IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘කුවේට් රාජ්‍යයේ සිටින ලාංකිකයන් පිරිසක් කොරෝනා වයිරසයට ගොදුරු වෙලා‘‘

(පුෂ්පකුමාර ජයරත්න )

වීසා රහිතව නීති විරෝධීව කුවේට් රාජ්‍යයේ රැඳී සිටින සහ එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේ වනවිට කොරෝනා වයිරසයට ගොදුරු වී සිටින බව කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානය පවසයි.

එරට ෆර්වානියා , අහමදි , හවාලි , ජහරා සහ කුවේට් සිටි යන ප්‍රදේශ වල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙසේ කොරෝනා වයිරසයට ගොදුරු වී සිටින බවත් මේ වනවිට එම පිරිසෙන් කාන්තාවක් ඇතුළු සිවුදෙනෙකු වයිරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇති බවත් කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානයේ කැඳවුම්කරු නිශාන්ත සංජීව මඩපාත මහතා ප්‍රකාශ කළේය .

නීත්‍යානුකූලව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් අතරින් වයිරසය ආසාදනය වී ඇති බහුතරය කුලී රථ රියදුරන් ලෙස රැකියාවල නියුතුව සිටින අය බවද කියයි.

මෙසේ රෝගාතුර වන විදේශිකයන්ට කුවේට් රජයෙන් කිසිදු සැලකිල්ලක් නොලැබෙන බවත් රෝගාතුර වූවන්ට බෙහෙත් පෙත්තක්වත් නොලැබෙන බවත් මඩපාත මහතා පැවසීය.

මීට දින කීපයකට පෙර කොරෝනා වයිරසය ආසාදනය වී මරණයට පත්වූ ශ්‍රී ලාංකීය කාන්තාවගේ සැමියාට සහ දරුවන් දෙදෙනාටද වයිරසය ආසාදනය වී ඇතැයි සැක කැන අතර ඔවුන් කිසිදු පරීක්ෂාවකට ලක් නොකොට නිවසට වී සිටින ලෙස එරට සෞඛ්‍ය නිලධාරීන්  නියමකර ඇතැයි මඩපාත මහතා කීය.

මේ ආකාරයට වයිරසයට ගොදුරු වී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩිම පිරිස වීසා බලපත්‍ර රහිතව නීති විරෝධි ආකාරයට කිසිදු පහසුකමක් නොමැතිව ඉතා අසරණව එරට රැඳී සිටින අය බවත් මේවනවිට ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම වාර්තා වන කොරෝනා ආසාදිතයන් පිරිස මේ ආකාරයට කුවේට් රටේ රැඳී සිට ශ්‍රී ලංකාවට පැමිණි පිරිසක් බවත් නිශාන්ත මඩපාත මහතා සඳහන් කළේය .

මේ ආකාරයට එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස මීට මාසයකට පමණ ඉහතදී ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටි බවත් එම ඉල්ලීමට අනුව  ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තානම් ඔවුන් කොරෝනා වයිරසයට ගොදුරු නොවන බවත් ඒ මහතා කීය.

තවත් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔවුන්ට ආහාරපාන පවා නොමැතිව අසරණවී සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේවනවිට කුවේට් රාජ්‍යයේ  පුද්ගලයන් 172 කු මියගොස් සිටින අතර ඊයේ (26) දිනට එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 22575 කි .

මේවනවිට දිනකදී එරටින් කොරෝනා වයිරසය ආසාදනය වූවන් දහසක් පමණ වාර්තා වන බවද පැවසේ . මෙම තත්ත්වය හමුවේ මේවනවිට දින 20 කට වැඩි කාලයක සිට එරට අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බවද ඒ මහතා පැවසීය.

