(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වසංගත රෝග තත්වයට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කර , ඒවා විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇති බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා ප්‍රකාශ කළේය .
මෙම වෛද්‍ය උපකරණ තොගය රැගත් චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් එම්.යූ.- 231 දරන ගුවන් යානය අද (8) දින රාත්‍රී 6.33 ට චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානය තුළ වූ වෛද්‍ය උපකරණ අතර , කොරෝනා රෝගීන් පරීක්ෂා කිරීමට භාවිතා කරන පී.සී.ආර්. කට්ටල 30,000 ක් තිබූ අතර , ඊට අමතරව මුව වැසුම් සහ අත් ආවරණ ද ඇතුළු තවත් බොහෝ වෛද්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් තිබිණි.
එම වෛද්‍ය උපකරණ සියල්ලෙහි මුළු බර කිලෝ ග්රැම් 4,753 ක් බව මෙම ගුවන් සේවයේ ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා පැවසීය .
මෙම වෛද්‍ය උපකරණ තොගය ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින් , ශ්‍රී ලංකා රජය වෙත හෙට දින භාර දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවද චයිනා ඊස්ටන් ගුවන් සේවයේ ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
චීන වෛද්‍ය ආධාර තොගයක් කටුනායකට
amal Friday, 08 May 2020 04:24 PM
බාල ජරාව තමයි... අනික් රටවල් වලින් රිජෙක්ට් කරපුවා මෙහෙට එවනවා.
සනත් ඉතාලිය Friday, 08 May 2020 05:38 PM
පවිත්‍ර නෝනගෙ හාදුව ගිය දුර රාජ්‍යය ත්‍රාන්ත්‍රික හාදුවයි
KKSaturday, 09 May 2020 09:55 PM
වෛද්‍ය උපකරණ තොගයක් චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාගය අගය කරන නමුත් මේ වනවිට ලෝකයේ වෙනත් රටවල් චීනයෙන් ගෙන්වනලද බොහෝ උපකරණ නියමිත ප්‍රමිතියෙන් තොර නිසා නැවත ආපසු යවා ඇත. කැනඩාව විසින් මිලියන 8ක "face mask" තොගයක් සඳහා මුදල් නොගෙවන බව කැනේඩියානු අගමැතිවරයා ප්‍රකාශ කළේය. ලංකාවට චීනයෙන් මිලදී ගත්තද, නොමිලයේ ලැබුණද "face mask" සහ අනෙකුත් වෛද්‍ය උපකරණ නිසි පරික්ෂාවට සහ ඒවායේ ගුණාත්මක භාවය සොයා බැලිය යුතුවේ. මේ අතර ලෝකයේ බලවත් රටවල් මේ වනවිට චීනය පිළිබඳව තිබූ යහපත් ආකල්පය වෙනස් කොට තිබේ...
Binkunndaa Friday, 08 May 2020 06:15 PM
යුරෝපයෙන් ඉන්දියාවෙන් බාල බඩු කියා ආපසු අරප්රවාද දන්නේ නෑ.
tikiri Saturday, 09 May 2020 01:37 PM
බාල බඩු වලින් චීනේ ගොඩ ගියා... යුරෝපේ තවමත් කොලිටි බඩු හොයනවා ඇති .
lanka Friday, 08 May 2020 08:14 PM
ඒ ආධාර තොගයේ ගහලාම එවලා තියෙනවා " චයිනා එයිඩ් ෆෝ ශෙයාඩ් ෆියුචර් කියල"..
padmapriya Friday, 08 May 2020 11:02 PM
චීනය හිතනවා ඇති ලංකාවට covid-19 පාලනය කරගන්න බැරිව ඇති කියලා... එ්ක ඇත්ත වෙන්නත් පුළුවන්...
janis Friday, 08 May 2020 11:14 PM
ඉන්දියාව ඇතුළු මුලුලෝකයම චීන උපකරණ කොරෝනාවලට නුසුදුසු බාලබඩු බව පිළිගනිද්දී අපේ ලොක්කෝ චීනුන්ගේ යටින් තනා අදහස දාන්නේ නැතුව දොහොත් මුදුනින් මේ බදුබර ගන්නවා. ලංකාවට තවත් කුණුගොඩක් එව්වා කියා චීනුන් හිනාවෙනවා ඇති...
sena Saturday, 09 May 2020 05:44 AM
ඕවා බාල බඩු කිව්වා නේද?
sugath Saturday, 09 May 2020 09:38 AM
දින කිහිපයකට පෙරදී කැනේඩියානු රජය චීනෙන් එවූ වෛද්‍ය උපකරණ තොගයක් බාල ප්‍රමිතිය නිසා ප්‍රතික්ෂේප කරා. චීනුන් ඒවා අනිත් රටවලට "ආධාර" ලෙස දෙනවාද දන්නේ නැහැ.
Malawaththage chathurangani kumari peiris Monday, 11 May 2020 02:12 PM
චිනේන් අප රටට කරපු උපකාරෙට ගොඩක් ස්තුතියි...!!!