(කුෂාන් ජයවර්ධන)
පවතින අනාරක්ෂීත හා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන අද (30 ) දිනයේ කැකිරාව පොලිස් බල ප්‍රදේශයට අයත් කැකිරාව හා ගනේවල්පොල නගරවල ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට තිරණය කර ඇති බව කැකිරාව පොලිසිය කියයි.
අකුරණ ප්‍රදේශයේදී කොරෝනා අසාධිතයකු හමුව ඇති බවත් කැකිරාව නගරයේ බොහෝ ව්‍යාපාරික ස්ථාන අකුරණ ප්‍රදේශයේ පදිංචි කරුවන් හා සෘජු සම්බන්ධතා ඇති අය විසින් පවත්වාගෙන යනු ලබන අතර බොහෝ වෙළදසැල්වල අකුරණ ප්‍රදේශයේ සේවකයින් සේවය කිරීමත් සිදුවේ. ගනේවල්පොල නගරයේද මෙවැනි පසුබිමක් පැවැතින බව පොලිසිය පෙන්වා දෙයි. අද (30 )පෙරවරු 06.00 ට මෙම තාවකාලිකව ඉවත්කිරීම සිදු කෙරිණි.
එම තත්ත්වය සමග කැකිරාව හා ගනේවල්පොල නගර ආශ්‍රිතව කොරෝනා වයිරසය පැතිරයාමේ දැඩි අවදානමක් පවතින හෙයින් ප්‍රදේශයේ ජනතාවගේ දැඩි ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බව පොලිසිය කියයි.
කැකිරාව නගරයේ වෙළද සැල් මෙලෙස වසා දැමීමට තීරණය කළ ද කැකිරාව නගරයේ හා ගනේවල්පොල නගරයේ ඉන්ධනහල් ඔසුහල් හා බැංකු ද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා සමූපකාර සමිතිය ද සතොස ආයතනයද විවෘතව තැබෙන බව පොලිසිය කියයි.
එසේම ඇදිරිනිතිය ළිහිල් කිරීම සිදු කෙරෙන අවස්ථාවේ තම අත්‍යාවශ්‍ය කටයුතු සදහා නගරවලට පැමිණිය ද මෙම අවධානම් සහගත අවස්ථාවේ සෞඛ්‍ය බලධාරීන් හා ආරක්ෂක අංශ මගින් ලබා දී ඇති අවවාද හා උපදෙස් උපරිමයෙන් පිළීපදින ලෙසත් කැකිරාව පොලිසිය මහජනතාවට දැනුම් දීමක් කරයි.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කැකිරාවේ සියලු ව්‍යාපාරික ස්ථාන වසා දමයි