(පද්මා කුමාරී කංකානම්ගේ )
ධීවර රැකියාව සදහා සෝමාලියාවට ගොස් සිටින කල්පිටියේ ධීවරයින් 13 දෙනෙකු නැවත මෙරටට ගෙන්වා ගන්නා ලෙසට බළධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
කල්පිටිය,කන්ද කුළිය සහ තලවිල පදිංචි මෙම ධීවරයින් 13 දෙනා බහු දින යාත්‍රා දෙකකින්,2020 ජනවාරී 20 දින මෙරටින් සෝමාලියාව බලා පිටත්ව ගොස් ඇත.
එහි එරට වැසියන් හා එක්ව කෙන්දන් පන්නය නම් ධීවර රැකියාවේ නිරත වූ බවත්, මසක වැටුප් තමන්ට ලැබුණු බවත් මෙම ධීවරයෝ පවසති.
ඉන්පසු එරටේ ද ඇතිවූ කොරෝනා උවදුරත් සමග,තමන්ට රැකියා සහ වැටුප් අහිමි වී,සෞඛ්‍ය වශයෙන් ද අනාරක්ෂිත තත්ත්වයකට ඇද වැටී,කෑම් බීම පවා නොමැති බව ඔවුහූ වැඩි දුරටත් පවසති.
අප මේ ගැටලුව පිළිබදව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ සරත් චන්ද්‍රනායක මහතාගෙන් විමසිමක් කළේය.
ඒ මහතා පැවසුවේ මේ ධීවරයින් පිළිබදව නිසි තොරතුරු සොයා බළා,අදාළ නිළධාරීන් හා සාකච්ජා කර නිසි පියවරක් ගැනීමට ක්‍රියාකරන බව යි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කල්පිටියේ ධීවරයෝ 13ක් සෝමාලියාවේ සිර වෙති
de silva Tuesday, 12 May 2020 06:31 AM
රට වටේම මුහුද තිබෙන කොට මාළු අල්ලන්න මූදු මංකොල්ල කාරයින්ගෙන් පිරුණු සෝමාලියාවට යන්නේ මේ අයට පිස්සුද?
Male ලංකිකයෝ Tuesday, 12 May 2020 07:29 AM
අපිත් මෙහෙ මාලදිවයිනේ හිරවෙලා. ලංකාවේ මහා එවුන්ට ගානක්වත් නෑ ආණ්ඩුවට ඕනෑ ඡන්දෙ මිසක් ලාංකිකයන් නෙමෙයි. මතක් වෙන්නේම ඔලුව තදින් නරක් වෙච්ච (ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ) - දීපාල්ගේ සින්දුවයි...
ravi Tuesday, 12 May 2020 08:53 AM
කුඩු බානවද ..? කුඩු පටවනවද? මේ පාට් එකනම් මට ඇල්ලුවේ නැහැ.