IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනාවෙන් 7 වැනි මරණයත් වාර්තා වෙයි

(මලිෂා ගුණවර්ධන)

කොරෝනා වයිරසය ආසාදනය වී මෙරට තුළ මියගිය හත් වැනි මරණයත් අද (7) වාර්තා වන බව සෞඛ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඔහු කොළඹ අයිඩිඑච් රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේදී හමුවී ඇති කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 188 ක් වී තිබේ.

ඔවුන් අතුරින් 42 දෙනකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවත් 140 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.



අදහස් (14)

කොරෝනාවෙන් 7 වැනි මරණයත් වාර්තා වෙයි

ගල්කටස් Wednesday, 08 April 2020 02:01 PM

රෝගයෙ භායනක බව මෙලෙස පැහැදිලි වේ... අද රෝගීන් සංඛ්‍යාවක් ඉන්න විට මෙලෙස නම් දවසකට රෝගීන් 400ක් 500 ක් වාර්තා වුනොත් කෙසේ වෙවිද..? පරෙස්සම් වීමට ගෙදරම සිටිම වැදගත් තියෙන දෙයක් කාලා..., ජනතාව බුද්ධිමත් විනයගරුක වුනෙ නැත්නම් අපිත් වල පල්ලට තමා...

:       24       217

Anura Wednesday, 08 April 2020 02:39 PM

රෝගීන් සුළු පිරිසක් ඉඳලත් , ලංකාවේ මරණ අනුපාතය සැහෙන්න වැඩි...

:       255       513

Anton austriWednesday, 08 April 2020 07:59 PM

අනුර ඔබ පක්ෂග‍්‍රාහී කෙනෙක් එම නිසා කතා නොකර ඉමු...

:       169       82

Simiyon_gam5Thursday, 09 April 2020 04:07 AM

අනුර, ඔයා නිකන් බයිලා කියන්න එපා. පොඩ්ඩක් ලෝකේ මරණ අනුපාතේ හොයලා බලන්න.අපිට වඩා ලෝකේ සෞඛ්‍ය දියුණු රටවල් වල මරණ අනුපාතය බැලුවොත් ඇමෙරිකාව 29/1, ස්පාඤ්ඤය 10/1, ඉතාලිය 7/1, ප්‍රංශය 10/1, එංගලන්තය 8/1, බෙල්ජියම් 10/1, චීනය 24/1....එතකොට සෞඛ්‍ය අතින් පහතයි කියන අපේ මරණ අනුපාතය 27/1 යි. ලංකාවේ ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, වෛද්‍ය සභාව,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, රජය මේ කරමින් පවතින වැඩපිළිවෙළ ගැන වපර ඇහෙන් දේශපාලනිකව බලන්න එපා. සමහරු මේකේ කොයි වෙලෙත් කමෙන්ට් කරන්නේ හරහට. කරන දේ හොදයි නම් ඒකට හොදයි කියන්න පුරුදු වෙන්න නියම ලාංකික අම්මා කෙනෙක්ගේ දරුවෙක්නම්..... මේක ලිව්වේ මේ ලංකාවේ කරන වැඩ පිළිවෙල හෙලා දකින පිස්සන්ට.කොවිඩ් 19 ප්‍රවේසම් වෙමු.හැමෝටම තෙරුවන් සරණයි !

:       1       107

මුණසිංහThursday, 09 April 2020 07:35 AM

කනගාටුයි. ඔබට සංඛ්‍යා ලේඛන ගැන කිසිම අවබෝධයක් නැහැ.

:       0       1

chandima Wednesday, 08 April 2020 06:04 PM

අර මැලේරිය පෙති වලින් වැඩක් වෙන්නේ නැහැ වගේ?

:       4       77

SamanWednesday, 08 April 2020 10:15 PM

මැරුණේ ලෙඩේ හන්ගන් කට්ටි පැන්න මැණික් ව්‍යාපාරිකයා. ඔහු තමන්වත් අනුන්වත් අමාරුවේ දාගත්ත. මැලේරියා පෙත්ත දුන්නට වැඩක් නැතිවෙන්න ඇත්තේ ඔහුගේ ලෙඩ පරණ වැඩි නිසා වෙන්න ඇති. ඒ නිසා ඔහුගේ ක්‍රියාකලාපයට මැලේරියා පෙත්තවත් එය නිර්දේශ කරපු කට්ටිය පලි නැත..

