monday, 27 April 2020 10:40 PM

කොටි ත්‍රස්තවාදී යුද්ධය මෙන් කොරෝනා යුද්ධය ජය ගන්නා බව කීවද කොරෝනා යුද්ධය ජයගැනීමට රාජපක්ෂ ආණ්ඩුවට STRATEGY එසේත් නැතිනම් උපාය මාර්ගයක් නොමැති බව දැන් පැහැදිලිය. එකම උපාය මාර්ගය වී ඇත්තේ මැතිවරණය පැවැත්වීමට පමණි. රටේ කොරෝනා මර්දන ව්‍යාපාරය සඳහා රාජ්‍ය යාන්ත්‍රණය නිසිපරිදි යොදා නොගන්නා රජය ත්‍රිවිධ හමුදාව ඉදිරිපෙල තබා වීශේෂ දැනුම ඇති අය දෙවැනි පෙළ තබා කටයුතු කිරීම දැන්වත් නවතා දැමිය යුතුව තිබේ. ජනතාවට ඇසීම මගින් සෙතක් සිදුනොවේ. මේ වන විට ලංකාවට ලැබී ඇති රුපියල් බිලියනයකට ආසන්න ආධාර මුදල් මගින් SARS-CoV-2 2019 විනාඩි 15 වේ පරීක්ෂණ කට්ටල මිලියන 2.5 ක් වත් ලංකාවට ගෙන ආ යුතුය. එනම් ලංකාවේ ජනගහනයෙන් සියයට 10% වත් ජනතාව ප්‍රතිශතයක් ලෙස බහුලව ජීවත් වන ප්‍රදේශවල සිදු කළ යුතුව ඇත.

:       75       255

thruth Monday, 27 April 2020 10:47 PM

පසුගිය කාලය පුරා හදිසි බෝම්බ ප්‍රහාර වලට ලක්වුනා මෙන් ලංකාව පුරා රෝහල් වලින් කොරෝනා රෝගීන් අසත්‍ය ලිපිනයන් මගින් රෝහල් වල ලියාපදිංචි වීමෙන් රෝහල්වල කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත්කොට නිරෝධායනයට ලක් කිරීමට සිදුවිය. රජය සෑම රෝහලකටම රෝගීන් ඇතුලත් වීමේදී හෝ සායන වලට පැමිණීමේදී පරීක්ෂණ කට්ටල ලබා දුන්නේනම් එවැනි කරදර කිසිවක් සිදුනොවන්නට ඉඩ තිබුණි.

:       0       5

කොරනා නිසා Monday, 27 April 2020 10:52 PM

කොරෝනා නිසා ලංකාවේ වරප්‍රසාද ලාභී ඉහළ පන්තියක් බිහි වී ඇත. කොරෝනා ලංකාවට උදාකළ සත්‍යය මෙය පමණයි.

:       11       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 530 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 105 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 785 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 795 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1197 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1088 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site