(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරොනා සැක ආසාදිතයින්ගේ දෛනික කටයුතු රොබෝ යන්ත්‍රයක් හරහා අද(28) සිට සිදුකිරීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මෙම රොබෝ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදනයක් වන අතර ඒ සඳහා ඇට්ලස් ආයතනය අනුග්‍රහය දක්වා ඇත .
පැය 24ක් තුල සවි කර ඇති මෙම රොබෝ යන්ත්‍රය හරහා සිය දෙනෙකු යොදවා ලබා ගන්නා සේවාවන් ඉටු කරවා ගත හැකිය ..
ඒ අතර රෝගීන්ට ආහාර පාන හා ඖෂධ ලබා දීම ,රෝගියාගේ පණිවුඩ වෛද්‍යවරයාට ලබා දීම වෛද්‍ය වරයාගේ පණිවුඩ රෝගියාට ලබා දීම වාට්ටුව වාට්ටුවෙන් වාට්ටුවට හා රෝගියාගෙන් රෝගියා ළඟට ගමන් කිරීම ඇතුළු සේවාවන් රැසක් ඉටු කරවා ගත හැකිය..
තවද මෙම කාර්යය පරිගණක පද්ධතියක් හරහා සිදුවන අතර ඊට අදාළ දත්ත යොමු කිරීමත් සමඟ සේවා ලබා ගැනීමට හැකිය..
එසේම මෙම රොබෝ යන්ත්‍රය භාවිතා කිරීමෙන් වයිරසය පැතිරීමට ඇති අවස්ථා මඟ හැරෙනා අතර ප්‍රතිකාර සඳහා යොමුවන කාර්ය මණ්ඩලයට වැය වන අමතර පිය වැය ඉතිරි කර ගැනීමටත් හැකිවන බවද පැවසේ....
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේ මෙවන් රොබෝ යන්ත්‍ර 50 හැකි ඉක්මනින් රජයට ලබා ගෙන කොවිඩ් 19 වෛරසයට ප්‍රතිකාර කෙරෙන , රෝහල් වලට ලබා දීමට පියවර ගන්නා බවයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ ප්‍රාදේශීය ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා සෞඛ්‍යය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික ජාගොඩ,හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොරෝනා ආසාදිතයින්ගේ කටයුතුවලට රෝබෝ තාක්ෂණය
jayath Saturday, 28 March 2020 12:07 PM
අගෙයි ජයවේවා...!!! කාට කාටත් මේ විදියට බලනකොට ට්‍රුම්ප් කාරයාගේ ජෙනරල් ඉලෙක්ට්‍රික් එකට වෙන්ටිලේටර් දෙන්නත් අපට පුළුවන් වෙයි ට්‍රුම්ප් කාරය පව් නේ මේ අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