IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගෙදර සිටින කාලයේදී ගෙවතු වගාවට යොමුවන්නැයි අගමැති කියයි

(නිමන්ති රණසිංහ)

කොරෝනා වසංගතය හමුවේ නිවසේ ගත කරන කාලය තුළ ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීම වෙනුවෙන් ගෙවතු වගාවට යොමුවන්නැයි අග‍්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරිම තුළින් ඉදිරියේදී ඇති විය හැකි ගෝලීය ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණ දීම සදහා මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරිමට වහාම පියවර ගත යුතුව ඇති බවද අග‍්‍රාමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙයි.

මහා පරිමාණ කෘෂි කර්ම වැඩපිළිවෙල ආරම්භ කිරිම සේම ගෙවතු වගාව පිළිබදව අවධානය යොමු කරමින් සෑම බිම් අඟලක්ම වගා කිරිම සදහා අවශ්‍ය පහසුකම් සලසන ලෙසට ද අග‍්‍රාමාත්‍යවරයා ගොවිජන සේවා කොමසාරිස්වරයාට ද උපදෙස් ලබා දී තිබේ.

ගෙවතු වගාව දිරිමත් කිරීම සදහා ප‍්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් අවශ්‍ය පොහොර සහ බීජ නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත්, ඒ සදහා වන උපදෙස් ප‍්‍රාදේශීය කෘෂි නිලධාරින් හරහා ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙසත් අග‍්‍රාමාත්‍යවරයා ගොවිජන සේවා කොමසාරිස්වරයාට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

කොරෝනා වයිරසය හමුවේ නිවසේ ගත කරන කාලය තුළ ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දිම වෙනුවෙන් ගෙවතු වගාවට යොමු වෙමින් ප‍්‍රයෝජනවත් ලෙස ගත කරන්න ලෙසත්, මෙම වසංගතය පාලනය කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙන ලෙසත් අග‍්‍රාමාත්‍යවරයා සියලූ ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි.
 



අදහස් (31)

ගෙදර සිටින කාලයේදී ගෙවතු වගාවට යොමුවන්නැයි අගමැති කියයි

නන්නාදුනන හාදයා Friday, 27 March 2020 02:20 PM

හොඳ ආදර්ශය....ඉතින් ඔබටත් පුළුවන්නේ ඔබගේ ගෙදර වවන්න පටන් ගන්න. ආ...මට අමතක වුනා. ඔබට සල්ලි තියෙනවානේ. අපේ රටේ ජනතාවගෙන් හොරාකාපු සල්ලි. හැබැයි ලොක්කෝ... ඔබට ගෙවන්න සිදුවෙනවා....සොභාදහම් මෑණියන්ගේ ීතිය එයයි.

:       57       191

dilanSaturday, 28 March 2020 03:34 AM

දැන්වත් කොළපාට කන්නාඩිය ගලවන්න. මෙතුමා කියන දෙයට බුද්ධියක් ඇත්නම් ඇහුම්කන් දෙන්න. අද ඩොලර් එක රු 193 පැන්නා. ඉදිරියේ ආහාර අර්බුධයක් අනිවාර්යයි. අනික මෙතුමා කියන්නේ ජනාධිපතිවෙලා හිටපු කාලේ ජනාධිපති මන්දිරෙත් වගාවෙන් පුරවපු මනුස්සයෙක්. ඇත්තටම ඔබලා වගේ දේශපාලන පිස්සෝ මේ වෙලාවේ සමාජයට වපුරන විෂබීජ ගැන රජයට පැමිණිලි කර යුතුයිි.

:       126       14

නන්නාදුනන හාදයා Saturday, 28 March 2020 12:47 PM

මම බලාගෙන ඉන්නම්. ඔබත් මහින්දගේ ගමේ බයියෙක් වගේ පෙනෙන්නේ.

:       0       0

Mf Friday, 27 March 2020 02:25 PM

ඒක ‌හොඳ වැඩක්.......

:       0       4

rana Friday, 27 March 2020 02:41 PM

බොන්නවත් ජලය ගැනීමට ලිඳ හිඳී ඇති අපි වගා කරන්නේ මොනවා දාලාද මහත්තයෝ?

:       312       710

දසුන් Friday, 27 March 2020 02:57 PM

වවන්නෝ දිනන්නෝය.

