(නිමන්ති රණසිංහ)
අත්‍යවශ්‍ය සේවා සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් ගනු ලබන තීරණවලට බාධා වන ආකාරයේ සිද්ධීන් වාර්තා වන්නේ නම්, ඒ පිළිබදව දැනුම් දීම සදහා විශේෂ දුරකතන අංකයක් රජය විසින් හදුන්වා දෙනු ලැබ තිබේ.
දුරකතන අංක 071415160 ඇමතීමෙන් හෝ 0711692692 අංකයට වට්ස්අප් හෝ වයිබර් කිරීමෙන් මේ සම්බන්ධයෙන් දැනුම්දිය හැකිබව අත්‍යවශ්‍ය සේවාවන් සදහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය නිවේදනයක් මගින් දැනුම් දී ඇත.
ජනාධිපති කාර්යාධක බලකාය මඟින් ගනු ලබන තීරණ කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් සියලූ පාර්ශ්ව දැනුවත් කර ඇති බවත් අරලිය ගහ මන්දිරයේ ස්ථාපිත කර ඇති මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය දවස පුරා කි‍්‍රයාත්මක බව ද රජය දැනුම් දෙයි.
මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය ඉකුත් 28 වැනිදා සිට කි‍්‍රයාත්මක වූ අතර මෙමගින් අනාතවට අත්‍යවශ්‍ය සේවවාන් සැපයීමේදී සම්බන්ධීකරණ කටයුතු සහ පසුවිපරම් කටයුතු සිදුකරනු ලබන බවත්, ඒ සම්බන්ධයනේ පමණක් අපහසුතා ඇත්නම් අංක 0113456200 ට හෝ අංක 0112333066 අංකයට ෆැක්ස් මගින් දැනුම් දෙන ලෙසත් රජය මහජනතාවගෙන් ඉල්ලා ඇත.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජනපති කාර්ය සාධක බළකායේ තීරණ වලට බාධා වන සිද්ධි ගැන දන්වන්න අංකයක්
mdd Monday, 06 April 2020 05:35 PM
බුද්ධි අංශ නිලධාරීන් මාව හිර කරනවා වගේ ...
Koralage Tuesday, 07 April 2020 02:11 AM
ඔය කියන කාර්ය සාධක බළකායෙන් ගමේ එදිනෙදා රස්සාවක් කරන අන්ත දුගී දුප්පතුන්ට එන සහන මලු මේ ප්‍රාදේශීය දේසපාලුවන් ඔවුන්ගේ ගෝල බාලයන්ට චන්ද ගන්න බෙදා දෙනවා. මේක අද මුළු රටේම කතා වෙන කතාවක්.තෙවරප්පෙරුම කළුතර අන්ත දුගී දුප්පතුන්ට කරන සේවය ලෝක පුජිතයි.