උපුල් තම්මිට
කොරෝනා ආසාදිතයින් හට ලබාදෙන ප්‍රතිකාර වඩාත් ආරක්ෂාකාරී ලෙස හා කඩිනමින් ලබාදීම සදහා ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ තාක්ෂන පීඨයේ සිසුන් විසින් කරන ලද රෝබෝ යන්ත්‍රය අද(10) සවස අනුරාධපුර ශීක්ෂන රෝහලට අනුබද්ධිත මෙත්සිරිසෙවන වෛද්‍ය මධ්‍යස්ථානය වෙත බාර දීම සිදුකෙරිණි.
කෙරෝනා ආසාදිතයින් යැයි සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීම සදහා මෙත්සිරිසෙවන වෛද්‍ය මධ්‍යස්ථානය වෙන්කර තිබේ.
මෙම රෝබෝ යන්ත්‍රය දුරස්ථ පාළකයක් මගින් සම්පූර්ණයෙන්ම මෙහෙයුම් සිදුකලහැකි වන අතර රෝගියා ලගට නොගොස් ඖෂධ ලබාදීම, රෝගියා සමග සාකච්ඡා කිරීම ඇතුලු පහසුකම් රැසකින් සමන්විතවන අතරම කිලෝ ග්‍රෑම් විසිපහක පමන බර සහිත ඖෂධ රැගෙනයාමේ පහසුකම්වලින්ද සමන්විතය.
වෛද්‍යවරුන්ට ඕනැම ස්ථානයක සිට රෝගීන් නිරීක්ෂනය කිරිම හා සංවාදයක නිරතවීමේ පහසුකම්ද මෙම රෝබෝ සතුවීම විශේෂත්වයකි.
මෙම රෝබෝව නිර්මානය කිරීම සදහා රුපියල් පනස්දහසක් පමන වැයවූ බව පවසන සිසුන් රුපියල් ලක්ෂයක වැනි මුදලකින් මීට වඩා පහසුකම් රැසකින් සමන්විත තාක්ෂනයෙන් උසස් රෝබෝවක් නිර්මානය කලහැකි බව එම සිසුහු පැවසූහ.
දින දෙකක් වැනි සුළුකාලයක් තුලදී මෙම නිර්මානය අවසන් කර ඇති අතර මේ සදහා රජරට විශ්ව විද්‍යාලයේ පාළනාධිකාරිය පූර්ණ සහාය ලබා දී ඇති අතරම ශ්‍රී ලංකා යුදහමුදාවේ 21වැනි සේනාංකය ඇදිරිනීතිය සමයේ අමුද්‍රව්‍ය සොයාගැනීම සදහා උපකාර ලබාදී තිබේ.
රෝබෝ යන්ත්‍රය නිළවශයෙන් භාරදීම අද සවස මෙත්සිරි සෙවන රෝහලේදී පැවැත්වුනු අතර වසංගත රෝග නිවාරන මෙහෙයුම් ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරීන් වෙත භාර දෙනු ලැබූ අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුරාධපුර පිහිටි 21 වැනි සේනාංකාධිපති කර්නල් විකුම් ලියනගේ අනුරාධපුර ශීක්ෂන රෝහලේ විෂේශඥ වෛද්‍ය හේමාල් සේනානායක යන මහත්වරුන් ඇතුළු වේ.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොරෝනා මඩින්න රජරට විශ්ව විද්‍යාල සිසුන්ගෙන් රෝබොවෙක්
Prabath. Friday, 10 April 2020 03:56 PM
අලුතෙන්ම නම් කරන ලද කොරෝන සැක රෝගීන් සඳහා වෙන්කරන ලද මිනුවන්ගොඩ රෝහලටත් ඔබගේ සහය ලබා දෙන්න.
wije Friday, 10 April 2020 04:33 PM
ඉදිකටුව , සරුංගලය , වෙසක් කූඩුව , කොන්ඩකටුව රටින් ගෙනාපු රටේ නේද දෙවියනේ මෙච්චර වටිනා හැකියාව තියන දක්ෂයෝ ඉදලා තියෙන්නේ. මේ පලවෙනි එක නෙවෙයි පහුගිය දින කීපයට අපේ රටේ අපේම කොල්ලෝ කෙල්ලෝ පිරිස අත සෝදන උපකරණ , රොබෝවරු , දුරස්ථ පාලකය මගින් ක්‍රියා කරවන මෙට්ට වගේ දේවල් හැදුවා නේද? අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවදානය පිණිසයි . දැන්වත් අපේ පාලකයින්ගේ ඇස් ඇරේවා...!!!
Champa Friday, 10 April 2020 04:57 PM
ඉතාම හොඳ නිර්මාණයක්. මම මේ වගේ දේවල් කියවන්න හරි කැමතියි. හරිම ආඩම්බරයි අපේ තරුණයෝ ගැන. රුපියල් පනස්දාහකින් දවස් දෙකකින් හදල තියෙන්නේ. වචන නැහැ කියන්න මොන තරම් දක්ෂකමක්ද කියල. මේවාට පේටන්ට් බලපත්‍ර අරන් තියාගන්න.
jayath Saturday, 11 April 2020 02:44 AM
ඉතාම අඩු මුදලකට ගන්න පුළුවන් (රු 1000 ක් විතර ) වෙන open source soft ware එකක් තියනවා ARDUNIO කියල මම හිතන්නේ මේ හැම නිර්මානයකම හරය ඕකඊළඟට පේලි 7- 8 ක ප්‍රෝග්‍රෑම් එකක් . ඊටත් අමතරව රොබෝ අත් , STEPPER MOTOR ඉතාම ලාබෙට ගන්න පුළුවන් මේ ඔක්කොම තිබුනත් වැඩක් නැහැ නිර්මානාත්මක හැකියාව මෙතෙන්ට එකතු උනේ නැත්නම් සාර්ථක කල්පනයක් -උත්සාහයක් - ජයවේවා !
Laal Saturday, 11 April 2020 04:08 AM
ඉතම අනර්ඝයි. මෙය ව්‍යාපාරයක් වශයෙන් කරන්න සැලසුම් කරගන්න. ජයවේවා!