:       34       176

lalithm Friday, 27 March 2020 02:59 PM

නිවැරදියි. එකඟයි. එහෙත් වැස්ස වලාහක දෙවියනි- අප දෙසත් බලනු මැන. කියල යදින්න වෙලා. වතුර නැතිව පොල් ගසුත් මැරෙනවා. අපේ රටට වැහි දෙවියෝ බලන්නේ නැතුවද?

:       1       99

ගමරාලSaturday, 28 March 2020 01:10 AM

දේවෝ වස්සතු කාලේන..... මෙයින් කියන්නේ රජු දැහැමි වුනොත් කලට වැසි වහිනවා. රටත් සශ්‍රීක වෙනවා කියලයි. දැන් බොන්නවත් වතුර නැතිව කොපමණ දෙනෙක් දුක්විදිනවාද ? ඔහේ දන්නේ නෑ ‌නේද? වැදි බණ අහලම එපාවෙලා ඉන්‌නේ.

:       3       5

සිරිවර්ධන Friday, 27 March 2020 03:01 PM

දැන් නම මේ ආණ්ඩුව කරපු හරිය හොඳටම ඇති. අද වවල හෙට කන්නද? වවපු ඒවගේ අස්වැන්න එනකොට කොරෝනා ඉවර වෙලා තියෙයි. අගමැති කෙනෙක් හැටියට ටිකක් වගකීමෙන් කතා කරන්න ඕන නේද ? ඇඳිරි නිතිය දාන එක වැරද්දක් නැහැ, හැබැයි ඒ එක්කම සැලැස්මක් ඕන. කිසිම සැලැස්මක් නැහැ මිනිස්සුන්ට ගෙවල් වල ඉඳන්ම අත්‍යවශ්‍ය බඩු, බෙහෙත් කොහොමද සපයා ගන්නේ කියල. කියපු ටෙලිෆෝන් නොම්බර එකක්වත් වැඩ නැහැ. අඩුම තරමින් හදිස්සියක් උනොත් 119 ත් වැඩ නැහැ. තනිකරම රගපෑමක් වගේ. බැරි නම් ආමි එකට හරි, සිවිල් ආරක්ෂක එකට හරි දෙන්න කරන්න.

:       499       1363

ChampaFriday, 27 March 2020 03:53 PM

ඇයි දැන් පටන් ගත්තෙම ආමි එකට වැඩේ බාර දීලනේ? ආයේ අලුතින් මොනව බාර දෙන්නද? සංවිධාන ශක්තිය සහ තීරණ ගැනීම අතින් මහේෂ් සේනානායකගේ දූවිල්ලක්වත් වෙන්න බැහැ.

:       518       834

chinthakaSaturday, 28 March 2020 03:38 AM

මහේෂ් සේනානායක කියන ඇමෙරිකාවේ පඩි ලබන ඔත්තුකරු හිටියනම් අද අපේ රටෙත් මිනී වළලන්න වෙන්නේ අර ඉතාලියේ වගේ බැකෝ යන්ත්‍ර උපයෝගී කරගෙන. ඔය නැතුවට රටේ බහුතරයක් ජීවිත අපේක්ෂාව තියා තියෙන්නේ මේ රජය මතයිි.

:       69       3

WijebahuFriday, 27 March 2020 11:04 PM

මෙයා සිරිමාවෝගේ ආණ්ඩුව කාලෙත් හිටියනේ?