 



අදහස් (28)

‘‘කුවේට් රාජ්‍යයේ සිටින ලාංකිකයන් පිරිසක් කොරෝනා වයිරසයට ගොදුරු වෙලා‘‘

Akila Wednesday, 27 May 2020 04:28 AM

මේක ලොකු ප්‍රශ්නයක් දැන්, දකුණු ආසියානු දුප්පත් රටවල් වලින් සේවයට පැමිණි මිනිස්සුන්ව මේ අය පුළුවන් තරම් වැඩ අරන් දැන් ලෙඩ වුණාට පස්සේ ඒ ගොල්ලොන්ගේ වියදමින් කිසිම බෙහෙතක් නොකර ඒ ඒ රටවල වලටම පටවන්න බලන්නේ, අරාබි කාරයින්ගේ හැටි දැන්වත් ලෝකෙම මිනිස්සු දැනගත්තොත් හොඳයි...

:       242       753

tharindu Wednesday, 27 May 2020 04:37 AM

අපේ තානාපති සේවාව කියලා එකක් මහ ලොකුවට තියෙනවා... එකෙන් කරන්නේ දේශපාලන හෙන්චයියන්ට ලොකු පඩියක් දීලා පිටරටවල සැපගන්න යවන එක... අර අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බදුමුදල් වලින්... මේ වගේ වෙලාවකවත් අඩුම තරමේ මේ තානාපති කාර්යාලවල පින්බත් ගිලින අයට බැරිද පොඩිහරි සේවාවක් කරන්න මේ අහිංසක මිනිස්සුන්ව බේරගන්න...

:       27       837

RaveendraWednesday, 27 May 2020 06:40 AM

කව්රුන් වුණත් මේ අපේම සහෝදර සහෝදරියන් බව අමතක නොකරන්න. මැදපෙරදිග සේවය කරන මිනිසුන් 99.999999% සැපවිඳින්නෝ නොවන බවත්, මෙතෙක් කල් රට පාලනය කරපු සියලුම "කාලකන්නි දේශපාලුවන් "සැමවිටම හිතා මතා අමතක කළදෙයකි. කෙටියෙන් කියනවා නම් මුළු ශ්‍රී ලංකාවම තුන්වේල ගිලදමන්නෙත් මෙම මැදපෙරදිග මිනිසුන්ගේ ලේ, කදුළු, දහදිය හෙලා උපයාගන්නා සොච්චමෙන් බව කිවයුතුයි. (අද දිනද සියලුම පක්ෂවල කාලකන්නි දේශපාලුවන් මෙන්ම සියලුම පුරවැසියන් බඩගිනි නිවාගත්තෙත් මේ මිනිසුන්ගේ ලේ කඳුළුවලින්ය). සියලුම දේශපාලුවන් නමැති මී හරකුන් 225ම පවුල් පිටින් රට සවාරි යන්නෙත් ඒ මිනිසුන්ගේ ලේ, කඳුළු, දහදිය හෙලා උපයන විදේශ විනිමයෙන් බවත් සඳහන් කරන්නෙමු. මෙම අදහස් රටේ මුල් පුරවැසියා වන ගෝඨාභය රාජපක්ෂට කිසිදු වෙනසකින් තොරව කියවීමට හැකිවේවා...!!! එලෙසින්ම දියවන්නාව පට්ටියේ ඉන්න 225ටත් කියවීමට හැකි වේවා...!!! විශේෂයෙන් විපක්ෂයේ සිටින අයටද කියවීමට හැකිවේවා...!!!

