( රොමේෂ් මධුෂංඛ)
කොරෝනා අවදානම හේතුවෙන් විදෙස්රටවල සිට පැමිණි පුද්ගලයින් ගුවන් හමුදාව යටතේ නිරෝධායනය වන උතුරේ පළමු කණ්ඩායමට අයත් පුද්ගලයින් 206 දෙනෙකු අද (31) දින වන්නි ගුවන් හමුදා කඳවුරේදී නිරෝධායනව වීමෙන් පසුව සිය නිවෙස් වෙතට රැගෙන යාමට ගුවන් හමුදාව පිියවර ගත්තේය.
ගුවන් හමුදාපති එයාර්මාෂල් සුමන්ගල ඩයස් මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ වන්නි ගුවන් හමුදා කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී එයාකොමදෝරු ඩී.සී.අයි.වීරසූරිය මහතාගේ නායකත්වයෙන් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 206 දෙනෙකු රැගෙන ඒමෙන් පසුව පූර්ණ නිරෝධායන ක්‍රියාවලිය වන්නි ගුවන් හමුදාව විසින් ආරම්භ කල අතර දින 14 ක් පුරාවට එම පිරිස් නිරෝධායනයට ලක් කෙරිණි.
මෙලෙසින් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් උතුරේ ගුවන් හමුදාවට අයත් කඳවුරු තුනක රඳවා තබා ඇති අතර වන්නි, කිලිනොච්චිය ඉරණමඩු හා මුලතිව් යන ගුවන් හමුදා කඳවුරු තුල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා ඇත.
වන්නි ගුවන් හමුදා කඳවුරේදී 206ක් වශයෙන්ද කිලිනොච්චිය ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ පුද්ගලයින් 172 මුලතිව් ගුවන් හමුදා කඳවුරේ 203 ක් වශයෙන් මුලු පුද්ගලයින් 581 නිරෝධායනය ක්‍රියාවලියට මුහුණ දී ඇත.
සිය නිරෝධායනය අවසන් වී නිවෙස් වෙතට ගමන් කල පිරිස් කියා සිටියේ රටම කොරෝණා අවධානමකට මුහුණ දී ඇති අවස්ථාවක විදෙස් රටවලින් පැමිණි කිසිදු අයෙකු බිය නොවී සියලු දෙනාම හැකි ඉක්මනින් නිරෝධායනය වෙනුවෙන් දායකත්වය දී සියලු ජනතාව වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවටත්ය.
එමෙන්ම විදෙස් රටවලින් පැමිණි පුද්ගලයින් මෙලෙස ගුවන් හමුදාවට හා යුද හමුදාවට භාරදීමට ජනාධිපතිතුමන් විසින් පියවර ගැනීම පිළිබඳව බෙහෙවින්ම සතුටු වන බවටත් තමන්ට කිසිදු අඩුපාඩුවක් නොමැතිව සියලු පහසුකම් සැපයීමට ගුවන් හමුදාව දිවා රාත්‍රී වෙහෙසී සිදු කරන ලද කැප කිරීමට ගුවන් හමුදාපති ඇතුලු සියලු දෙනාට ගෞරවය හා ස්තූතිය පුද කරන බවටත්ය.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උතුරේදී නිරෝධායනය කළ පළමු කණ්ඩායම නිවෙස්වලට