නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පාලනය කළ හැකි එන්නතක් සොයාගන්නා තුරු පාසල් විවෘත නොකරන බව පිලිපීන ජනාධිපති රොද්‍රිගු ඩුටාටේ රට වැසියන් අමතමින් පැවැසීය.
ඇතැම් රටවල් මේ වනවිටත් පාසල් විවෘත කර ඇති අතර අදියර කිහිපයක් යටතේ සිසුන් පාසල්වලට ගෙන්වීමට පියවර ගෙන ඇත.
එන්නතක් නොමැතිව දරුවන් පාසල් යැවීම ‘‘මහ ව්‍යවසනයක්’’ යැයි රූපවාහිනිය ඔස්සේ රට වැසියන් අමතමින් පිලිපීන ජනාධිපතිවරයා ඊයේ (25) පැවැසීය.
‘‘දරුවන් සැබැවින්ම ආරක්ෂිතයි කියලා තහවුරු වෙන තුරු මම පාසල් විවෘත කිරීමට අවසර දෙන්නේ නැහැ. එන්නතක් සොයාගන්නා තුරු දරුවන් පාසල් යවන්නේ නැහැ. එන්නතක් නොමැතිව පාසල් විවෘත කිරීම ගැන කතා කිරීම වැඩක් නැති දෙයක්’’ යැයි පිලිපීන ජනාධිපතිවරයා කීවේය.
අල්ජසීරා/රොයිටර්ස්
055
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘එන්නතක් හොයාගන්නා තුරු දරුවන් පාසල් යවන්නේ නැහැ‘‘
jayath Tuesday, 26 May 2020 12:55 PM
නායකයෙක් වුණාම මේ වගේ කොන්දක් තියන කෙනෙක් වෙන්න ඕනෑ.. අනේ අපටත් හිටියා ඉතාම ටික කාලයකට කලින් එහෙම කෙනෙක්... උන්දැව ගෙදර ගියේ අපේ ජාතියේ අවාසනාවට...
jayathTuesday, 26 May 2020 01:52 PM
මේක කොන්දක් නොවේ. වෛරස ගැන නොදැන කළ මහා මෝඩ කතාවක්. සමහර වෛරස් වලට එන්නත් සොයාගැනීමට යනකාලය පවා හිතාගත නොහැකිය. එය රඳාපවතින්නේ වෛරසයේ ස්වභාවය මතයි. උදාහරණයක් ලෙස ඒඩ්ස් වෛරසයට වසර 40කට අධික කාලයක් ගතවීත් තවම පූර්ණ සුවය ලබාදිය හැකි බෙහෙතක් සොයාගෙන නොමැත. මොහු කියන විදිහට මෙම දරුවන් කොතෙක් කලක් ගෙදර තියා ගන්නද? කළයුත්තේ WHO කියන පරිදි එන්නතක් සොයා ගන්න තෙක් මෙම වයිරසයෙන් ආරක්ෂා වී තම කටයුතු කිරීමයි.
JayTuesday, 26 May 2020 08:49 PM
ඔය කියන නායකයා කොයි කාලේ හිටපු කෙනෙක් ද දන්නේ නැහැ.
බද්රානි Tuesday, 26 May 2020 01:07 PM
මහා මෝඩ මනුස්සයෙක්. මේ කොරෝනා රෝගය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ශක්තිමත් වර්ධනය හේතුකොටගෙන දරුවන්ට අනතුරුදායක නොවන බවවත් දන්නේ නැද්ද? මෙහිදී, බොහෝ රටවල් පාසල් වැසුවේ, දරුවන් මාර්ගයෙන් කොරෝනාව සමාජය තුළ පැතිරී රෝගලක්ෂණ මතුපිටට නොපෙන්වන දරුවන්, රෝග වාහකයන් වී වැඩිහිටියන් හට දරුවන්ගෙන් සිදුවිය හැකි අනතුර වළක්වා ගනු පිණිසයි. බලාගෙන ගියාම පිලිපීන පාලකයෝත් අපේ රටේ පාලකයින්ට දෙවෙනි නැහැ?...
Nihal Tuesday, 26 May 2020 01:51 PM
හොඳ කතාවක්...
banda Tuesday, 26 May 2020 03:08 PM
මේ වගේ අය ඉන්න රට වලට අබ සරණයි...
මුණසිංහ Tuesday, 26 May 2020 03:21 PM
සජිත්ටම ගැලපෙනවා. තව අවුරුද්දක් ළමයි ගෙදර...
Jay Tuesday, 26 May 2020 08:48 PM
සෑහෙන කාලෙකට එහෙනම් යවන්න හම්බවෙන එකක් නැහැ. මොකද කිසිම එන්නතක් ඉක්මණට එළියට එන්නේ නැහැ. තවම හියුමන් ට්‍රයල්ස් යන්නේ. සැක පහළ කරලා තියෙනවා...
de silva Tuesday, 26 May 2020 09:01 PM
ඔය එන්නත හොයාගන්න අවම වශයෙන් තව අවරුදු 1 1/2ක් විතර යාවි.., වෛරසය තම ස්වභාවය වෙනස් කරමින් පරිණාමනය වුණොත් ඊට වැඩි කාලයක් හෝ ඒඩ්ස් රෝගයට මෙන් සදහටම හොයාගන්න බැරිවේවි.., එහෙම වුණොත් මොකද කරන්නේ? ඕකට තිබෙන එකම විසඳුම වෛරසය සමාජය තුළ පැතිරිලා ගිහින් සමාජය තුළින්ම ස්වභාවික ප්‍රතිශක්තිකරණයක් නිර්මාණය වීම, යුරෝපයේ සමහර රටවල් වල අද එය සිදුවෙමින් පවතිනවා. එමනිසා ඔවුන් දැන් ටික ටික අගුලු අරින්න පටන් අරන්...
Upul Tuesday, 26 May 2020 09:12 PM
භද්‍රානි, ඔයාලා එංගලන්තයට වැඳගෙන ඉන්න. ඒ මනුස්සයා කරන්නේ අවශ්‍ය දේ... භද්රානිද පරීක්ෂණය කළේ? තව ටික දවසකින් ළමයින්ටත් අනතුරක් දැනුණොත් මොකද අපි කරන්නේ?
kamal Tuesday, 26 May 2020 10:09 PM
කෙලින් විනිවිද තීරණ, නියමයි.
Wca Tuesday, 26 May 2020 11:28 PM
මෙයා 8 පාස්ද දන්නෑ...
ලුම්බිණි Wednesday, 27 May 2020 12:39 AM
ඉස්සර වෙලාම බෙහෙත් ඕන මෙයාට...
Lelwala Wednesday, 27 May 2020 02:45 AM
ගුරුවරයාට ගෝලීය වසංගතය ගැන වැටහීමක් නෑ වගේ. රටේ හැම දෙයක්ම කළයුත්තේ කොවිඩ් වයිරසය සමග බව මොහුට වැටහීමක් නැද්ද? ගුරුවරයා දේශපාලුවන්ට කඩේයාමෙන් ලැබෙන වාසියක් තිබේද?
Anuruddha Wednesday, 27 May 2020 03:18 AM
ඒකත් ඉතින් බටහිර රටක්ම හොයලා දෙනකල් ඉන්න වෙනවා මහත්තයෝ. පිලිපීනේ අය හොයනකල් හිටියොත් මේ කපේට ස්කෝලේ යන්න වෙන්නේ නෑ.