:       20       877

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 27 May 2020 04:44 AM

මිනිසුන් ලෙඩ වුණාම අනුකම්පා කළ යුතුයි. ඒක ඇත්ත. මේ මඩපාත නැමැත්තා කියන්නේ නීතිවිරෝධී අයුරින් රටගිය අය ගැන. ඒ කියන්නේ, එයාපෝට් එකට හා රටේ නීතියට හොරෙන් හොර පාස්පෝට්වලින් රටගිය අය ගැන කොහොමත් ඒ රජයන් පියවරක් ගන්නේ නැහැ. ඒ වගේම මේ අය නීතිවිරෝධීව ආ අය බව දන්නා නිසා ඒ රජයෙන් පසු කාලෙක හිරේ දමාවි. ඒ රටවල අපේ මෙන් නීතිය නවන්න බැහැ. මතකද හමුදාපතිතුමා කිව්වා ඔය විදිහේ නීති විරෝධීව ගිය කට්ටියක් එයාපෝට් එකෙන් පැන්නා හොර ඇඩ්රස් දීලා. තවත් හොයනු බොරු. කොහොම වුණත්, රජය ප්‍රථමයෙන්ම සිතන්නට ඕනෑ මේ රටේ ඉන්න නිරෝගී පුරවැසියන්ව ආරක්ෂා කරගන්න. මෙහි කොරෝනා හැදුණු ලෙඩෙක්ව පිටරට වලින් බාරගන්නේ නැහැ. සුවවූ පසුව තමයි බාරගන්නේ. අප හිත්පිත් නැති අය නොවෙයි. ඒ වුණාට වරදට අනුබල දෙන්න නැහැ. මේ අය ගෙන්වනවා නම්, ඔවුන්ට ප්‍රතිකාර කොට සුවවූ පසු නීතිවිරෝධී ලෙස රටගියාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. හොර පාස්පෝට් හැදූ තැන් සොයා වැටලීම් කරන්න. නීතියට බිය ඇති නීතිගරුක පුරවැසියන් තමයි රටකට අවශ්‍ය වන්නේ... එතකොට තමයි රටක් වටින්නේ.

:       663       1084

PraWednesday, 27 May 2020 05:53 AM

ඔබ වැරදි මතයක ඉන්නේ. මේ අය නීතිවිරෝධී ලෙස රටගිය අය නෙමේ. වංචනික ඒජන්සිකරුවන් රස්සා දෙන පොරොන්දුවෙන් අරන් ගිහින් අතරමන් කළ අය... වීසා ලැබෙන්න රස්සාවක් ලැබෙන්නේ ඕනේ, රස්සාවක් නෑ කියන්නේ නීතිවිරෝධිව තමයි ඒ රටේ ඉන්න වෙන්නේ. ඔය තරමට මේ අය ලෙඩේට ගොදුරු වුනේ මාස ගණන් කඳවුරුවල ලගින්න වුණු හින්දයි. රජය මේ අය ගැන නිසි අවධානය යොමුකළේ නෑ. ඔය ආපු පිරිසත් රජයෙන් ගෙන්නුවා නෙමෙයි, ඒ රටෙන් ඒ අයගේ ගුවන් සේවයෙන් එවපු අය. අමතක කරන්න එපා මේත් අපේ රටේම පිරිසක් කියන එක.... හැබැයි සමහරක් ඇමතිලාට නම් මේ අය බෝම්බයක් වගේ පේන්නේ...

:       275       674

කුමාරWednesday, 27 May 2020 07:37 AM

වීසා නැතිව රටකට ඇතුල් වෙන්නෙ කොහොමද? වීසා තිබෙනවා නම් වීසාකාලය අවසාන වීමට පෙර එය අළුත් කරවා ගැනීම හෝ ලංකාවට පැමිණීම කළයුතුයි. නීති විරෝධීව වීසා නොමැතිව රැඳීසිටිනවා නම් එරටදී ආගමන විගමන නීතිය යටතේ දඬුවම් ලැබීම වැළැක්විය නොහැකිය. එමනිසා ලංකාවේ කොරෝනා මෙරට පුරවැසියන් සියළුදෙනා ඉමහත් කැපවීමකින් සෑහෙන දුරකට පාලනය කර ගෙන ඇත. මෙම අවස්ථාවේදී මොවුන් එරටින් දෙන කොරෝනා ආසාදිතයින් නොවන බවට ලබාගත් වෛද්‍ය සහතිකයකින් තොරව මෙරටට බාර නොගත යුතුයි. එබැවින් ඒ අය කොරෝනා හොඳ කරගෙනම තව ටිකක් නීති විරෝධීව රැඳීසිට ලංකාවට එන්න.