:       2       101

අජිත් ඩයස් Wednesday, 08 April 2020 11:21 PM

ආසාදිතයින් අඩු රටකට මරණ ගණන ඉතා ඉහළ මට්ටමක මම හිතනවා ලොකු දොස්තරලා සුපුරුදු දවස 3 හෝ පැය 3-4 ට වඩා රොහල් වල රැදෙනවා ඇති කියලා...

:       72       91

Nimal Wednesday, 08 April 2020 11:50 PM

අනුරට පුලුවන්ද ඒකට විසදුමක් දෙන්න... බැරි නම් කට පියාගෙන ඉන්න...

:       128       60

මුණසිංහ Thursday, 09 April 2020 01:18 AM

රෝගය සගවාගෙන පණ්ඩිතකම් කිය කිය තැනින් තැන ඇවිදීමේ විපාක මෙයින් පෙන්වා දී තිබෙනවා. මෙතනින්වත් පාඩමක් ඉගෙන ගන්න.

:       0       51

jayath Thursday, 09 April 2020 02:04 AM

මේ රටේ ඉන්න සමහර කුහක කාලකන්නි මිනිස්සු ඔහේ දොඩවනවා. දේශපාලන කණ්නාඩි. මේක මම දකල තියෙන්නේ මේ ප්‍රශ්නෙදි ලෝකයෙන්ම මෙහෙදී විතරයි. මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න ජාතියක් විදියට තමන්ගේ යුතුකම ඉටු නොකර නොදන්නා මගුල් මරණ අනුපාතයක් ගැන කතා කරනවා. ඒක මේ වෙලාවේ තමන්ගේ ජීවිත අවදානම ගැනවත් නොසලකා මේ තත්වය මේ තරමට පාලනය කර ගන්න උර දෙන උත්තම මිනිස්සුන්ට කරන අවමානයක්. කොරෝනා හැදෙන්න ඕන මේ වගේ දොඩවන අයට. එහෙම උනොත් මරණ අනුපාතය හීනෙන් පෙනේවි. චීනේ හරි උතුරු කොරියාවේ හරි රුසියාවේ හරි මේ වගේ ගොන් කතාවක් කිව්වනම් .....

:       434       369

de silva Thursday, 09 April 2020 03:25 AM

ලංකාවේ ජනගහනයත් සමග සංසන්දනය කරලා බලනකොට රෝගීන් ප්‍රමාණය අඩුය. නමුත් මරණ ප්‍රතිශතය වැඩිය. ඇමෙරිකාව එංගලන්තේ වැනි සෞඛ්‍ය දියුණු රටවල තත්වය බැලුවහම අපි ගැන දැනට සැහීමකට පත් වෙන්න පුළුවන්.නමුත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 1000 ක් හෝ ඊට වැඩි වුනොත් ඒක අපේ සෞඛ්‍ය පද්ධතියට දරාගන්න බැරි වේවි. එහෙම වුනොත් මරණ ප්‍රතිශතය 15% හෝ ඊට වැඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඇමරිකාවත් එංගලන්තෙත් අමාරුවේ වැටුනා වගේ අපිත් එකවර වැටෙන්න පුළුවන්.කරුණාකර අනවශ්‍ය ගමන් නොගොස් ගෙදරට වෙලා ඉන්න. සතොස වැනි ආහාර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතනවල සේවකයන් මේ කාලය තුළවත් කරුණාකර හොරකම් නොකර අවංකව වැඩ කරන්න.

:       0       112

Ken Thursday, 09 April 2020 04:07 AM

ඇයි මේ මිනිස්සු මැරෙනකන් ඉස්පිරිතාලවල තියන් ඉන්නේ? අඩු ගානේ දේශීය වෙදකමවත් කරන්න උත්සාහ කරන්නේ නැත්තේ ඇයි? සිංහල බෙහෙත් දුන්නා කියල කිසි ප්‍රශ්නයක් නැහැ. එක්කෝ හොඳවෙයි. නැත්තම් තිබුන තත්වයමයි. දේශීය වෙදකමෙන් කොරෝනා හොඳ උනොත් ඒක බටහිර දොස්තරලාට මදිකමක් වෙයි කියල හිතනවද දන්නැහැ?

:       0       55

Tharuka Thursday, 09 April 2020 06:37 AM

ලංකාවෙ මරණ 7 ම පිරිමි... ගෑණු 0යි... මේක පිරිමි විතරක් මැරෙන ලෙඩක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 435 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 193 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 225 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 208 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 310 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 383 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1498 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site