කොරොනා වයිරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ඉන්දියාවේ පනවා තිබූ අගුලු දැමීම තවත් සති දෙකක කාලයකට දීර්ඝ කර තිබේ.
මාර්තු 24 වන දින සිට ක්‍රියාත්මක කළ අගුලු දැමීම දීර්ඝ කළ සිව්වන අවස්ථාව මෙයයි.
හදිසියේ පැනවූ අගුලු දැමීම හේතුවෙන් ඉන්දියාවේ පාසැල්, පොදු ප්‍රවාහන සේවා සහ බොහෝ ව්‍යාපාර වසා දැමූ අතර බොහෝ පිරිස් අපහසුතාවයට පත්වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඉන්දියාවේ බිලියන 1.3ක ජනතාවක් ආවරණය කරමින් සීමා පැනවුණු අතර මෙය ලොව විශාලතම අගුලු දැමීම ලෙස වාර්තා විය.
ඉන්දියාවේ ගුවන් ගමන්, දුම්රිය, අධ්‍යාපන ආයතන. මෙට්‍රෝ සේවා, අවන්හල්, බාර්, සිනමා ශාලා සහ සාප්පු සංකීර්ණ වසා තැබෙනු ඇති අතර බොහෝ සීමා කිරීම් තව දුරටත් ක්‍රියාත්මක වේ.
කෙසේවුවද ආපනශාලාවලින් ආහාර බෙදා හැරීමේ සේවාවන් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබාදී ඇති අතර ප්‍රෙක්ෂකයින් නොමැතිව ක්‍රීඩා තරඟ පැවැත්වීමට අවසර දී තිබේ.
අගුලු දැමීමු ක්‍රියාත්මක වුවද පුද්ගලික මෝටර් රථ හා බස් රථ නගර හරහා ධාවනය කළ හැකි අතර අවසර තිබෙන අයට ප්‍රාන්ත දේශ සීමා හරහා ගමන් කළ හැකිය.
සමහර ස්වයංරැකියා සඳහා අවසර දී ඇති අතර කෘෂිකාර්මික කටයුතු සඳහා ද සීමා ලිහිල් කර තිබේ.
කෙසේ වුවද මෙම ලිහිල් කිරීම් බලාත්මක වන්නේ අඩු අවදානම් ප්‍රදේශ වල පමණක් බව ඉන්දීය බලධාරීහු පවසති.
ඉන්දියාවේ මේ වනවිට කොරෝනා වයිරස රෝගීන් 90 000 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වන අතර මරණ 2 896ක් සිදුවී තිබේ.
මුම්බායි නගරයෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන අතර ඒහි සක්‍රීය රෝගීන් 30 706ක් සිටින අතර දෙවැනියට වැඩිම රෝගීන් වාර්තා වන දිල්ලි නගරයේ රෝගීන් 10 585ක් වාර්තා වී තිබේ.
රටපුරා අගුලු දැමීම හේතුවෙන් ඉන්දියාවේ මිලියන 120ක පමණ පිරිසකට රැකියා අහිමි වී ඇති අතර රජයට දැවැන්ත ආර්ථික පිරිවැයක් දැරීමට සිදුවී තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්දියාවේ අගුලු දැමීම් තවත් සති දෙකකට දීර්ඝ කරයි