:       2       12

තිවංකWednesday, 27 May 2020 06:39 AM

රජයේ මැති ඇමතිවරුන් හොර පාස්පෝට් හදන කොට මිනිස්සු මේවා නොකර ඉදියිද? මුලින්ම එයාලාට නීතියෙන් දඬුවම් දෙන්න ඕනේ.. ඒවා වෙයිද?

:       61       49

MohanWednesday, 27 May 2020 06:49 AM

කරුණු නොදැන බොරු වීරයෙක් වෙන්න හදන්න එපා. මේ මිනිස්සු බෝට්ටු වලින් ගිය අය නෙමේනේ..., හොර ඒජන්සි කාරයින්ට අහු වෙලා අසරණ වුණු මිනිස්සු. මහා ලොකු රටවිරුවෝ දැන් පහතට දාල කතා කරන්නේ...

:       61       238

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 27 May 2020 07:40 AM

තමන්ගේ මතයට වගේම අන් මතයටත් ගරුකිරීම බුද්ධිමතුන්ගේ සිරිතයි. තර්ක බිඳීමට බැරි නූගතා මඩ ගහනවා. ඒක ඔහුගේ ස්වාභාවය. බලන්න, ඉහත pra, මා විවේචනය කළ වැදගත් ආකාරය. ප්‍රශ්නයකදී අශ්වයන් වැදගත් විදිහට හැසිරෙනවා. ඒත්, බූරුවන් මොරදෙනවා. ඒක අශ්වයාගේ සහ අනෙක් සතාගේ වෙනස.... මා කව්දැයි ඔබතුමා නොදන්නවාට බොහෝදෙනා දන්නවා. ලෙඩේ බෝ වුනොත් ඔබත්, මාත්, රටත් සුන්. මා සිටින්නේ ඒ මතයේ. මඳක් සිතා බලන්න...

:       14       74

කුමාර Wednesday, 27 May 2020 06:52 AM

කට පියාගෙන ඉන්න කන් මෝඩයත් පණ්ඩිතයෙක් වගේ පේනවා... නොදන්නා දේවල් ගැන කතාකරන එක අපේ ගොඩක් පණ්ඩිතයන්ගේ ලක්ෂණයක්නේ.. මතකනේ අර මුල් දවස්වල කොරෝනා ලෙඩ්ඩු ගැන කියපු ඒවා අපේ දෙකයි පනහේ නාලිකාවල... අපේ රටේ කාලකන්නි පාලකයන් සහ ඒ අය වටේ ඉන්න එවුන්ට කන්න සල්ලි එවන කොට මැද පෙරදිග ඉන්නේ රට විරුවන්...

:       0       273

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 27 May 2020 07:46 AM

කුමාර මහතා, ඔබතුමා තමන්ගේ මිම්මෙන් අන් අය මැනීම වැරදියි. ඒ නිසා කට පියාගෙනම ඉන්න...

