‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය මැද දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය අද (10) ආරම්භ විය. ඒ අනුව කොරෝනා වසංගතය මැද්දේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන පළමු හා ප්‍රධාන රට වන්නේ දකුණු කොරියාවයි.
ඡන්ද දායකයන් එකිනෙකා අතර අඩි තුනක පරතරයක් තබාගනිමින් ඡන්ද පෝළීමේ සිටිය යුතු යැයි ද බලධාරිහු නියෝග කර තිබිණි. ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඡන්ද දායකයන් සියලු දෙනාගේම ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ අතර නිලධාරීහු ඡන්ද දායකයන් සනීපාරක්ෂක අත්වැසුම්, සනීපාරක්ෂක දියර යනාදිය බෙදා දුන්හ.
‘කොවිඩ්-19’ ආසාදිතයන් සහ රෝහල්ගතව සිටින රෝගීන්ට ඡන්දය ප්‍රකශ කිරීමට අද (10) දිනය සම්පූර්ණයෙන් වෙන් කර තිබුණු බව ද දකුණු කොරියාවෙන් වාර්තා විය. විශේෂ ක්‍රමවේදයකට අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදුවිය. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 44ක් සුදුසුකම් ලබා සිටියහ. මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 14,000ක් විෂබීජහරණයට ලක් කිරීමට ද දකුණු කොරියානු බලධාරීහු පියවර ගෙන තිබිණි. කොරෝනා ආසාදිතයන් සහ නිරෝධායනය ලක්වූවන් සඳහා පමණක් ඡන්ද පොළ අටක් ස්ථාපිත කර තිබුණු බව ද වාර්තා වේ.
ඡන්ද ආරක්ෂිත පවත්වාගෙන යෑම සඳහා හමුදාව, පොලිසිය, රාජ්‍ය සේවකයන් අත්‍යවශ්‍ය හමුදා සේවයට සූදානමින් සිටින තරුණ තරුණියන් යෙදවීමට දකුණු කොරියානු බලධාරීහු පියරව ගත්හ.
‘කොවිඩ්-19’ වයිරස වසංගතය හේතුවෙන් මැතිවරණ කටයුතු කිසිවක් පැවැත්වූයේ සීමා සහිතවය. බොහෝ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සමාජ මාධ්‍ය ඔස්සේත්, රූපවාහිනිය සහ ගුවන් විදුලිය ඔස්සේත් සිදු කෙරුණි. සෙසු දකුණු කොරියානුවන් වෙනුවෙන් මැතිවරණ කටයුතු පැවැත්වෙන්නේ ලබන 15 වැනිදාය. ඒ, ඡන්ද පොළවල ජනතාව පෝලිම් ගැසී සිටීම වැළැක්වීමේ අරමුණින් මැතිවරණය දින කීපයක් තිස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒ.එෆ්.පී./රොයිටර්
055
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොරෝනා මැද දකුණු කොරියාවේ මැතිවරණය ඇරඹෙයි
සමන්ත Friday, 10 April 2020 06:04 PM
දකුණු කොරියාවේ ඡන්දයත් තියෙනවා. ඒකට අපේ රටේ අය කිව්වේ රාජපක්ෂලාට 2/3 ගන්න ඡන්ද තියන්න හදනවා කොරෝනා මතින් කියලා. දැන් මැකෝ ව්‍යවස්ථා අර්බුදයක් ගැන කියවනවා. ඒවා ගැන හිතන්න තිබ්බේ ඡන්දෙ කල් දාන්න කලින්. හැමදෙයක්ම ප්ලෑන් කරන්න ඕනේ. ජනාධිපති වගේ. දැන් බලන්න සහල් නෑ කියලා හාල් ඕස්තාර් කෙනෙක් දගලද්දී ආර්මි එකෙන් දුන්නු උත්තරය කොහොමද. මැකෝට දැන් හිතෙනවා ඇති දකුණු කොරියාව වගේ නියමිත කාලෙට ඡන්දෙ තිබ්බානම් හොදයිි කියලා. එහෙම නැත්නම් ඡන්දේ වැඩක් නෑ. මේ විදිහටම හමුදාවත් එක්කම රට ඉදිරියට ගෙන යමු. ඒකට ජනමත විචාරණයක් තිබ්බා නම් ඇති.
ranjith Friday, 10 April 2020 08:36 PM
මොන චන්දයක්ද? ඊට වඩා මේ උවදුරෙන් ගොඩඑනඑක වැදගත් ....
ශේහාන් Saturday, 11 April 2020 01:10 AM
දියුනු රටවල් එහෙමයි. මොකද කොරෝනාවල සුභවාදීපැති ගොඩාක් තියනවා. චන්දෙට පෝස්ටෙර්වලට කටවුට්වලට රැස්වීම්වලට කෝටි කීයක්නම් විනාස කරනවද? පරිසරය කොච්චර විනාශ වෙනවද? ඒවා ඉවත්කරන අයට කෝටි කීයක් ගෙවනවද? මේ තරම් තාක්ශනය දියුනු ලෝකේ හැමෝටම ස්මාර්ට් දුරකතන තියන කාලේ ඊ කැන්වසින් කරා නම් පරිසරයටත් හොදයි.ඒ කෝටි ප්‍රකෝටි ගාන ඉතුරුයි. චන්දෙ කල්දාන්න කියල ඉල්ලපු කවුරුවත් රටට ආදරේ නිසා නෙමෙයි අන්ත පරාජයක් වෙන නිසා තියන්න එපා කිව්වේ. ඒක සබුද්ධික අයට තේරෙනවා. කොහොම වුනත් මම නම් හිතන්නේ කොවිඩ් ඉවර උනාම වුණත් සම්පූර්ණයෙන්ම ඊ කැන්වසින් මතම චන්දය කරන්න ඕනා.