(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා )
කරාපිටිය ශික්ෂණ රෝහල මගින් මේ වන විට කොරෝනා වයිරසය ආසාදිත දැයි නිශ්චය කර ගැනීම සඳහා සැක කටයුතු රෝගීන් දෙසියක් පමණ පරීක්ෂණයට භාජනය කර ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පැවසී ය.
කෙසේ වෙතත් ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරනා ආසාදිත වූ බවට මේ වන විට තහවුරු වී ඇත්තේ එක් රෝගියෙක් පමණක් බව ද වෛද්‍ය රණවීර කී ය.
කරාපිටිය රෝහල් අධ්යක්ෂ වරයා මේ බව ප්‍රකාශ කළේ දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සහ ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ය .
වෛද්‍ය රණවීර මහතා තව දුරටත් පැවසූයේ කරාපිටිය ශික්ෂණ රෝහල මගින් මෙම පරීක්ෂණය මාතර හම්බන්තොට සහ මොනරාගල යන රෝහල් වෙත ද සිදු කර ඉතාමත් කඩිනමින් එම වාර්තා ලබා දීමට කටයුතු යොදා ඇති බවයි.
මේ වන විට කොරෝනා වෛරසය ආසාදිතයන් බවට සැක කරන රෝගීන් 175 ක් පමණ කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂිත වාට්ටුවේ වෛද්‍ය අධීක්ෂණය යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගත් බව ද රෝහල් අධ්යක්ෂ වරයා කී ය.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කරාපිටියෙන් කොරෝනා පරීක්ෂණ 200 ක්