:       93       31

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 27 May 2020 07:18 AM

ප්‍රා, ඔයා කියන දේ සත්‍යයක් තියෙනවා. එහෙම අයත් ඇති. ඔයා දන්නවාද අර විදිහට රටගොස් ගෙන්වූ 1500ත් 2000ත් විතර පිරිසක් හොර ලිපිනදී නිරෝධායනය නොවී සැඟවී සිටින බව? කිව්වේ හමුදාපතිතුමා. ඒ අය කරපු වැඩේ නිසා කොරෝනා ගැන අනියත බියක් ජනහදවත් තුළ තියෙනවා. ඒජන්සිකාරයන් වරදක් කොට තිබේ නම්, ඔවුන්වද නීතියේ රැහැනට හසුවිය යුතුයි. ඔයා ටිකක් කල්පනා කර බලන්න. කුඩු, මත්ද්‍රව්‍ය කසිප්පු පෙරීම් ආදිය කොට සැඟවී සිට රටේ නම හා මිනිසුන් වනසන්නේත්, මේලෙස අනවසරයෙන් ගිය අයයි. මේ අතර අහිංසකයන් සුළු පිරිසකුත් ඇති. ඒත්, නිවැරදි ඔවුන් බේරේවි. මා සිටින්නේ වැරදි මතයේ නොවේ. ඔබේ කරුණාවට ස්තූතියි. ඒත්, රජයක් හැටියට රටේ සිටින නිරෝගී පුරවැසියන් ගැන සිතා නිවැරදි ක්‍රමවේදයකට රට සිටිනා අය ගෙන්විය යුතුයි නේද? එසේ නැතිව ඡන්දය බලාගෙන පමණක් වැඩ කිරීම වැරදියි. අප කියන්නේ රෝගය බෝනොවන සේ කටයුතු කළ යුතුයි. වැඩේ වනකර ගත්තොත්, ඔයාත්, මාත්, රටත් සුනේ සුන්... එහෙම නේද...?

:       4       63

JayaThursday, 28 May 2020 06:21 AM

මේ පිරිස ගෙන්වා ගැනීමට පෙබරවාරි 23 සිට සාම කාලය දින 90ක් ලබා දි තබුණු බව දැන් පවසනවා. මුල් කාලෙය්දීම මේ අය ගෙන්වා ගන්නට කටයුතු කෙරුවා නම් මොවුන් මෙතරම් ආසාදිතයන් වෙන්න පෙර ගෙන්න ගන්න තිබුණා. එහෙත් දැන් ඒ අවස්ථාව මගහැරී ඇති බව හා තත්වය පාලනය කිරීමට අපහසු තැනකට ඇවිත් තිබෙනවා. එ් නිසා රජය ඔවුන් ලංකාවට බලපෑමක් නොවන අයුරින් ගෙන්වා ගන්න බැරි නම්, එම රටේ හෝ මෙම පිරිසට යම් පහසුවක්, තත්වය සමනය වන තුරු සලසාදිය යුතුයි. ඔවුන් නීතිවිරෝධීව එහි ගිය අය, ඔවුන් වැඩි හරියක් ගැහුණු, එහෙන් බෝම්බයක් එව්වා, අරක මේක යයි කීමට නම් තිබෙන්නේ, රජයකින් ඇති ඵලය කුමක්ද? ඒ කෙසේවෙතත් මේ පිරිසට කිසියම් හරි සහනයක් ඉක්මනින් ලැබේවා යැයි පතනවා.

:       0       0

achini Wednesday, 27 May 2020 05:05 AM

ලංකාවේ විතරයි... ලංකාවේ කට්ටියට එන්න එපා කියලා නැවැත්තුවේ, අනිත් රටවල් වල තමන්ගේ ජනතාවට එන්න කිව්වා.

:       269       578

otuwa Wednesday, 27 May 2020 05:08 AM

හාමුලටයි ඔවුන්ගේ බත් බැලයින්ටයි මේ ප්‍රවෘත්ති පේන්නෙත් නෑ.. ඇහෙන්නෙත් නෑ...

:       65       571

ලුම්බිණි Wednesday, 27 May 2020 05:56 AM

කොහේ හොර පාස්පෝට් හදපු තැන හොයන්නද? පාස්පෝට් දෙක ගණනේ තියන් ඉන්න දේශපාලකයෝත් යහතින් ඉන්දැද්දී...

