ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිම රටකට විශේෂත්වයක් නොදක්වන බවත් සෑම රටකටම එක හා සමාන සමීපත්වයකින් කටයුතු කරන බවත් එහි ප්‍රධානී ට්‍රෙඩොස් අද්නාම් ග්‍රෙබෙයිසස් පවසයි.
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ලොව සියලු රටවල් එක්සත්ව කටයුතු කළ යුතු බවත් වසංගතය දේශපාලනීකරණය නොකරන ලෙසත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
පසුගියදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය විවේචනය කරමින් සිදුකළ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරමින් ග්‍රෙබෙයිසස් මහතා එසේ පැවසීය.
"කරුණාකර ජාතික මට්ටමෙන් එක්සත් වන්න. දේශපාලනීකරණය නොවන්න. දෙවනුව ගෝලීය මට්ටමෙන් අවංකව සහයෝගිතාවය පවත්වන්න. ඇමරිකාවේ සහ චීනයේ සෘජු නායකත්වය මේ අවස්ථාවේ අවශ්‍යයි. වඩාත් බලවත් ජාතීන් මග පෙන්විය යුතු අතර කරුණාකර කොවිඩ් දේශපාලනය නිරෝධායනය කරන්න." යැයි ග්‍රෙබෙයිසස් මහතා ආයාචනා කළේය.
ජනපති ට්‍රම්ප් පවසා තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය කෙරෙහි ඉතා පක්ෂග්රාහීව කටයුතු කළ බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට වෙන් කළ මුදල් අත්හිටුවන බවද ඇමරිකානු ජනපතිවරයා පැවසීය.
ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට විශාල ලෙස අරමුදල් සපයන රටවල් අතරින් එකකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව එහි සමස්ථ අයවැයට ඇමරිකාව 15%ක දායකත්වයක් ලබා දේ.
මේ සම්බන්දව අදහස් දක්වමින් ග්රෙබයිසස් මහතා පවසා සිටියේ ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට දිගටම අරමුදල් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොරෝනා වසංගතය දේශපාලනීකරණය නොකරන්න
Mahesh Thursday, 09 April 2020 05:02 PM
මේ පුද්ගලයාගේ නොහැකියාව තමයි. වෙලාවට තීරණ ගත්තා නම් මේ ප්රශ්නය මෙතරම් උඩුදුවන්නේ නැත. ඉතියෝපියාවේ හිටපු සෞඛ්‍ය ඇමතිකෙනෙක් වෙන සභාපතිවරයා ඉල්ලා අස්විය යුතුය. වැඩක් කරන්න පුලුවන් හරි හමන් පුද්ගලයෙක් පත්කරගන්න.
නන්නාදුනන හාදයා Friday, 10 April 2020 07:54 AM
මෙතුමා මේ ජනවාරි මාසයේදී ප්‍රසිද්ධියේම ඇමෙරිකාවට මේ බව අනතුරු හැඟවුවා. එවිට ට්‍රම්ප් කිවේ අපි ඕවාට බය නැහැ.... මගේ උප ජනාධිපති මයික් පෙන්ස් ඒවා බලාගනිවී කියලා. මේ බව ලෝකයේ සියලුම ජනමාධ්‍ය දන්නවා. නොදැන කතා කරන්න එපා. මෙයාගේ නොව ට්‍රම්ප්ගේ උද්දච්චකම නිසයි ඇමෙරිකාව විනාශවුනේ. ඉදිරියේදී ට්‍රම්ප්ට පිස්සු හැදෙන්නත් බැරි නැහැ...
anura Thursday, 09 April 2020 05:43 PM
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන චෝදනා වල සත්‍යතාවයක් තිබේ. මෙම වසංගතය චීනයේ තදින් පැතිර පවතින විට මෙය ලෝක වසංගත තත්වයකට පැමිණේ යයි පැවැසීමට ඔව්න් කල් මරමින් සිටියා. මුලදී අඩුම ගණනේ ඔලිම්පික් තරඟ නියමිත කළ පැවැත් වීම නුසුදුසු බවවත් ඔවුන් ප්‍රකාශ කළේ නැහැ. ඔවුන් කළේ නිකම් එක එක වර්ගයේ ප්‍රකාශ නිකුත් කරමින් සිටීම පමණි. ඔව්න්ට ගෝලීය වශයෙන් ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ මග පෙන්වීමක් වත් කරන්න තිබුනා. අපි සිතන්නේ ඔව්න් සමග මෙවැනි කරුණු සම්බන්ධ විශේෂඥයන් සිටී යන්නය. දැන් පෙනෙන්නේ ඔවුන් ඉතා දුර්වල පිරිසක් යන්නයි.