IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොරෝනා නිසා ඉන්දීය පෙම් යුවළක් විඩීයෝ දුරකථන ඇමතුම්වලින් විවාහ වෙති

වීඩියෝ තාක්ෂණය ඔස්සේ විවාහය සිදුකළ යුවලක් පිළිබඳව ඉන්දියාවේ මහරාෂ්ට්‍රා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවතපත වාර්තා කර සිටී.

කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මාර්තු 24 වන දා සිට අප්‍රේල් 15වන දා තෙක් රට වසා දැමීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පියවර ගත්තේය.ඒ අනුව රට ජනතාවට මෙම කාලසීමාව තුලදී සමූහ වශයෙන් එක්රැස් වීමට හෝ පෞද්ගලික සහ පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට අවසර හිමිවූයේ නැත.

මෙවැනි පසුබිමක විවාහ දිවියට පත්වූ  මෙම යුවළ එරට මුස්ලිම්  ජාතිකයක් වන මේ යුවළ වීඩියෝ ඇමතුමක් ඔස්සේ විවාහය සිදුකර තිබුණි.සියලු චාරිත්‍ර වීඩියෝ ඇමතුම ඔස්සේ සිදුකර ඇත.

රට අකර්මණ්‍ය කිරීමට පෙර ඔවුන් විවාහය සඳහා දිනය නියම කරගෙන තිබූ අතර අමුත්තන් සඳහා ආරාධනාපත් යවා තිබුණි.

කෙසේ වෙතත් රට අකර්මණ්‍ය කිරීමෙන් ඔවුන්ගේ සියලු සැලසුම් බිඳවැටී ඇති අතර ඒ හේතුවෙන් මෙලෙස විවාහය සිදුකර ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි

125


 



අදහස් (9)

කොරෝනා නිසා ඉන්දීය පෙම් යුවළක් විඩීයෝ දුරකථන ඇමතුම්වලින් විවාහ වෙති

Pradeep Monday, 06 April 2020 02:16 PM

මේක විශේෂ ප්‍රවෘත්තියක් නෙමෙයි නේද..? මොකද ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ වෙසෙන මුස්ලිම් ජනතාව (බොහෝ විට එක අයෙක් පිට රටක සිටිනා විට) බහුලව මේ විදියට විවාහ වෙනවා. ඒක එයාලට සාමාන්‍ය දෙයක්.

:       0       0

තරිඳු Monday, 06 April 2020 02:35 PM

විදේශ රැකියා කරන අප මෙය බොහෝ දැක ඇත...

:       0       1

රුවන් Monday, 06 April 2020 02:45 PM

ඉන්දියාවේ උන් ඔය තරම් මෝඩ ඇයි....?

:       1       8

විපරමා Monday, 06 April 2020 04:11 PM

අපේ අයත් දැන් නිකම් ඉන්න එකක් නැහැ.

:       11       2

Chathuri Monday, 06 April 2020 05:43 PM

දරුවොත් හදයි මේ විදියටම... නියමයි තව කි දෙනෙක් මේ විදියට විවාහ කර ගනීද දන්නේ නැහැ ...

:       17       51

කපුරුහාමි Monday, 06 April 2020 11:07 PM

ඉන්දියාවෙන් එන හැම දෙයක්ම කොපි කරන බදාගන්න අපේ සමහර අයට නම් මේකත් හොඳ ආරන්චියක්?

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 07 April 2020 01:08 AM

අපේ ඉතාලි අක්කලා වයිබර්, වට්සැප් වලින් කරන දේවල් ලීක්වෙලා අන්තර්ජාලයේ තියෙනවා ඒ අයවත් දන්නේ නැහැ. ඒවත් එක්ක බලනකොට මේ පුවත එතරම්ම වැදගත් නැහැ.

:       0       0

Ajantha Tuesday, 07 April 2020 03:48 AM

මෝඩ වැඩ.....

:       1       0

චතුර Tuesday, 07 April 2020 06:05 AM

කොයිතරම් ඉතුරුවක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1139 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 718 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 928 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 802 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site