:       93       283

chinthana Wednesday, 27 May 2020 06:02 AM

කුවේට් රජය වීසා නැති අය සමා කාලයේදී කුවේට් ගුවන්යානා වලින් නොමිලේ ඔවුන්ගේ රටවලට ගෙනිහින් දානවා. ඔවුන්ව බාරගන්න එක විතරයි ලංකාව කරන්න ඕනෑ. නමුත් අපේ ගුවන්තොටුපොළ වහලා, නොමිලේ රටේ මිනිස්සු ගෙනත් දාන්න එන යානයක්වත් බස්සන්න විදියක් නෑ. නමුත් ලොක්කන්ගේ දරුවන්ව ගෙන්නගන්න ඕන වුනාම ගුවන්තොටුපොළ අරිනවා.

:       186       586

කුමාරWednesday, 27 May 2020 06:57 AM

මේ සම්බන්ධව කුවේට් රජය කොච්චර කලින්ද කිව්වේ? ඒ අයගේ වියදමින් ලංකාවට එවන්නම් කියලා.. මොකද ඒ අය බැලුවේ පුළුවන් තරම් පිටරටවල කට්ටිය ඔවුන්ගේ මව් රටවලට යවන්න.

:       2       82

sanjeewaWednesday, 27 May 2020 07:28 AM

ගොන් කතා කියන්න එපා. එන පළියට මෙහෙ නිරෝධායනය කරන්න ඉඩ තියෙන්න ඕනෑ... මෙහෙ පහසුකම් තියෙන්න ඕනි. ඒවාට සෑහෙන්න කාර්ය මණ්ඩලයක් ඉන්න ඕනෑ. ඉන්න හැමෝම ගෙන්වලා මේ රටේ දැනට නිරෝගීව ඉන්න මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ වැටුණාට පස්සේ පොර ටෝක් දෙන ඔයා වගේ අය කියන්නේ ඇයි මේ මිනිස්සු ගෙන්නුවේ කියලා තමයි අහන්නේ... ලංකාවට කට්ටිය ගේන්නේ නිවැරදි යාන්ත්‍රණයකට අනුව වෙන්නේ... එ්ක නිසා නොදන්නා දේවල් කතා නොකර ඉන්න.

:       27       134

de silva Wednesday, 27 May 2020 06:43 AM

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ අනුපාතය 1% අඩුයි , එම නිසා මේක මාරාන්තික රෝගයක් ලෙස සලකන්න බැහැ. ඩෙංගු මරණ අනුපාතය මෙයට වැඩිය විශාල අගයක් ගන්නවා. මොනවා වුණත් මේ පිරිස ශ්‍රී ලංකික පුරවැසියන්, ඕනෑම අවස්ථාවක රටතුළට පැමිණෙන එක ඔවුන් සතුමූලික අයිතිවාසිකමක්..., එසේ පැමිණි පිරිස කොපමණ කාලයක් නිරෝධායනය කරනවද? මොවුන් පිටරට ගිහින් තිබෙන්නේ වැරදි ක්‍රමයකටද? එ්කට නඩු පවරනවාද? කොහොමද ඒක කරන්නේ කරන්නේ කියන ඒක තීරණය කරන එක බලධාරීන්ගේ වගකීමක්, ගුවන්තොටුපල තම පුරවැසියන්ට වසා දමා, වරප්‍රසාද ලත් පිරිසක් පමණක් රටට ඇතුල් කරගැනීමෙන් බලධාරීන් මෙම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස කඩකර තිබෙනවා, ඔය සංවිධාන වලට දැන් කරන්න තිබෙන්නේ මෙම මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් බලධාරීන්ට විරුද්ධව සරණාගතයන් සිටින රටක හෝ ලංකාවේ හෝ අධිකරණයක් නඩු පවරන්න. ඔච්චර විශාල ප්‍රමාණයක් හොරෙන් මැදපෙරදිග ගිය කියන එක පිළිගන්න බැහැ. මොකද විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ගුවන් තොටුපලේදී පිටරට යන සියලු දෙනාගේම පාස්පෝට් පරීක්ෂා කර ගාස්තු අයකරගෙන ඔවුන් රක්ෂණය කර ලියාපදිංචි කරගන්නවා.

