ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන්ගේ ගණන අද (19) වාර්තා වූ අතර එම ගණන 13,586ක් විය.
අසල්වැසි ඉන්දියාවෙන් දිනක් ඇතුළත ආසාදිතයන් 13,000 ඉක්මවා වාර්තා වූ පළමු අවස්ථාව ද එය විය.
ලොව සිවුවැනියට වැඩිම ‘කොවිඩ්-19’ ආසාදිතයන් ගණනක් වාර්තා වන රට වන ඉන්දියාවෙන් අද (19) පස්වරු වනවිට වාර්තා වූ සමස්ත නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,80,532ක් ලෙස දැක්විණි.
වයිරසය ආසාදනය වී ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන අද (19) වනවිට 1,63,248ක් වූ අතර සුවය ලබා පිටව ගිය ගණන 2,04,711ක් විය.
ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ‘කොවිඩ්-19’ ආසාදිත මරණ 336ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත නව කොරෝනා ආසාදිත මරණ ගණන 12,573ක් දක්වා ඉහළ ගියේය.
නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයයි. එම ප්‍රාන්තයෙන් අද (19) පස්වරු වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 1,20,504ක් දක්වා ඉහළ ගියේය. ඊට පසුව තමිල්නාඩුවෙන් ආසාදිතයන් 52,334 දෙනකු , දිල්ලියෙන් ආසාදිතයන් 49,979 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 25,601 දෙනකු අද පස්වරු වනවිට හඳුනාගෙන තිබිණි.
එන්.ඩී.ටීවී.
055
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්දියාවෙන් ආසාදිතයන් 13,000ක්