:       1       8

Champa Friday, 27 March 2020 03:44 PM

අගමැතිතුමා, ඔබේ ජනාධිපතිවරයා සහ ඔබේ ආණ්ඩුව කොරෝනා ව්‍යාප්තිය අඩු කිරීම සඳහා ඇඳිරි නීතිය දාගෙන කරන මේ වැඩේ හරිම අවිධිමත්. උදාහරනයක් විදිහට ඇඳිරි නීතිය ගලවන වෙලාව හැම තිස්සෙම වෙනස් කරනවා. මිනිස්සුන්ට වෙන දෙයක් ගැන හිතන්න විදිහක් නැහැ වෙලාව බල බල ඉන්නවා මිසක්. හරියට නිශ්චිත වෙලාවක් දා ගන්න බැරි මොකොද? ඇඳිරි නීතිය සහ ආහාර බෙදා හැරීම ගැන බැලුවොත්, මුළු ලංකාවටම ඇඳිරි නීතිය දාගෙන බස්නාහිර පළාතට විතරක්, එයිනුත් එක කොටසකට විතරක් භාණ්ඩ බෙදනවා. හැබැයි අනිත් හැම පළාත්වලටත් ඇඳිරි නීතිය. එතකොට ඒ පැතිවල මිනිස්සුන්ට ආහාර අවශ්‍ය නැත්ද? අනික ගොඩක් මිනිස්සු අතේ සල්ලිත් නැහැ. ඊළඟට මේ මාසේ ඇඳිරි නීතිය දැම්මට පස්සේ කිව්වා ආහාර තව මාස 4-5කට ඇතිවෙන්න තියෙනව කියල. දැන් බලන්න රට සාමාන්‍ය තත්වයේ නම් ඔය කතාව අදාලයි. නමුත් ඇඳිරි නීතිය රටටම දාල, කවද ගලවනවද දන්නේ නැති වෙලාවක මේ ආහාර ප්‍රමාණය මාස 2-21/2 කින් ඉවර වෙන්න පුළුවන්. ඒ මොකොද කිව්වා නම් වෙනද නොකලත් ඇති නැති හැමෝම දැන් වෙනදට වඩා වැඩි ප්‍රමාණයක් මිලට ගන්නවා. තව, ගෙදර නිකම් ඉන්න කොට ආහාර පරිභෝජනය වැඩියි. වියත්තුන්ට ඕව තේරෙන්නේ නැහැ. මේගැන අනාගත සැලැස්ම මොකක්ද?

:       1119       1416

samapathSaturday, 28 March 2020 03:42 AM

පොඩ්ඩක් රූපවාහිනියේ ඉන්දියවෙයි, ඉතාලියෙයි විස්තර බලන්නකෝ. අන්න එතකොට ‌තේරෙයි රජය මොන තරම් මානුෂික විදියට මේ වැඩේ කළමනාකරණය කරනවද කියලා?

:       8       3

Champa Friday, 27 March 2020 06:09 PM

අගමැතිතුමා, ඔබතුමා පක්ෂ නායකයන් කැඳවා ඔවුන්ගේත් අදහස් අරගෙන විධිමත් සහ විනිවිද පෙනෙන කොරෝනා හා සම්බන්ධ සෞඛ්‍යය, ආහාර සංයුතිය පවත්වාගෙන යාම, බෙදා හැරීම හා ඒ ආශ්‍රිත කර්මාන්ත සහ ව්‍යාපාර පවත්වාගෙනයාම, අනිකුත් මහජන සේවා සැපයීම සහ කොරෝා වෛරසය පවතින සහ පසු කාලයටත් අදාළ වෙන විදහට ජනතා සුබසාධන යාන්ත්‍රණයක් සකසන්න පටන් ගත්ත වැඩ පිළිවෙල දිගටම කරගෙන යන්න. වියත්තු සහ ධනවත්තු ඉන්නේ 10%යි. අනිත් 90%ම සාමාන්‍ය මිනිස්සු. ඒ මිනිස්සු ගැන බලන්න බිම් මට්ටමට ගැලපෙන යාන්ත්‍රණයක් හදන්න. ඔන්ලයිනුයි, ඩිලිවරියි, පික්මීයි දන්නේ නැති මිනිස්සු මොන තරම් රටේ ඉන්නවද? ලංකාවේ රැකියා කරන වයසේ ඉන්න මිනිස්සුන්ගෙන් මිලියන් 8.6ක්ම ජීවත් වෙන්නේ ස්ථිර ආදායමක් නැතුව එදා හම්බ වෙන මුදලින්. අගමැතිතුමා, මේ මිනිස්සුන්ගෙන් බහුතරය ඔබේ මිනිස්සු. වියත්තුන්ගේ යාන්ත්‍රණය ඔවුන්ට සංකීර්ණ වැඩියි. ඒ බිම් මට්ටමේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අරලියගහ මන්දිරේ පටන් ගත්ත රැස්වීම දිගටම කරගෙන ගිහින් සාමාන්‍ය ජනතාවට කිට්ටු ඒ මිනිස්සුන්ට තේරෙන විදිහේ සරල යාන්ත්‍රණයක් හදන්න.

