මඟී දුම්රිය ප්‍රවාහන සේවා මැයි 12 වැනිදා සිට ආරම්භ කිරීමට ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව දුම්රිය 15 බැගින් යොදාගනිමින් ක්‍රමයෙන් මඟී දුම්රිය ප්‍රවාහන සේවා ආරම්භ කරන බව ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය නිවේදනය කළේය.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දීය රජය පැනවූ ‘ලොක්ඩවුන්’ සීමා හේතුවෙන් එරට දුම්රිය සේවා ද නවතා දැමිණි. ඉන්දියාව ද මේ වනවිට වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ දැඩි ලොක්ඩවුන් සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.
ඉහත කී දුම්රිය නවදිල්ලි දුම්රිය ස්ථානයෙන් ගමන් කරන බවත් විශේෂ දුම්රිය ලෙස ගමන් කරන බවත් දුම්රිය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේය.
නවදිල්ලි දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය දිබ්රුගාර්, අගර්තලා, හව්රා, පැට්නා, බිලාස්පූර්, රන්චි, බුවනේස්වර්, සෙකුන්දරාබාද්, බෙංගලරූ, චෙන්නායි, තිරුවනන්තපුරම්, මද්ගොවාන්, මුම්බායි (මධ්‍යම), අහ්මෙදාබාද් සහ ජම්මු තව්වි යන නගර වෙත ගමන් කිරීමට නියමිතය.
ඉන් අනතුරුව තවත් නගර වෙත විශේෂ දුම්රිය සේවා ආරම්භ කරන බවත් දුම්රිය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඉන්දියාවේ දුම්රිය මැදි 20,000ක ‘කොවිඩ්-19’ සුව සේවා මධ්‍යස්ථාන සඳහා වෙන් කෙරුණි. ඉතිරිව තිබෙන දුම්රිය මැදිරි අනුව විශේෂ දුම්රිය සේවා ආරම්භ කරන බව ද දුම්රිය අමාත්‍යාංශය සඳහන් කළේය.
දුම්රියේ ගමන් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මිලදී ගත යුතු බව ද අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.
වලංගු ප්‍රවේශපත්‍ර ඇති මඟීන්ට පමණක් දුම්රිය ස්ථානවලට ඇතුළුවීමට ඉඩ ලබාදෙන බවත් සාමාන්‍ය ගමන් ගාස්තු අය කරන බවත් දුම්රිය බලධාරීහු කීහ.
දුම්රිය ස්ථානවල කවුළුවලින් ප්‍රවේශපත්‍ර ලබා නොදෙන බව ද ඔවුහු පැවැසූහ.
දුම්රියේ ගමන් කිරීමේදී මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය බවත් දුම්රියට ගොඩවීමට පෙර සියලුම මඟීන්ගේ උණ පරීක්ෂා කිරීමට ද බලධාරීහු කටයුතු යොදා ඇත.
ඉන්දියාවේ දුම්රිය මඟී ප්‍රවාහන සේවා මාර්තු 25 වැනිදා සිට නවතා දමා තිබිණි.
‘හින්දුස්තාන් ටයිම්ස්’
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්දියාවේ මගී දුම්රිය ධාවනය මැයි 12 සිට