IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොරෝනා මඬින්න ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් කෝටි 24 ක්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ සේවකයන් ආරක්ෂා කරගැනීම සඳහාත් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හා ආසාදනය වීම පාලනය කිරීම සඳහාත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3ක (රුපියල් කෝටි 24 කට අධික මුදලක්) මුදලක් පරිත්‍යාග කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය හරහා මෙම මුදල මෙරටට හිමි වේ.

ආසාදිතයන් සොයාගැනීම හා සෝදිසි කිරීම්, ප්‍රතිචාර දැක්වීම හා සූදානම් වීම සඳහා තාක්ෂණික විශේෂඥ සහාය, අවදානම් සන්නිවේදනය, ආසාදනය වීම වැළැක්වීම සහ වයිරසය ව්‍යාප්ත වීම පාලනය ඇතුළු කටයුතු සඳහා මෙම මූල්‍ය ප්‍රදානය මෙරටට ලැබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්-19’ පරීක්ෂණ කිරීම වැඩි කිරීම සහ පුළුල් කිරීම සඳහා විද්‍යාගාර පද්ධති සූදානම් කිරීමට ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මෙරටට සහාය හිමි වේ. ආධාර ලබාදීමේදී ප්‍රමුඛත්වය දිය යුතු අංශ මොනවාදැයි හඳුනාගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද රජය, ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් පාර්ශව සමඟ සමීපව කටයුතු කරන බව ද කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

055



අදහස් (25)

කොරෝනා මඬින්න ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් කෝටි 24 ක්

හරේන් Thursday, 09 April 2020 12:43 PM

ඇමරිකාව පව් බං. හරි නං අපි සල්ලි යවන්න ඕනෙ උන්ට. දවසකට දෙදාහකට කිට්ටු ගානක් මැරෙනව එහේ.

:       1002       2190

PradeepThursday, 09 April 2020 01:28 PM

අපි සල්ලි යැව්වා කියලා වැඩක් වෙන්නේ නෑ. උන්ට සල්ලි තියනවා, නමුත් ට්‍රම්පට කයිවාරු ගැහුවට මොලේ නෑ. වයිරසයේ ව්‍යාප්තිය පාලනයට නිසි පියවර ගත්තේ නෑ.

:       139       23

KamalThursday, 09 April 2020 02:18 PM

ඔව් අනේ. දැන් ඩොලර් එකත් හොඳටම පහළ ගිහින් රුපියල උපරිමේටම නැගලා.

:       4       13

Dasa PThursday, 09 April 2020 02:34 PM

දැන් ලැජ්ජා නැතිව ඕක අරගෙන පස්සේ වාතයක් ගියත් ඒ අයටම බනින්න.

:       0       166

KumarThursday, 09 April 2020 04:04 PM

ඔයතරම් දුක සිතෙනවා නම් ඔයගොල්ලන්ගේ දේශපාලුවන්ට කියන්න ඒ මුදල් ආපසු දෙන්න කියල. ලැබුන මුදලින් මහජනයට ලැබෙන්නෙ තුනෙන් එක පංගුවක ප්‍රයෝජනය පමණයි. ඉතිරිය ලොකුලොක්කන්ගේ ලොකු වැටුප් ගෙවන්න පාවිච්චි කරනවා. මම ලංකාවේ ඉන්න කෙනෙක් නම් පොලිසිය අත්අඩංගුවට ගන්න ඉඩ තිබෙනවා.

:       1       77

SujeewaThursday, 09 April 2020 07:25 PM

කුමාර්, ඔයා ලංකාවේ නැතිකම කොච්චර දේව ආශිර්වාදයක්ද! ඉන්න රටේම ඉන්න. අද රටේ තියෙන්නේ විද්‍යාත්මකව සහ අවන්කකමෙන් පිරිපුන් රජයක්. ඒ බව අප ලෝකයටම - කොරෝනා කළමනාකරණයෙන් පෙන්නා දී ඇත.

:       1227       1248

රවිඳු Thursday, 09 April 2020 07:28 PM

අනේ හරීන්, නිල මැස්සෙක් ගිය උඩ කිව්වලු,. මොනා නැතත්, දේශීය රා කර්මාන්තයට නම් කියාපු ඔලු ගෙඩි තියනවා අපේ රටේ.