:       88       1

lalithm Friday, 27 March 2020 08:16 PM

වියත්මගේ හිටපු පුස්සෝ ටික දැන් කොහෙද? කොහොමත් හමුදාව කරන දේ හොඳටම ඇති. ආහාර, බෙහෙත් බෙදීමත් ඒ ගොල්ලන්ටම දීල ලෙඩුන් සහ ඒ සම්බන්ධ තීරණ ගැනීම රෝහල් කාර්ය මණ්ඩලයට දීලා වියතුන් පැත්තකට පන්නලා රජය සහ පොලිසිය නොහික්මුණ මිනිසුන් පාලනය සඳහා තීරණ දුන්නනම් රට ගොඩ යයි..

:       1       8

Korona Friday, 27 March 2020 08:35 PM

අර පහුගිය කාලේ ක්‍රෝටන් කොල කන්න කිව්ව කියලා තප්පුලාගෙන මැරෙන්න හදපු අය දැන් ජනාධිපතිතුමා ,අගමැතිතුමා කිව්වා කිව්වොත් පිදුරු තණකොළ විතරක් නෙමෙයි. පස් උනත් කයි දේශීය දේශප්‍රේමී කෑම ජාති කියලා...

:       1       0

Chathuri Friday, 27 March 2020 09:21 PM

දැන් ලේලිලා තුන්දෙනෙක් ඉන්න නිසා කියන්න රටේ දේපල බුක්ති විදින්නේ නැතිව නිකන් ඉන්න පුත්තු එක්ක කුඹුරට අරින්න. මාමලා හොරෙන් ගත්තු ඉඩම් එහෙම තියෙනවනේ. ඒවලත් වවන්න කියන්න. මෙපමණ කාලයක් කට්ටියම කෑවේ ජනතාව මහන්සියෙන් හම්බ කරපුදේ. දැන් නුඹලගේ වාරේ වගා කරලා මිනිසුන්ට කන්න දෙන එක.

:       1       60

banda Friday, 27 March 2020 09:42 PM

මහින්ද මහත්තයෝ, ඔබගේ යෝජනාව හොදයි. නමුත් මේ රටේ ීදෙනෙකුට ප්‍රයෝගිකව මේක කරන්න පුලුවන්ද ? ජලය හිග නිසා ලබන කන්නයේ බොහෝ වී ගොවියන්ට තමන්ගේ කුඹුරෙන් භාගයක් කරන්න පමණයි ජලය නිකුත් කරන්නේ කියා දැනටමත් මහවැලි අධිකාරියෙන් දැනුම් දීලයි තියෙන්නේ.

:       5       5

sudath Friday, 27 March 2020 10:12 PM

වතුර තියෙන අයටයි නැති අයටයි කියල නිවේදන නිකුත් කරන්න බැහැ. පුළුවන් අය කරන්න. කලින් ඩබල හිටියනම් අද රට අපායක්. මේක රටට අලුත් අත්දැකීමක්. පිරිමහගෙන ඉවසීමෙන් වැඩ නොකළොත් කාටත් වරදියි.

:       54       1

දයාවතී Friday, 27 March 2020 11:26 PM

කියන්ඩ නම් මොකද බැරි. කරන්ඩ ගියාම තමා අමාරුව දැනෙන්නේ ?

:       1       12

Buddika Saturday, 28 March 2020 01:39 AM

හා හා බොහොම හොඳයි. අපි අද හිටවන්නම්.

:       0       4

de silva Saturday, 28 March 2020 01:47 AM

හදිස්සියේ ගෙවතුවගාවක් කරන්න අවශ්‍ය වන බිජ , උදලු , මුල්ලු , පොහොර වැනි දේවල් සපයන්නේ සුපර් මාර්කට් එකෙන්ද ? කඩවල් ඔක්කොම වහලා. මම දන්නවා කෘෂිකර්මේ උසස් නිලධාරියෝ ගෙවතුවගාව ප්‍රචලිත කරන ව්‍යාපෘති හදා සැලසුම් කරලා ලීෆ්ලට් හදලා තිබෙන්නේ නමුත් කෘෂිකර්ම නිලධාරීන් කියලාා. ඔබතුමාලා පසුගිය අවරුදු 10-15 ඇතුළත පත්කරගනිපු ඔබතුමාලගේ දේශපාලන ඇම්බැට්ටයෝ කරපු දෙයක් නැහැ. කරලා තිබෙන්නේ නිකන් කාලේ කමින් පින් පඩි ගනිපු එක. ඔවුන් විධායක නිලධාරීන් සැලසුම් කරලා තිබුන විදියට වැඩ කරලා තිබුනානම් මෙහෙම වෙන්නේ නැහැ. ඔය ගෙවතුවගාවක් කරන කෙනෙකුට හොඳ තත්වයේ පොල් පැළ 10-15 ක් ගන්න ගියොත් ඒවා ගොවිජන සේවා එකේ නැහැ.

