IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


එළවළු හෙට සිට රජයෙන් මිලදී ගනී

(කාංචන කුමාර ආරියදාස)
 
දේශීය එළවළු ගොවියා ගේ සියලුම එළවළු තොග හෙට (11 ) දින දඹුල්ල ,ගලේවෙල ,නාවුල ,ලග්ගල ,හා විල්ගමුව යන ප්‍රදේශ වලදී  රජය විසින් මිලදී ගැනීමට තීරණය කළ බව රාජ්‍ය  පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය .

අද (10) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා මේ බව කීය.

ආර්ථික මධ්‍යස්ථාන බොහොමයක් මේ වන විට වසා දමා තිබීම හේතුවෙන් ඉතා කූට ලෙස අහිංසක ගොවීන්ගේ භවභෝග ඉතා අඩු මුදලකට ලබාගෙන පාරිභෝගික ජනතාවට වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීමේ ක්‍රමවේදයට තිත තැබීම සඳහා සහ විශාල වශයෙන් ගොවීන් තැන තැන අනාරක්ෂිත ලෙස ගැවසීම වැළැක්වීම සඳහා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් දෙදෙනා සාකච්ඡා කර මෙම තීරණය ගත් බව හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව විශේෂ මිල ගණන් යටතේ එළවළු මිල දී ගැනීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව දඹුල්ල්ල  ගම්උදාව ක්‍රීඩාපිටිය, දඹුල්ල  පරණ සති පොළ භූමිය, විහාරය රථ ගාල, පැල්වෙහෙර රජයේ ගොවිපල, ගලේවෙල ක්‍රීඩාංගනය,  දේවහුව ගොවිජන සේවා මධ්‍යස්ථානය ,ලග්ගල ගොවිජන සේවා මධ්‍යස්ථානය, වීල්ගමුව ගොවිජන සේවා මධ්‍යස්ථානය නාවුල අලුගොල්ල ගොව්ජන සේවා මධ්‍යස්ථානය යන ස්ථානවලදී හෙට 11 දින උදේ සිට සවස් වනතුරුම ගොවීන් රැගෙන එන එළවළු තොග සියල්ලම රජය මිලදී ගැනීම සිදුකරන බවද අමාත්‍යවරයා පැවසීය.

රජය විසින් ලබා ගන්නා එළවළු ආවශ්‍ය  ප්‍රදේශවලට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදා හැරීමේ කටයුත්තක් ක්‍රියාත්මක කර තිබෙන බවද හෙතෙම පැවසීය .

ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමත් සමග ගොවීන්ගේ ව්‍යාපාරිකයන්ගේ රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා  ගන්නා ක්‍රියාමාර්ග සියල්ල පසෙක දා ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම සුදුසු බවට යෝජනා කළ ව්‍යාපාරිකයෝ ඉතා සූක්ෂම ලෙස නගරයේ සෑම ස්ථානයකම තබාගෙන ජනතාව රෝගී තත්ත්වයන් වලට පත් කරමින් ඉතා අඩු මිල ගණන් යටතේ එළවළු මිලදී ගැනීමේ ක්‍රියාවලියක් ද ආරම්භ කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (19)

එළවළු හෙට සිට රජයෙන් මිලදී ගනී

Viki Friday, 10 April 2020 02:20 PM

අනේ යන්න බොරු නොකියා... කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දීලා යන්න.

:       1077       1173

BamunuarachchiFriday, 10 April 2020 07:22 PM

බැංකුවලට ණයවී, රන්බඩු උගස් කොට ගොවිතැන්කළ බණ්ඩාරවෙල ගොවියකුගේ එළවළු තොගයකට තණකොල කන පොහොට්ටුවේ නගරාධිපතිවරයෙක් විසින් බුමිතෙල් වත්කර විනාශ කිරීමේ පුවතක් අසන්නට ලැබේ. මිනිසකු වසලයකු වන්නේ ක්‍රියාවෙන් මිස උපතින් නොවන බව මේ කෙරුවාවෙන් මනාවට පසක් කොට ඇත. බැංකුවලට ණයවී, රන්බඩු උගස් කොට ගොවිතැන්කළ බණ්ඩාරවෙල ගොවියාගේ පාඩුව ගෙවන්නේ නගරාධිපතිද එසේ නැත්නම් රජයද?

:       278       367

KumaraFriday, 10 April 2020 08:27 PM

බමුනො ඔයා ඔය බූමිතෙල් වත් කරල ගිනි තියපු කතාව දැක්කෙ කොහෙද කියල කියන්න පුලුවන්ද? එතකොට අපිටත් ඒක කියවල බලල පිලිගන්න පුලුවන්නෙ ඔයා කියල තියෙන්නෙ ටොම් පචයක් නෙමෙයි කියල....

