IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනා මඬින්න රැකියා විරහිත උපාධිධාරීන්ගේ සහය

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

කොරෝනා වයිරසය පාලන ක්‍රියාවලිය සඳහා රැකියා විරහිත අභ්‍යාසලාභී උපාධිධාරී අභ්‍යාසලාභීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට තාවකාලිකව අනුයුක්ත කිරීමට තීරණ කර ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
 
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි ඔවුන් මෙලෙස අනුයුක්ත කිරීමට තීරණය කළ බව එම අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සේවය සඳහා වාර්තා කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පුහුණු කටයුතු ඇරඹීම පවත්නා තත්වය සැලකිල්ලට ගෙන මැයි මාසය දක්වා ප්‍රමාද කර තිබෙන බව ද ඒ අනුව මෙම තීරණය ගත් බවද හෙට්ටිආරච්චි මහතා  සඳහන් කරයි.

එහෙත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම නිසා ඔවුන්ට සේවයට වාර්තා කිරීමට අපහසු බැවින් හෙට(30) දිනයේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී/ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත වාර්තා කිරීම අත්‍යවශ්‍ය නොවන බවද, ඒ පිළිබඳව යථා කාලයේදී දැනුම්දෙන බවද නිවේදනයේ දැක්වේ.



අදහස් (0)

කොරෝනා මඬින්න රැකියා විරහිත උපාධිධාරීන්ගේ සහය

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1137 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 716 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 925 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 800 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1464 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site