:       3       194

dhammikaSaturday, 28 March 2020 03:46 AM

මේ මනුස්සකම නැත්නම් "ක්‍රෝටන් කොළ" කන්න කිව්වා පහුගිය ආණ්ඩුවේ සට්ටම්යෙක්.

:       0       1

ධම්මිකාSaturday, 28 March 2020 06:09 AM

රටට ගොඩබැහැල කොරෝනා තිබේද චෙක්කර ගත්තේ නැහැනේද ? කරුණාකර රෝහලකට වහාම ගොස් කොරෝනා චෙක්කර ගන්න. ඔබේ අදහස් වලින් පේනවා ඔබටත් කොරෝනා හැදිා කියලා.

:       1       0

pereraSaturday, 28 March 2020 03:48 AM

ඇට ගන්නෙ කොහෙන්ද?

:       0       1

SL Saturday, 28 March 2020 02:37 AM

බීජ ඇට ගන්න ක්‍රමයක් හදන්න.

:       0       2

Rohana Saturday, 28 March 2020 03:51 AM

ගෙවතු වගාව හොඳ වැඩක්. නමුත් මෙවැනි දේ මතක් වෙන්නෙ රට අර්බුදයට ගියාම. මතකද 1973/74 ලෝක ආහාර අර්බුදය. ඒ කාලෙ හැමතැනම වගා කළා. පසුව වෙළඳපල සදහා නිෂ්පාදන ඉහළ යාමෙන් ගෙවතු වගාව අඩපණ වුනා.

:       0       1

de silva Saturday, 28 March 2020 04:24 AM

කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට වසරකට ප්‍රකෝටි ගණනක් වියදම් කළත් ‌ගොවියාට අවශ්‍ය බිජ ටික , පොල් පැළයක් ගොවිජන සේවා මධ්‍යස්ථානයක් හරහා මිලදී ගැනීමට නැහැ. ඔය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලංකාව තුළ ගොවීන්ට අවශ්‍ය බිජ ටිකවත් නිපදවාගන්න බැහැ. දැනට අවරුදු 10-20 පටන් බිජ ගෙන්වන්නේ පිටරටින්. බහුජාතික සමාගම් අපේ පාරම්පරික බීජ ලංාවෙන් තුරන් වෙලා යන්න කටයුතු සලස්වා . මේවා සිදුවුනේ යහපාලන කාලයට බොහෝ කලකට පෙර සිට. සමහරවිට ඔබතුමා දන්නේ නැතුව ඇති ඔය බිජ ජාවාරමට බහුජාතික සමාගම් වල ලංකාවේ නියෝජිතයෝ ලෙස කටයුතු ක‌‌‌ළේ ඔබතුමාගේ පවුලේ සාමාජිකයන් සමග ලගින්ම සිටි දේශපාලන සම්බන්ධකම් තිබුන ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙකු ,විදේශ වලින් මහා පරිමාණයෙන් බීජ ගෙන්වීමට කටයුතු ක‌ළේ ඔවුන්.

:       0       0

bandara Saturday, 28 March 2020 04:35 AM

හදපු දේවල් ටික වත් සත්තුන්ගෙන් රැකගන්න අමාරුයි.... ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න.

:       0       1

wimal Saturday, 28 March 2020 05:34 AM

ඔය තියෙන්නේ,,,,,චීන්නුත් කරේ වවපු එක තමයි,,,, ඉතාලියේ මිනිස්සුන්ට උදලු නැතිව බලන් ඉන්නවා වවන්න. අපි වවන්න ගත්තේ 48 ඉදලා, කට්ටියක් වවනවා, කට්ටියක් වොක්ස්වැගන් කාර් කොම්පැනීයි, ඉස්පිරිතාල හදනවා, අපිට හතේ හත වැදිලා, මෙහෙම ගියොත් අපිට නිවන් සුවයම තමයි !!!

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 182 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 537 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 515 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1326 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2780 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1820 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site