:       3       32

samSaturday, 11 April 2020 05:15 AM

බමුණු, මේක මිනිසෙක් වසලයෙක් වීම නිසා වූ සිද්ධියක් නොවෙයි. වසලයෙක් නගරාධිපති වීම නිසා ඇතිවුන සිද්ධියක්.

:       0       123

BamunuarachchiSaturday, 11 April 2020 01:37 PM

කුමාර, සත්‍යයෙන් තොරව අදහස් කිසිම දිනක පලකර නැත.

:       0       0

Raveendra Friday, 10 April 2020 02:26 PM

හොද තීරණයක්.... මේවා මිට පෙර ගැනීමට තිබුනේ. කොහොම වුණත්... මෙම අවදානම් අවස්ථාවේදීත් සත්ගුණවත් අතරමැදි තක්කඩි හිගන මුදලාලිලා මිනිසුන්ව හුරාකම් වලට ඉඩනොදී මහජනතාවට සහනමිලට එළවලු ගැනීමට හැකි නම් එය වැදගත් නොවේද?

:       3       299

alika Friday, 10 April 2020 04:15 PM

රජය හැමදේම කරන්න හදලා පොර වෙන්න හදන්නේ. මට ආරංචිය හැටියට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සංගමයක් එක්ක ඇරගෙන... මේක ඇඇවිල්ලා එකේ ප්‍රතිඵලයක්.

:       1008       932

KanchanaFriday, 10 April 2020 04:52 PM

මෙන්න අලිකා කියල තවත් අලියගෙ නැට්ටෙ එල්ලිලා ඉන්න සීනු ජෙප්පෙක්ගෙ අඳෝනාවක්. කාලකන්නි ජෙප්පො හෙවත් සීනු කාරයො කියන්නෙ ඉතින් මොක කලත් හොඳක් දකින උන් නෙමෙයිනෙ. රටේ මුලු පාලනයම ත්‍රිවිද හමුදාවට බාර දුන්නනම් රටේ ප‍්‍රශ්න එකක්වත් නැහැ. කාලකන්නි ජෙප්පොත් නැහැ. එහෙම උනානම් ඒක මුලු රටටම සෙතක්...

:       717       642

wije Friday, 10 April 2020 04:25 PM

වැඩේනම් ගොඩක්ම හොදයි. හැබැයි හරියට කරගෙන යන්න. මිලදිගන්නවා වගේම අලවියත් හරියට කරන්න. මේකට දේශපාලකයෝ සම්බන්ධ වුනොත් එයාලා අර බඩු මලු දුන්නා වගේම තමන්ගේ හිතවතුන්ට විතරක් අලෙවි කරාවි. අනෙක් මිනිස්සුන්ට මොකුත්ම ලැබෙන එකක් නැහැ. ඒ විතරක් නෙවෙයි දේශපාලුවන්ගේ හෙන්චයියලා අතරමැද ඉදගෙන එළවලු තොග ගත්තොත් කලින් තිබුනටත් වඩා තත්වය නරක අතට හැරෙනවා. එහෙම වුනොත් දුප්පත් මනුස්සයකුට එළවළුවක් කන්න ලැබෙන එකක් නැහැ.

:       0       258

Senani Friday, 10 April 2020 04:48 PM

එක හොද වැඩක්... , අහිංසක ගොවින් ආරක්ෂා කරගන්න.

:       2       132

ranjith Friday, 10 April 2020 08:33 PM

ගොවියගේ නිෂ්පාදන රජයෙන් මිලදී ගෙන පාරිභෝගිකයාට සාධාරණ මුදලකට ලබාදිය යුතුය.අතරමැදියෝ මෙතෙක් ගොවියත්, පාරිභෝගිකයත් සුරක්ෂිතව මෙ විදිහට වැඩකළොත් හොදයි..

:       0       0

Ratnamalala Friday, 10 April 2020 11:08 PM

මේක අලුත් දෙයක් නෙවි. 77 ධර්මිෂ්ට පාලනයට පෙර අලවි කිරීමේ දෙපාර්තමේන්තුව, වී අලෙවි මණ්ඩලය වැනි ආයතන තිබුනා. ඒවායින් ගොවි නිෂ්පාදන කළමනාකරණය සිද්ද වුණා... ජනතාවට හරිදේ හරියට ලැබුනා. ඒ සියල්ල විනාශ කරලා තමන්ගේ එවුන්ට හැදෙන්න ඉඩ හැරීමේ විපාකය තමා මේ.

