IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


එතෙර ලාංකිකයින්ට රජයෙන් සජීවි අන්තර්ජාල පිවිසුමක්

( තිළිණි  ද සිල්වා )

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය  එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ නැමැති සජීවි අන්තර් ජාල පිවිසුමක්  විදේශ සබඳතා අමාත්‍යාංශයේදී දියත්  කෙරිණි.
 
මෙම අන්තර් ජාල සම්බන්ධතාව, මෙම අමාත්‍යාංශයේ www.mfa.gov.lk වෙබ් අඩවිය මතම සලසා දී ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද මෙම වෙබ් අඩවියට පිවිසිය හැකිය.
 
කෙරෝනා වසංගතය පැතිරි යෑමට එරෙහිව සටන් කිරීමට සහ කඩිනම්, වේගවත් හා කාර්යක්ෂම සේවා සැපයුමක් සඳහා ඩිජිටල් තාක්‍ෂණය උපයෝගී කර ගැනීම පිණිස රජයේ සියලුම පාර්ශ්වකරුවන්ගේ ප්‍රයත්නයන් සම්බන්ධීකරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ ඉල්ලීමට අනුව මෙම අන්තර්ජාල පිවිසුම නිර්මාණය කර ඇත.
 
කොරෝනා පැතිර යාම වැනි හදිසි අවස්ථාවන්හි දී ශ්‍රී ලංකා රජයට ඔවුන් වෙත ළඟා වීමට සහ ආධාර සැපයීමට ඉඩ සලසන මෙම අන්තර්ජාල පිවිසුමේ මුලික  ක්‍රියාකාරී කොටසෙහි ස්වේච්ඡාවෙන් ලියාපදිංචි වන ලෙස විදේශයන්හි වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා. කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
 
 ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අමාත්‍යාංශයට අවශ්‍ය  කාලීන දත්ත ලබා ගැනීමට මෙම වේදිකාව ඉඩ සලසන අතර එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ට රජයේ පාර්ශ්වකරුවන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට පහසුකම් සැලසෙන බවද එම අමාත්‍යාංශය කියා සිටී.. 
 
තවද මෙම සජීව අන්තර්ජාල පිවිසුම හරහා එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ජාලය සමඟ ද සම්බන්ධ කරනු ඇත.
 
දීර්ඝ කාලීනව, මෙම ද්වාරය පුළුල් කරනු ලබන අතර, එමඟින් නිල තොරතුරු ප්‍රභවයක් ලෙස කටයුතු කිරීම සහ රජය විසින් සපයනු ලබන පුළුල් පරාසයක ඩිජිටල් සේවාවන් ලබා ගැනීම සඳහා එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ට පහසුකම් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ විමසීම්වලට ප්‍රතිචාර දැක්වීමට මෙන්ම, හදිසි අවස්ථාවල දී අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර මාර්ගගත උපකාරක කවුළුවක් ලෙස කටයුතු කිරීම සඳහා ඇපකැපවූ නිලධාරීන් කණ්ඩායමක් දැනටමත් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් පත් කර තිබේ. 
 
තමන් වෙසෙන රට අනුව ලියාපදිංචි වීම තුළින්, ජනතාව ඉවත් කර ගැනීම වැනි තීරණාත්මක ප්‍රතිචාර අවශ්‍ය අවස්ථාවන්හි දී ලැබෙන හදිසි ආධාර ඉල්ලීම් ගණන මත පදනම්ව, 

ස්ථිරසාර ප්‍රතිපත්තිමය තීරණ යෝජනා කිරීම සඳහා මෙම අමාත්‍යාංශයට ඉඩ සැලසෙනු ඇත.
 
ඕනෑම මාර්ගගත ගවේශකයක්  හෝ අතුරු මුහුණතක් භාවිත කරමින් අන්තර්ජාලය හරහා  පහසුවෙන් භාවිත කිරීමට  හැකිවන අතර, විමසීමක් කිරීම හෝ උදවු උපකාර ඉල්ලා සිටීම සඳහා සියලුම ලියාපදිංචි පරිශීලකයින්ට ජංගම දුරකථනයක් මඟින් වුවද ඊට ප්‍රවේශ විය හැකිය.
 
එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පෞද්ගලිකත්වය සහතික කිරීම සඳහා, මෙම ද්වාරය හරහා ලබා දෙනු ලබන දත්ත සුරක්ෂිත කර ඇති අතර, පරිශීලකයින්ගේ අවසරයකින් තොරව ඒවා වෙනත් පාර්ශවයන් වෙත ලබා නොදෙන බවද අමාත්‍යාංශය කියා සිටී.

 



අදහස් (1)

එතෙර ලාංකිකයින්ට රජයෙන් සජීවි අන්තර්ජාල පිවිසුමක්

chandima Friday, 27 March 2020 01:51 PM

කෝ එකේ ඔබපුවම සේරම මැකිලා යනවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 189 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 516 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1274 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1538 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 499 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 230 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site