:       1       56

බද්රානි Thursday, 09 April 2020 01:02 PM

අම්මෝ! අපට නම් මේ කොරෝනාව තව දුරටත් වසංගතයක් නෙමේ, මේක කොරෝනා ඉල්ලමක් අපට, කිසිදා නොමැරෙන්න පෙරුම් පුරන අපට, කිසියම් දිනෙක මියයනවා යයි සිතන මිනිසුන්ගෙන් ලැබෙන හිඟමනක් තමයි මේ.. ඇමරිකන් කාරයින්වයි , යුරෝපීයන්වයි ඇලජික් වෙලා උඩපනින පුහු දේශප්‍රේමීන්ගේ කටවල් මුදල් ඉදිරියේ ලොක් වෙනවා ඇති සමහර විට. කබර ගොයා, තලගොයා කරගෙන කන්න පුරුදු වෙලා ඉන්න අපට, මේ වගේ ඉල්ලම් පෑදෙනවා නම් කොරෝනා නෙමේ, ඊට වැඩිය එකක් ආවත් මොකද? දැන් කොරෝන කාලේ හින්ද නැහැ දුක් වෙන්නේ... හායි බායි ආපි ඔන්න අවුරුදු කාලේ...

:       61       213

lankaFriday, 10 April 2020 06:29 AM

අර ඇස් අන්ධ මනුස්සයා ජිවිත කාලෙම එකතු කරපු සල්ලි රුපියල් ලක්ෂ 5 ත් පරිත්‍යාග කරාම බාරගත්ත එකේ ඇමරිකාවෙන් දුන්න කෝටි 24 නොගෙන ඉඳියිද ?

:       6       59

siri Thursday, 09 April 2020 01:09 PM

අර සුනාමි ආධාර වලට කළා වගේ මේකෙනුත් කීයක් මාටියා ගහයිද දන්නේ නැහැ. අයියටනේ විය හියදම් බාරදීල තියෙන්නේ.

:       148       323

Raveendra Thursday, 09 April 2020 01:21 PM

ඩොනල්ට " මක්කෙයි " වෙලා තියෙන්නේ ? එහෙ ප්‍රාන්තවල මහතැන් වල ඉන්න හාදයෝ අඩනවා අපිට අරවා නැහැ. මේවා නැහැ කියා කියා .... මෙයා අපිට සුදුලුනු නැතුවම ඉගුරු පුඩි කරනවා වගේ...

:       58       15

nisha Thursday, 09 April 2020 01:21 PM

උදේ හවහ ඇමෙරිකාව වැටිලා ලංකාව තමා කෙරුමෝ කිව්වට කීයක් හරි දෙනවනම් ගන්නවා

:       0       29

සෑම් Thursday, 09 April 2020 01:22 PM

හරි මරු රටෙන් තමයි උපදෙස් ගන්නේ. සල්ලි ගත්තට නම් කමක් නැහැ. උපදෙස් එපා කියන්න.

:       336       34

harshana Thursday, 09 April 2020 01:39 PM

දෙන දෙයක් කාලා උම්බෑ ගාන්නේ නැතුව ඉන්නවාද ? ඔහෙලා තවමත් ගිලින්නේ ඇමරිකන් පිටිගුලි නොවෙයිද? අනික සතපහක්වත් දෙන්න පුලුවන්නම් කයිවාරු ගැහුවට කමක් නෑ. අද ඩොලර් එක රු 200 පැනලා. ඒක බස්සගන්න හැටි හොයන්න. ළිං මැඩියෝ වගේ කෑගහන්නේ නැතිව.....

:       230       426

Silva Thursday, 09 April 2020 01:51 PM

ආධාර අරගෙන, තව බැනපල්ලා ඇමෙරිකාවට සහ යුරෝපයට...

:       10       152

ධම්ම Thursday, 09 April 2020 02:19 PM

සල්ලි දෙන්න නමුත් කොරෝනා මැඩලන ක්‍රමවේදය අපේ විය යුතුය. එයට ඇඟිලි ගහන්න දෙන්න බැහැ.

:       46       25

Anuruddha Thursday, 09 April 2020 03:12 PM

අපිට එපා.... අපි නිවහල් අභිමානවත් ජාතියක්.... එහෙම නේද අපේ හාමුදුරුවනේ?

:       2       67

wije Thursday, 09 April 2020 04:50 PM

අනේ මේ සල්ලි කවුරුවත් හොරකම් කරන්න නම් එපා. මේ සල්ලි අහිංසක ජනතාව ගැන හිතලා කොරෝනා මර්දනය කරන්න යොදාගන්න.

