IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොරෝනා කාලයේදී බිළිඳුන් කෝටි 11 ක් උපදීවි

ලෝක සෞඛ්‍ය සංවිධානය ‘කොවිඩ්-19’ වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එළැඹෙන මාස නවයකට ආසන්න කාලයේදී බිලිඳුන් මිලියන 116 (කෝටි 11.6 ක්) උපදිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) සකස් කරන ලද නවතම වාර්තාවකින් ඒ බව අනාවරණය වී ඇත.

මාස 9 ක් ඇතුළත දරුවන් මිලියන 116 ක් උපත ලබන බවට ඇස්තමේන්තු කර ඇතත් එම කාලය ඇතුළතදී කොරෝනා වසංගතය තුරන් වන බවට කිසිම ආකාරයේ තක්සේරුවක් මෙතෙක් කර නැත.

චීනයෙන් හුබෙයි පළාතේ වූහාන් නරගයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් බව කියන නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ලොව රටවල් රැසක් රටම වසා දැමීමේ ‘ලොක්ඩවුන්’ සීමා පනවන ලදි.  ඇතැම් රටවල් ඇඳිරි නීතිය ඇතුළු දැඩි සීමා පැනවීය.

‘‘වසංගතය හේතුවෙන් අලුත උපදින දරුවන්ට සහ මව්වරුන්ට ලබාදෙන සෞඛ්‍ය පහසුකම්වලට බාධා එල්ල වෙන්න පුළුවන්’’ යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙයි.

‘‘කොවිඩ්-19 වසංගතය මැද්දේ දරුවන් මිලියන 116ක් (කෝටි 11.6ක්) උපත ලබාවී’’ යැයි යුනිසෙෆ් සංවිධානය සිය වාර්තාව මඟින් ඇස්තමේන්තු කර ඇත.   ‘‘අම්මලාටත් අලුත උපදින බිලින්ඳන්ටත් දරුණු තත්ත්වවලට මුහුණ දෙන්න සිදුවේවි’’ යැයි ද එම සංවිධානය පෙන්වාදෙයි.

වැඩිම දරුවන් ගණනක් උපදිනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත්තේ ඉන්දියාවේය. ඉදිරි මාස නවයක කාලයේදී ඉන්දියාවේ දරුවන් මිලියන 20.1ක් උපදිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඇස්තමේන්තු කර ඇත. චීනයෙන් මිලියන 13.5ක්, නයිජීරියාවෙන් මිලියන 6.4ක්, පාකිස්තානයෙන් මිලියන 5ක් සහ ඉන්දුනීසියාවෙන් මිලියන 4 ක් වශයෙන් දරු උපත් වාර්තා වනු ඇතැයි ද දැනට ඇස්තමේන්තු කර ඇත.

‘‘කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ සීමා හේතුවෙන් ජීවිත ආරක්ෂා කරන සෞඛ්‍ය සේවාවලට බාධා එල්ල වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දරු උපත්වලදී හා ඒ ආශ්‍රිත සෞඛ්‍ය සේවාවලට බාධා එල්ල වෙන්න පුළුවන්. මේ තත්ත්වය නිසා ලොවපුරා ගර්භණී අම්මලා සහ ඔවුන්ගේ දරුවන් මිලියන ගණනකගේ ජීවිත අවදානම පත්ව තිබෙනවා’’ යැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදෙල් විධායක අධ්‍යක්ෂ හෙන්රියෙටෝ ෆෝ සඳහන් කළාය.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මෙම ඇස්තමේන්තු කර ඇත්තේ මේ වසරේ මාර්තු 11 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා සති 40 ක කාලයටය.

ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කළේ මාර්තු මස 11 වැනිදාය.

‘ද හින්දුස්තාන් ටයිම්ස් අනුග්‍රහයෙනි
055



අදහස් (7)

කොරෝනා කාලයේදී බිළිඳුන් කෝටි 11 ක් උපදීවි

chandima Thursday, 07 May 2020 01:46 PM

ගාන හදලා වැඩක් නැහැ. එළියට පහළියට යන්න බැරිව ගෙවල්වලට වෙලා ඉන්න ගමන් වෙන මොනවා කරන්නද? අපි උනත් වයසට නොගියානම් ඔය ගොඩේම තමයි.

:       5       46

PrabhaThursday, 07 May 2020 05:35 PM

ඇයි වත්තෙ පිටියෙ ගහක් කොළක් හිටවාගන්නත් ඔය කාලයම යොදාගන්න පුළුවන්... නැද්ද මන් කියන්නේ?

:       1       32

chandimaThursday, 07 May 2020 09:15 PM

ඔය කියන විදියට මේ තියෙන පොල් අල්ලි දෙකේ අඩියෙන් අඩිය පැල උගුල්ල උගුල්ල ආයෙත් හිටවන්න වෙනවා. එ්ත් ඉතින් ගොම්මන් ජාමෙට...

:       0       0

agith Friday, 08 May 2020 12:42 AM

දරුවෙකුට ජීවත් වීමට සුදුසු පරිසරයක් නොමැති ලෝකයකට දරුවෙකු බිහි කිරීමට පෙර කිහිපවරක් සිතා බැලීමට සුදුසු බවයි මගේ හැඟීම...

:       0       0

Upul Friday, 08 May 2020 01:04 AM

මේ වාර්තාවේ කියන්නෙත් ප්‍රභා කියනවා වගේ තමන්ගේ වත්තේ හිටවන අයට ලැබෙන දේ තමයි.

:       0       0

සේන Friday, 08 May 2020 04:17 AM

ලෝක සෞඛ්‍ය සංවිධානය එක එක දත්තයන් දිදී ඉන්නවා මිසක.., තමන්ගේ රාජකාරිය කරන පාටක් නෑ.

:       0       0

පිටිගල මිලානෝ Friday, 08 May 2020 12:19 PM

ඉතාලියේ මේ වකවානුවේ ලාභ ලබපු එක් කොටසක් තමයි භාණ්ඩ වෙළඳුන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 76 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 187 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 272 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 673 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1062 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 869 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site