කොරෝනා වයිරස වසංගතය ලොව පුරා මාධය නිදහසට ද තර්ජනයක් වී ඇති බව වාර්ෂිකව නිකුත් කරන ලෝක මාධ්‍ය නිදහස සම්බන්ධ දර්ශකය පෙන්වා දෙයි.
"දේශ සීමා රහිත මාධ්‍යවේදීන්" විසින් සම්පාදනය කරන ලද මෙම දර්ශකය මගින් මාධ්‍ය නිදහස සම්බන්දව ලොවපුරා රටවල් 180ක ශ්‍රේණිගත කිරීම් දැක්වෙන අතර මෙවර එම දර්ශකය ලොව පුරා රටවල් වසංගතයට දැක්වූ ප්‍රතිචාර අතර අන්‍යොන්‍ය සම්බන්දය ද පෙන්වා දෙයි.
තම ස්ථාන රැක ගනිමින් දර්ශකයේ ඉහලින්ම නෝර්වේ රාජ්‍යය සිටින අතර උතුරු කොරියාව අවසන් ස්ථානයට පත්වී ඇත.
කොරෝනා වයිරස වසංගතය සම්බන්ද දත්ත සැඟවීම හේතුවෙන් ඉරානය සහ චීනය ස්ථාන තුනක් පහතට වැටී 173 වන ස්ථානයට පත්ව ඇත.
මින් පෙර 06වන ස්ථානයේ සිටි ඉරාකය 162 ස්ථානය දක්වා පහත වැටී ඇත.
එයට හේතු වී ඇත්තේ ඉරාකයේ නිල සංඛ්‍යා ලේඛණ පිළිබඳ ප්‍රශ්න කරමින් ප්‍රවෘත්තියක් පල කිරීම සම්බන්දව රොයිටර් පුවත් ඒජන්සියේ බලපත්‍රය මාස තුනකට තහනම් කිරීමයි.
අගමැති වික්ටර් ඕර්බන් විසින් "කොරෝනා වයිරස නීතිය" සම්මත කිරීම හේතුවෙන් හංගේරියාව ස්ථාන දෙකක් පහතට වැටී 89 වන ස්ථානයට පත්වී තිබේ.
දේශසීමා රහිත මාධයවේදීන්ගේ සංවිධානයේ මහ ලේකම් ක්‍රිස්ටෝෆර් ඩෙලෝයර් පවසන්නේ මෙම මහජන සෞඛ්‍ය අර්බුදය හේතුවෙන් සමහර රජයන්ට ඒකාධිපති ලෙස හැසිරීමට අවස්ථාවක් ලබාදී ඇති බවයි.
තොරතුරු දැනගැනීමේ නිදහස, වෙනස් අදහස් වලට ගරු කිරීම සහ විශ්වසනීයත්වය යන කරුණු සම්බන්දව 2030 වසර වනවිට ලොව පුරා රටවල හැසිරීම කෙබඳු වනු ඇත්ද යන ප්‍රශ්නයට පිළිතුර වර්ථමානයේ තීරණය වන බවද ඔහු වැඩිදුරටත් පවසයි.
මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 127 වන ස්ථානයයි.
එය පසුගිය වසරට වඩා එක් ස්ථානයක් පහල බැස ඇත.
(බීබීසි ඇසුරිනි - 085)
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොරෝනා ලොව පුරා මාධ්‍ය නිදහසට තර්ජනයක් බව මාධ්‍යවේදීහු පවසති
saman Tuesday, 21 April 2020 06:11 PM
අපේ නම් සමහර මාධ්‍යවේදීන් කොරෝනා වලට තර්ජනයක්.