කොරෝනා වසංගතය හේතුවෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වන රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්ව ඇත.
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මීට පෙර වැඩිම මරණ ගණනක් වාර්තා වූයේ ඉතාලියෙනි.
මේ අනුව ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම මරණ හා ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
රොයිටර්ස් පුවත් සේවය නිකුත් කළ දත්තවලට අනුව සෙනසුරාදා රාත්‍රිය වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 19,600 ඉක්මවා ගොස් ඇත .
රොයිටර්
055
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොරෝනා මරණ වැඩිම රට ඇමෙරිකාව වෙයි
දසුන් Saturday, 11 April 2020 07:47 PM
මිසයිල ,න්‍යෂ්ටික අවි, ප්‍රහාරක යානා, යුද නැව්, නැනෝ මීටර් දෙකේ වෛරසයට පරාජය වී ඇත.
මුණසිංහ Sunday, 12 April 2020 01:30 AM
ඇමරිකාවේ ජනාධිපතියි, ආණ්ඩුකාරවරුයි අතරේ මත භේද ඇති වෙලා. දෙගොල්ලා බෝල පාස් කර කර ඉන්නවා. මුල දී එයාල මේක සෙම්ප්‍රතිශ්‍යාවක් විදියටයි සැලකුවේ. බටහිර සියලු රටවල් මේක සමච්චලයට භාජනය කලා - චීනයත් එක්ක. දැන් විපාක විදිනවා. ඇමරිකාවට ජන ජීවිතයට වඩා වටින්නේ ආර්ථිකය. දැන් ජනතාවත් ඉවරයි-ආර්ථිකයත් ඉවරයි. එරටවල්වල වැසියන් ලංකාවේ ක්‍රියාදාමය අගයන්නේ්ඒ නිසා.
rana Sunday, 12 April 2020 02:14 AM
මොන දෙයද මේ ? විවේචනය ඇමරිකාව, ඉතාලිය සහ යුරෝපා රටවලට , හැබැයි බෝට්ටුවෙන් හොර විසා වලින් මොන ජල්බරියෙන් වත් යන්න හදන්නේ එහෙටම නේ ? යන්නකෝ චීනෙට එක නේද දැන් පුරසාරම් දොඩන පාරාදීසය ?
wije Sunday, 12 April 2020 06:18 AM
ඉතාමත්ම කණගාටුදායක තත්වයක්. රෝගීව සිටින රෝගීන් ඉක්මනින්ම සුවපත්වේවා. හැබැයි මෙමගින් ලෝකයටම ලොකු පණිවිඩයක් ගෙනියනවා. ඒ තමයි ලෝකයටම ගහන්න ආයුධ හැදුවාට, හදට රොකට් යැවුවට, වෙන ග්‍රහලෝක ගැන හෙව්වාට කාටහරි ගහන්න ඕනා කියලා හිතුනම බොරු හේතු හදලා ගැහුවාට ලෝක බලවතා වෙන්න බැහැ ආගම දහමට අනුව සාධාරණව ජිවත්වුනොත් විතරයි ලෝක බලවතා වෙන්න පුළුවන් වෙන්නේ.
Darshana Sunday, 12 April 2020 08:02 AM
ඇමෙරිකාවට මොකද උනේ ?
beau Sunday, 12 April 2020 08:48 AM
කරුමේ පල දෙන හැටි...
SARATH Sunday, 12 April 2020 01:59 PM
දෙවන ලෝක යුද්ධයෙන් ලෝකය බේරාගන්න ගොස් ඇමරිකාවට අහිමිවූ ජීවිත ගණන 450,000 කි. ලංකාවේ 100 කටත් අඩුයි. හැම අවස්ථාවකදීම ඇමරිකාව පණ දෙවැනිකොට ලෝකය රකිනවා. ලංකාවත් එක්තරා අවධියකත් අදටත් ඇමරිකා ආධාරවලින් යැපෙන රටක්. ඉදිමෙන්න එපා. සිංහල අපේ ලේවල කුහක ගති නැහැ. මේ පෝස්ටර් දාන අය මොන දීපෙක උපන් අයද අපි දන්නේ නෑ.
de silva Sunday, 12 April 2020 03:12 PM
සරත් කවුද ඉදිමුනේ ? ඇමරිකාවද ? ඔබද ?
ලලිත් චන්ද්‍ර Sunday, 12 April 2020 08:22 PM
මේ ගොල්ලො කවදත් පලවැනිය වීමට කැමති අයනෙ. ඒ නිසා මුකුත් හිතන්න දෙයක් නැහැ. ඒ ගොල්ලන්ගෙ නිරුවත පේන්න ගත්තෙ දැන්. කටින් බතල හිටවන රටක් මේක. පවු අසරන මිනිස්සු....