IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කොරෝනා වලින් ⁣බේරෙන්න ඇමෙරිකානුවෙක් ගෙන් ත්‍රිමාණ මුඛ ආවරණයක්

( තිළිණි ද සිල්වා )


නව කොරෝනා වෛරසය පැතිර යන පසුබිමක ත්‍රිමාණ තාක්ෂණය උපයෝගී කරගනිමින් මුව ආවරණයක් නිපදවීමට අමෙරිකානු ජාතිකයෙක් සමත්ව තිබේ.

අමෙරිකාව මේ වන විට නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්තානය බවට පත්ව තිබෙන්නේ පුද්ගලයන් 140,000කට වැඩි පිරිසක් ඊට ගොදුරු කරගනිමිනි.වයිරස් ව්‍යාප්තියත් සමග රට තුළ මුහුණු ආවරණ හිඟයක්ද මතුව තිබේ.

ඊට විසඳුමක් ලෙස ත්‍රිමාණ තාක්ෂණය උපයෝගි කරගනිමින් මුහුණු ආවරණයක් මුද්‍රණය කිරීමට ඔක්ලහෝමා ප්‍රාන්තයේ වැසියෙක් සමත්වී තිබේ. ඔහු 35 හැවිරිදි ජෝ කූවර්.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාවට නිවෙස්වලට වී සිටීමට උපදෙස් ලබාදී ඇති අවස්ථාවක සිය කාලය අපතේ නොයවමින් මෙවැනි නිර්මාණයක් කිරීමට අදහස් කළ බව ජෝ පවසයි.

එමෙන්ම ආරක්ෂිත මුහුණු ආවරණවල හිඟයක් පවතින බවට පලවූ වාර්තා ඇසීමෙන් මුහුණු ආවරණය පිළිබඳ අදහස පහළවූ බවත් ඔහු පැවසුවේය.
ත්‍රිමාණ මුහුණු ආවරණ මුද්‍රණය කිරීමට අමතරව ඔහු මේ දිනවලදී අන්තර්ජාලය ඔස්සේ මැජික් සංදර්ශන හා පන්ති පැවැත්වීමත් සිදු කරයි.

කෙසේ වෙතත් ඔහු මුහුණු ආවරණ සඳහා ජනතාවගෙන් මුදල් අය නොකරන අතර තව තවත් මුහුණු ආවරණ මුද්‍රණය කිරීම සඳහා ප්ලාස්ටික් අමුද්‍රව්‍ය පමණක් පරිත්‍යාග ලෙස ලබාගන්නා බව ද කියා සිටී.

 



අදහස් (5)

කොරෝනා වලින් ⁣බේරෙන්න ඇමෙරිකානුවෙක් ගෙන් ත්‍රිමාණ මුඛ ආවරණයක්

Akila Tuesday, 31 March 2020 04:02 AM

කොරෝා පරීක්ෂණය සිදුකර විනාඩි 5ක් වැනි කෙටි කාලයකදී ප්‍රතිඵලය ලබාගන්න පුළුවන් ටෙස්ට් කිට් එකක් ඇමරිකාවේ ආයතනයක් නිපදා තිබෙනවා( එයට FDA අනුමැතියත් ලැබී තිබෙනවා ) , ලංකාවෙත් මෙවැනි ඉක්මනින් ප්‍රතිඵලය ගන්න පුළුවන් ටෙස්ට් කිට් එකක් හදාගන්න පුළුවන් නම් අපිට නිරෝධායනය මධ්‍යස්ථාන වල කට්ටිය ගොඩ ගැහෙන එක අඩු කරගන්නත් නැවත ගුවන්තොටුපළ විවෘත කරගන්නත් පුලුවන්.

:       1       30

RanjithTuesday, 31 March 2020 04:51 AM

දකුණු කොරියාව ඊට කලින් ඕක හැදුවා. තමන්ට පරීා කර ගන්න වාහනේ ඉඳන්ම විනාඩි 5න් ටෙස්ට් කරන පරීක්ෂණාගාර තිබුනා. අධිවේගී පිවිසුමේ මුදල් කවුලු වගේ ඒ පරීක්ෂණාගාර.........අන්තර්ජාලයේ සොයා බලන්න. 10,000ක් ලෙඩ්ඩු ඉඳලා මරණ 162යි වුනේ. ඒ ඔය ක්‍රමෙන් තමයි.

:       17       10

anura Tuesday, 31 March 2020 04:41 AM

අනේ අනිච්චං අපි බලාගෙන හිටි‌යේ ඔයගොල්ලෝ අඟහරු ලෝකෙට මිනිස්සු යවනකල්. දැන්නම් පෙනහැල්ලට හුලං ටිකක් පොම්ප කරන උපකරණවත් ඔය ගොල්ලන්ට නැහැනේ.

:       13       40

MD Tuesday, 31 March 2020 04:46 AM

දවස් ‌දෙක තුන යනකොට මුඛ ආවරණ හදපු, ලෙඩාගේ ඇද ළගට ‌බෙහෙත් ‌ගෙනියන මැෂින් හදපු, ශ්‍රී ලංකාවට ඔහොම කතා කරන එක ‌කොච්චර වැරදිද ? ඔයා ටී.වී, ‌රේඩියෝ, ‌ෆෝන් පාවිච්චි කරන්නේ නැත්තම් අර වන්නිල ඇත්තන්ගෙන් රටේ විස්තර අහගන්න.

:       50       43

anula Tuesday, 31 March 2020 07:01 AM

ඇප් එකක් හදන්න ඕන ස්මාර්ට් දුරකථන පාවිච්චි කරන අයගේ කොරෝන තියෙනවද කියල බලාගන්න පුළුවන්..?

:       6       0

ඔබේ අදහස් එවන්න

දියත

ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 33 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 99 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 42 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 212 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 201 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 747 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1625 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site