:       0       66

vidya Thursday, 09 April 2020 05:09 PM

සමහරු විශේෂයෙන්ම කොමිනිස් කාරයෝ , වාමන්සික කියන අවස්ථා වාදියෝ අමරිකාවට නිතරම බනිනවා. අපි පොඩි කාලේ ඉස්කෝලේ කිරිටික දුන්නේ බනිස් ගෙඩිය දුන්නේ ඇමරිකාව.... තවද සුනාමිය ඇතිවෙච්ච වෙලාවේ දීපු දේවල් අමතක කරන්න හොඳ නැහැ . දෙවෙනි ලෝක යුද්දයදී ඇමරිකාවේ සොල්දාදුවෝ ජීවිත ලක්ෂ ගණනක් පුජා කරලා මේ ලෝකය බේරාගත්තේ හිට්ලර්, මුසෝලිනි සහ ජපන් අදිරාජයාගෙන්. ඔවුන් මේ ලෝකය අල්ලගත්ත නම් අපි ඔක්කොම වහල්ලු.... එම නිසා අපි ඇමරිකාවේ වෙසෙන සියලු දෙනාම මතක් කරලා පිරිත් කියන්න ඕනේ . හැම රටකම ඉතාම සන්වේදී මිනිසුන් ඉන්නවා . ඇෆ්ගනිස්තානයේ තලබාන් කාලකන්නියෝ ඇවිත් කටුගේය කඩන්න හදන කොට සියලුම බෞද්ධ පුරාන වස්තු බේරගන්න ගීය මුස්ලිම් සේවක මහතා ජීවිතය පරදුවට තියල එම දේවල් බේරාගත්තේ.... හරේන්: ඔබට හැඟුණු සංවේදීතාවය මම අගය කරනවා . සියලු සත්වයෝ නිදුක් වේවා , නිරෝගී වේවා , සුවපත් වේවා...!!!

:       2       264

Dil PereraThursday, 09 April 2020 07:16 PM

ඇමෙරිකා රජය සහ ඇමරිකානු ජනතාව යනු පරස්පර කොටස් දෙකක්. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවටත් - ලෝකයටත් බිහිවූ අපරාදයක්. ඔහුට නිසි දඩුවම නොවැම්බරයේදී පවත්වන ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඇමරිකානු ජනතාව ලබාදෙයි. ජෝර්ජ් වොෂින්ටන්, ආබ්‍රහම් ලින්කන්, රූස්වෙල්ට්, බරාක් ඔබාමා වැනි ජනාදිපතිවරුන් ලොවටම ආදර්ශයක් සහ වාසනාවන්. ආචාර්ය NM පෙරේරා, නාවික හමුධාපති වසන්තා කරන්නාගොඩ, යුධ හමුධාපති සරත් ෆොන්සේකා, ජනාධිපති ගෝඨාභය වැනි ශ්‍රේෂ්ටයන් බිහිකළ ආනන්ද විද්‍යාලය අපට ලබාදුන්නෙත් ඇමරිකානු කතෝලිකයෙක්ව ඉපිදී, පසු කාලයේදී බෞද්ධ දර්ශනය වැලදගත් ඇමරිකානු ජාතික හෙන්රි ස්ටිල් ඕල්කොට්. ඇමරිකානුවා ඉතාමත් ශ්‍රේෂ්ට පුද්ගලයෙක්. රටේ අද තිබෙනා මාර්ග තදබදය නැතිකිරිමටත් - රටේ ඉඩම් පරිපාලනය කඩිනම් කිරීමටත් ඇමරිකානු ජනතාව MCC ගිවිසුම මගින් අප රටට ලබාදුන් ඩොලර් මිලියන 480 මුදල් ප්‍රදානය බයංකාර බිල්ලෙක් ලෙස සලකන්නෙත් "විද්‍යා මහතා" පෙන්නාදුන් වාමන්ශිකයන් ලෙස පෙනිසිට රටට වින කරනා, අප රටේ ඉන්න දේශප්‍රේමින් නොව, දේශමාමකයින්ය .

:       79       177

lamayar Thursday, 09 April 2020 05:10 PM

මේකට රට විකුණන්න නම් බැහැ .

:       167       86

ලුම්බිණි Friday, 10 April 2020 12:40 AM

මේ සම්බන්ධයෙන් මට කිව හැක්කේ ඇමරිකාවට ස්තුතියි කියලා.

:       0       5

Sarath R Friday, 10 April 2020 02:14 AM

මේකේ ගොඩක්ගේ වැඩේ මහින්දට බනින එක හොරා කියල. කවුරුත් දැනගත්තොත් හොඳයි, මහින්ද හිටියේ නැත්නම් අද ඔක්කොම ප්‍රබාකරන්ගේ වලන් හෝදනවා. ඔප්පු වෙනකම් මහින්දටවත්, රනිල්ටවත් හොරා කියන්න බෑ.

:       77       94

sharm warn Friday, 10 April 2020 02:21 AM

ලංකාවේ ආසාධිත සහ මරණ සංඛ්‍යාව බලනකොට ඇමරිකාවේ මොනවද වෙන්නේ කියලා අපිට හිතා ගන්නවත් බැරි වෙලාවක.. අපේ රටට මෙච්චර කැක්කුමකින් සල්ලි දෙන්නේ ඇයි කියල ඔයාලට හිතෙන්නේ නැද්ද?

:       9       1

සඳුන් Friday, 10 April 2020 12:56 PM

මිස්ටර් ටෙන් පසන්ට්ගේ ඉහේ මලක් පිපුනා වගේ ඇති මේ ආරන්චිය ඇහුවම සමන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1139 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 718 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 926 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 800 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site