(එස්. ඩි. කොඩිකාර)
කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පිටබැද්දර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සඳහා සහ වයිරසය මර්දනය කිරීම දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් රුපියල් ලක්ෂ 10ක මුදලක් පිටබැද්දර ප්‍රාදේශීය සභාවට ලබාදී ඇතැයි එහි සභාපති මහින්ද සිරිවර්ධන මහතා අද (30) පැවසීය.
දැනටමත් එම මුදල් වලින් රුපියල් ලක්ෂ දෙකක් කොටපොල විවිධ සේවා සමූපාකාර සමිතිය සඳහා නිදහස් කර ඇති බවත් එම මුදල් වලින් පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගෙන සහන මිලට රුපියල් රු.1000.00 ක භාණ්ඩ මල්ලක් ලබාදීමට කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය .
එම භාණ්ඩ බෙදා හරිනු ලබන්නේ ඇඳිරිනීතිය කාල වේලාව තුළ බවත් එසේ කරනු ලබන්නේ ඇදිරිනීතිය ලිහිල් කළ අවස්ථාවේ නගරයේ තදබදය අඩු කර ගැනීමට බවත් සභාපතිවරයා පැවසීය .
ඊට අමතරව එම මුදල් වලින් රුපියල් ලක්ෂයක මුදලක් බවුසර් මගින් ජලය ලබා ගැනීම සඳහා ජල සම්පාදනය සඳහා ගෙවීම් කර ඇති බවත් වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන මදි වුවහොත් මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර සභා අරමුදලින් අවශ්‍යතා අනුව මුදල් ලබා ගැනීමට කටයුතු කරන බවත් සභාපති සභාපති වරයා පැවසීය .
මේ වන විටත් බල ප්‍රදේශයේ බස් නැවතුම්පොළ ඇතුළු මහජනයා ගැවසෙන බොහෝ ස්ථාන විශබීජහරණය සිදු කළ බවත් කී සභාපතිවරයා ඇඳිරි නීතිය ලිහිල් කළ වහාම බොහෝ ජනතාව වෙළඳසැල් කරා පැමිණ යන්නේ සැමන්,පරිප්පු මිලදී ගැනීමට බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය .
මේ සෑම කටයුත්තක්ම සිදුකරනු ලබන්නේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවය මත බවත් කී සභාපතිවරයා කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා සියලු කැපකිරීම් සිදු කරන බවත් පැවසීය.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොරෝනා මර්දනයට පිටබැද්දරින් ලක්ෂ 10ක්