:       0       0

Nishan Saturday, 11 April 2020 12:22 AM

ආණ්ඩුවට කෙලින්ම ගොවියාගෙන් මිලදී ගන්න හැකියාව තිබුනා නම් මීට පෙර එය නොකලේ ඇයි? ආර්ථික මධ්‍යස්ථාන නඩත්තු කලේ ඇයි ? මේකත් හාල් ෂෝ එක වගේ ටී.වී. ෂෝ එකක්ද ?

:       0       0

Kavinda Saturday, 11 April 2020 02:05 AM

අත්හදා බැලීම් කරන්න. ඔව්නේ... සාර්ථකද අසාර්ථකද කියලා බලන්න. සමහරුන්ට පාඩුයි වගේ වැඩේ. තණකොළ කන මිනිසුන්ට...

:       0       0

Wimal Saturday, 11 April 2020 02:23 AM

හෙට කියන දවස කවදාවත් එන්නේ නැති දවසක්. බාලගිරි අද නෙවේ හෙට කියන්නෙත් ඒකයි. මේ රජය ආපු දවසේ ඉදලම මේ කතාව කියනවා. ඒ වුනාට කරන්නේ නැහැ. කලින් තිබුන රජයනුත් ඒ වගේ තමයි.

:       0       0

Walter White Saturday, 11 April 2020 04:24 AM

සුනාමි කාලෙත් ආණ්ඩුව බැහැලා මිනිස්සුන්ට ද්‍රව්‍ය බෙදුවා. එත් ආණ්ඩු මේවා කරනකොට අකාර්යක්ෂමයි. නීති රීති රෙගුලාසි කෝටියයි. අන්තිමේ නිසි කලට ආහාර ද්‍රව්‍ය බෙදාගන්න බැරිව කල් ඉකුත් වෙලා නරක් වෙලා. පුළුස්සන්න වලදාන්න වුන ආණ්ඩුව හාල් ජාවාරම කරනකොට ටොන් දාස් ගණනින් ලක්ෂ ගණනින් සත්ව ආහාර කරන්න දෙන්නෙත් ප්‍රයිවෙට් අය දවසින් දවස දියුණු වෙන්නෙත් මේ වෙනස නිසා. ආණ්ඩුවට ඕනෑකමක් තියෙනවා නම් බඩුදුම්රිය දාලා පළාත් අතරේ භාණ්ඩ ප්‍රවාහනය කරලා සිල්ලර වෙළෙන්දන්ට බෙදල දෙනවා නම් අවුල් වෙන්නේ නෑ. රෝග පැතිරීම අවමයි. අනිත් දෙය පාලන මිල දැම්මම කළුකඩ වෙළෙඳාම වැඩි වෙනවා කියන එක මූලිකම ආර්ථික විද්‍යා දැනුමක්. හරිම පුදුමයි ඔස්තාර්ලා ඒවා ගණන් ගන්නේ නැති එක.

:       5       24

ravi Saturday, 11 April 2020 11:47 AM

ප්‍රශංසාවට හේතුවියයුතු කාරණාවක්. ජයවේවා .!!!

:       0       0

Herath Saturday, 11 April 2020 01:50 PM

සේරම හොඳයි. ඒත් අපේ රටට ලැබෙන කෝටි ප්‍රකෝටි ගණන් ආධාර කොහෙටද යන්නෙ ? මේ ඇඳිරි නීතිය අස්සේ ඒවා ගැන අපේ අයට හොයන්නත් බැහැ. ඒවා භාර දීලා තියෙන්නේ හරි එතන බලෙන් වාඩිවෙලා ඉන්නේ මාර පොරක්නේ. කරපු කොමිස් ගැහිලි ගැන අපිට මතකයි. සුනාමි ආධාර ? ඒ වගේ වෙයි. අඩු ගානේ අර චීනේ කොම්පැණියෙන් ඵවපු මුහුණු ආවරණවලටත් වෙච්ච දෙයක් නැහැ. ඒත් තෝරා ගත්ත අයට නම් මාස ගාණකට ඇඳිරි නීති පාස්, හාල් ගෝණි ගණන් , විස්කි කේස් ගණන් යවන බවත් අපි දන්නවා. සේරම සාටක අස්සෙ සිදු වෙනවා මේ දවස්වල ලස්සනට.කපටි දේශපාළුවන් රංචුවකට මේ කොරෝනා දේව ආශීර්වාදයක් වෙලාලු.

:       0       5

ආර්.රණතුංග Sunday, 12 April 2020 02:11 PM

ජනතාවට කෙසේ වෙතත් මෙවායින් වැඩි වාසියක් තියෙන්නේ දුෂිත දේසපාලුවන්ට, ඒ අයගේ පවුල් වල ඉන්න අයට, ඒ අයගේ හෙන්චයියන්ට තමා.

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1139 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 718 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 928 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 802 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 301 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site