(ඉන්දිකා රාමනායක)
කොටිකාවත්ත මහබුත්ගමුවේ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහු ගේ බිරිද හා දරුවන් තිදෙනා අද (22) නිරෝධායනය සදහා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇත.
මෙම නිවස ආසන්නයේ පිහිටි තවත් නිවාස 11 ක පිරිස සිට ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
ආසාදිත පුද්ගලයා එළවළු ව්‍යාපාරිකයකු බවත් ඔහු ගේ මව කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිටින හෙයින් ඔහු ත්‍රිරෝද රථයකින් දිනපතා ගොස් එම ප‍්‍රදේශයේ එළවළු අලෙවි කර ඇති බව ට තොරතුරු ලැබුණ බව ගොතටුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් ෆෝන්සේකා මහතා පැවසීය.
මොහු ඇතුලූ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පිරිස පී.සී.ආර් පරීක්ෂණයට යොමු කිරීමෙන් පසු මෙම පුද්ගලයාට කොරෝනා ආසාදිත වී ඇති බවට අද වාර්තා වු බවත් ඒ අනුව ඔහුගේ බිරිඳට හා දරුවන් තිදෙනාට වයිරසය ආසාදිත වී ඇති බවට සැකකරන හෙයින් ඔවුන් නිරෝධායනයට යොමුකළ බව නලීන් ෆෝන්සේකා මහතා පැවසීය.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොටිකාවත්තෙන් තිදෙනෙක් මුලතිව් යවති