(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කෝවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට අද (08) රුපියල් මිලියන 97 ක පරිත්‍යාග සිදු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා තම අමාත්‍යංශ යටතේ ඇති ආයතන ලබාදුන් රුපියල් මිලියන 29.5 ක්, අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් පරිත්‍යාග කළ රුපියල් මිලියන 2.8 ක් සහ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සිය කැබිනට් අමාත්‍ය ධුරයට අයත් අප්‍රේල් මස වැටුප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වූහ.
මීට අමතරව යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් රුපියල් මිලියන 10ක්, කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය රුපියල් මිලියන 5ක් කිරම විමලජෝති හිමි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය රුපියල් මිලියන 2ක්, අත්තනගල්ල රජමහා විහාරය රුපියල් මිලියන 10ක් සහ මලලසේකර පදනම රුපියල් මිලියන 3ක් අද (08) සිදු කෙරුණු පරිත්‍යාගයන්ට ඇතුළත් වේ.
ඒ අනුව, අද පස්වරු වන විට COVID - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 517 ඉක්මවා ගොස් තිබිණ.
ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට මෙම පරිත්‍යාග බැර කෙරේ.
දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට හැකියාව ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර ලබාගත හැකිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කෝවිඩ් 19 - අරමුදලට අදත් රුපියල් මිලියන 97ක පරිත්‍යාග
Champa Wednesday, 08 April 2020 02:47 PM
මේ සල්ලි ගණන් කර කර තියාගෙන ඉඳලා වැඩක් නැහැනේ. කොරෝනා ඉවර වෙනකම්ද ඉන්නේ? කොරෝනා රෝගය වෙනුවෙන් කරන්න තියෙන ප්‍රධානම දේ තමයි ටෙස්ටින් කිරීම. මාර්තු මුලදීමයි ලිව්වේ. තාම ජනාධිපති ලේකම් කාර්යාලය කාලේ මරනවා මොකක් හරි යටි අදහසක් වෙනුවෙන්. දැන්වත් මේ ආධාර මුදල් යොදවලා කොනක ඉඳන් මහා පරිමාණයෙන් ටෙස්ටින් කරන්න පටන් ගන්න. ස්වාබ් පරීක්ෂණය කරන කොට හුඟක් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න වෙනවා. ඒ කියන්නේ එක පුද්ගලයෙකුගේ ශ්ලේෂ්මල පටල ගත්තට පස්සේ වෛද්‍යවරයා සහ ඔහුට සහයෝගය දක්වන අය තමන් ඇඳගෙන ඉන්න ලෝගුවත් වෙනස් කරන්න ඕනේ ඊළඟ පුද්ගලයාගේ ශ්ලේෂ්මල පටල ගන්න ඉස්සෙල්ල. ඒ හින්ද ඉවත දැමිය හැකි අඩු වියදම් ලෝගුවක් තමන්ගේ අනිත් ලෝගුවට උඩින් ඇඳ ගන්න ඕනේ. මේ අරමුදල කොටස් තුනකට බෙදල වැඩි කොටස සෞඛ්‍ය අංශයේ කටයුතු වෙනුවෙන් යොදවන්න පටන් ගන්න. මක් කරනවද සල්ලිත් තියෙත්දී.
samaraweera Wednesday, 08 April 2020 02:56 PM
බැසිලට රජ මඟුල් ඇති නේද...?