IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


’ඉන්දියාව වසා දැමුවද ලාංකික සිසුන් ගැන රජය සොයා බලනවා’

( තිළිණි ද සිල්වා )

කොරෝනා වයිරස වසංගතය හමුවේ සති තුනකට සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙන ඉන්දියාවේ අධ්‍යාපන කටයුතු සදහා රැදී සිටින 600 කට ආසන්න ශ්‍රී ලාංකික සිසුන් හා ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් රජය නිරන්තර අවධානයෙන් පසුවන බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

මේ වන විට ලාංකික සිසුන 600 දෙනා ගෙන් 191 දෙනෙකුම දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත 5ක අධ්‍යාපන කටයුතු වල නිරතව සිටින බව චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී ඇතැයිද එම අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව කර්ණාටක ප්‍රාන්තයේ මෙරට සිසුන් 112 ක්ද , තමිල්නාඩු ප්‍රාන්තයේ සිසුන් 62 ක්ද , තෙලංගානා ප්‍රාන්තයේ සිසුන් 9 ක්ද , කේරළ හා ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත දෙකේ සිසුන් 4 දෙනා බැගින් උසස් අධ්‍යාපන කටයුතු වල නිරතව සිටින්නේ යැයිද චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.

දැනට ඉන්දියාවේ ක්‍රියාත්මක නීති රීති වලට ගරු කරමින් සිය නේවාසිකාගාර වලට වී ආරක්ෂා සහිතව සිටින ලෙසත්, එම සිසුන්ගේ යම් අවශ්‍යතා පවතින්නේ නම් ඒ ගැන නිරන්තරයෙන් සොයා බලන බවද එම මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.

එසේම දැනට විදෙස්ගත ලාංකිකයින් වෙනුවෙන් විදේශ සබඳතා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක " කන්ටෑක්ට් ශ්‍රී ලංකා " නමින් සජීවි අන්තර්ජාල පිවිසුමක් හදුන්වා දී තිබෙන අතර , ඒ අනුව එම වෙබ් අඩවියේ ලියාපදිංචි වී සහාය ලබා ගත හැකි බවද විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.



අදහස් (2)

’ඉන්දියාව වසා දැමුවද ලාංකික සිසුන් ගැන රජය සොයා බලනවා’

නීලා Sunday, 29 March 2020 12:26 AM

අර රිෂානා ගැන හොයා බැලුවා වගේද?

:       0       0

de silva Sunday, 29 March 2020 12:43 PM

රිසානා සහ මෙම ප්‍රශ්නය පටලවගන්න එපා... රිසානාගේ ප්‍රශ්නෙදි තානාපති අංශවලට කරන්න දෙයක් තිබුනේ නැහැ. ලංකාවේ ජනපති පවා මේ ගැන ඉල්ලීමක් කලා. සවුදි අරාබියේ ම්ලේච්ච පාලකයන් මේ සියල්ල නොතකා රිසානාගේ බෙල්ල කැපුවා. නමුත් මේ ප්‍රශ්නෙදි තානාපති අංශ වලට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විශාල සේවයක් කලහැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 670 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 695 3

සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 501 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 653 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 81 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 983 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 188 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1478 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1388 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site