:       0       254

janahitha Wednesday, 27 May 2020 10:06 AM

වහාම ගුවන් තොටුපල විවෘත කර ආපදාවට පත්වී ඇති ජනතාවට මව්බිමට පැමිණීමට ඉඩහළ යුතුයි.. ලංකාව ඔය ඇමතිවරියට හෝ කන්ද උඩරට ඇමතිකම් පවරා ගත් අය නොවේ...

:       0       6

Sunetra Wednesday, 27 May 2020 07:28 AM

ඒ අය කුවේට් වෙල ඉන්නේ නීති විරෝධී ලේසේද යන්න එක නොවේ... දැන් තියන ප්‍රශ්නේ මේ ලංකාවේ මිනිස්සු, මෙච්චර කාලයක් හම්බ කරපු හැමදේම ලංකාවට යවලා කන්න නැතිව දුක්වෙන අපේම මිනිස්සු. මේ අය රටට ගෙන්වා ගන්න බලධාරින් ක්‍රියාකළ යුතුයි.

:       0       20

Faizal Wednesday, 27 May 2020 08:01 AM

ඔතන ඉන්න 75% ක් ම ගැහැණු. වීසා නැතුව බංගලි, පාකිස්තානු , ඉන්දියන්, ඇෆ්ගන් කාරයෝ එක්ක හිටිය අයට කොරෝනා ආපුවහමද මතක් වුනේ ලංකාව...?

:       46       136

de silva Wednesday, 27 May 2020 09:35 AM

faizal මේ අවස්ථාවේ මෙතන ඉන්නේ ගැහැණුද, පිරිමිද ඔවුන්ට කොරෝනා තිබෙනවද? නැද්ද? ඔවුන් කරන රැකියාව කුමක්ද ඉන්නේ කවුරු සමගද කියන එකෙන් වැඩක් නැහැ.. ලංකාවේ පුරවැසියන්ට ඇෆ්ගනිස්තානුවන්, පාකිස්ථානු, බංගලාදේශ ජාතිකයන් සමග සම්බන්ධකම් පවත්වන්න, විවාහවෙන්න තහනමක් නැහැ. ලංකාවේ නීතිය යටතේ ගැහැණුන්ට සහ පිරිමින්ට සමාන අයිතිවාසිකම් තිබෙනවා. (සමහර මුස්ලිම් ෂරියා නීති තිබෙන රටවල මෙම තත්වය වෙනස්) මොවුන් සියලුදෙනාම ලංකාවේ පුරවැසියෝ, කැමති අවස්ථාවක තම රටට එන්න ඔවුන්ට අයිතියක් තිබෙනවා. මෙතන එම අයිතිය බරපතල ලෙස උල්ලංගනය වෙලා... ඔවුන් රටට අාවට පස්සේ නිරෝධායනය කරන හෝ නොකරන එක..., ඔවුන් යම්කිසි නීතිවිරෝධී දෙයක් කරලා තිබෙනවා නම් නඩු පවරන එක බලධාරීන් සතු වගකීමක්.., ම්ලේච්ඡ ෂරියා නීතිය ක්‍රියාත්මක වන සෞදි අරාබිය වැනි මුස්ලිම් රටවල්වලින් පටන්ගත්තම යුරෝපය, ජර්මනිය, එංගලන්තය පවා තම පුරවැසියන්ට දොර වැහුවේ නැහැ. කොරෝනා නිසා තම පුරවැසියන්ට දොර වහපු රටවල් අතලොස්සට අපිත් එකතුවෙලා...

:       1       39

janahitha Wednesday, 27 May 2020 09:44 AM

කරුණු කාරණා කෙසේවෙතත් මේ අපේ රටේ ජනතාව ඔවුන් නැවත මව්බිමට ගෙන්වා ගත්තේ නැතිනම් එය බලවත් වරදකි.. ඔවුන්ගේ රැකියා අහිමිව ඇත. එම රටවලින් ගුවන් යානා යොදවන්නේ නම් ආරක්ෂක පියවර ගෙන පැමිණීමට ඉඩහළ යුතුයි.. එසේ කළ නොහැකි නම් දැනට පවතින ආණ්ඩුව ඉල්ලා අස්වී කළහැකි අයෙක් පත්කළ යුතුයි. විශේෂයෙන් වගකීම් රහිත ප්‍රකාශ කරන කුවේටය අපේ ගුවන් සීමා උල්ලංඝනය කළ බව කියන අැමැතිවරිය සහ දූෂණ චෝදනා ඇති ඇමතිවරයා වහාම ඉවත් කිරීමට ජනපතිට හැකිවිය යුතුයි. ජනතාව ඡන්දය දුන්නේ ඔය කියන හොරුන්ට නොවේ නං දොඩවන පැරණි ඔලමොට්ටල කණ්ඩායමට නොවේ.. ගෝඨාභය නමැති පාලකයාට නව දැක්මක් බලාපොරොත්තුවෙනි...

:       0       31

de silva Wednesday, 27 May 2020 09:46 AM

ඔය හදල තිබෙනවා කියන හොර පාස්පෝර්ට් වලින් 95%ක් නිකුත් කරලා තිබෙන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින්, මුද්‍රණය කරලා තිබෙන්නේ රජයේ මුද්‍රණාලේ, වෙනසකට තිබෙන්නේ එ්කේ ඇතුළත් කරලා තිබෙන්නේ වැරදි තොරතුරු, ඒවා ඇතුල් කරලා තිබෙන්නේ රජයේ නිලධාරීන් විසින් හොර පාස්පෝර්ට් කීයක් අසුවුණත් ඔවුන්ට විරුද්ධව කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ... හිටපු මන්ත්‍රී විරවංසගේ හොර පාස්පෝර්ට් එකත් නිකුත් කරලා තිබෙන්නේ මම කලින් කියපු ක්‍රමයට, නමුත් ඒවා නිකුත් කරපු නිලධාරීන් දිගින් දිගටම රාජකාරි කරනවා...

:       0       26

nandana Wednesday, 27 May 2020 11:04 AM

මැද පෙරදිග වහල් සේවයේ වැඩිපුරම ඉන්නේ අපේ රටේ කාන්තාවන්. මේ අපේම සහෝදරියන්. මේ අයට අප කොන්දේසි විරහිතව අනුකම්පා කළ යුතුයි. මේ අවස්ථාවේ මොවුන් මව්බිමට ගෙන්වා ගැනීමට රජය ප්‍රමුඛතාවය දිය යුතුයි.

:       11       27

de silva Wednesday, 27 May 2020 01:24 PM

මම කලින් පෙන්වාදුන් පරිදි මෙම පුද්ගලයන් සියලු දෙනාම ලංකාවට ගෙනත් මාසයක් වැනි සුළු කාලයකදී නිරෝධායනය කර සමාජ ගතකරන්න අවශ්‍ය , ගුවන්යානා හෝටල් වැනි මූලික පහසුකම් අපේ රටේ තිබෙනවා. සමහර හෝටල් හිමියෝ තම හෝටල් නොමිලයේම නිරෝධායන කටයුතුවලට දීලා තිබෙනවා. ප්‍රශ්නෙකට තිබෙන්නේ මේවා භාරව සිටින දේශපාලකයන් සහ නිලධාරීන් එළුවන් මෙන් බැහැ බැහැ කියමින්, ගුවන්තොටුපල වසාගෙන, රටටම ඇඳිරි නීතිය දමාගෙන ඉන්න තීරණය කිරීම, රටේ ආර්ථිකය සහ පිටරටවල අනතුරේ වැටිලා තිබෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ජීවිත තුට්ටුවකටවත් ගණන් නොගැනීම...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 52 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 155 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 731 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 81 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 251 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 240 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site