‘කොවිඩ්19’ ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා වසා දැමූ බීමහල්, අවන්හල්, කොණ්ඩා සකසන ස්ථාන, බාබර් සාප්පුසහ රූපලාවන්‍යාගාර ලබන 18 වැනිදා සිට නැවත විවෘත කිරීමට ඉතාලි රජය තීරණය කර ඇත.
ව්‍යාපාර සහ ඉහත සඳහන් කළ විවෘත කිරීමේ බලය ප්‍රාදේශීය බලධාරීන්ට ලබාදීමට ද ඉතාලි ආණ්ඩුව පියවර ගෙන ඇත.
බීමහල්, අවන්හල්, කොණ්ඩා සකසන ස්ථාන, බාබර් සාප්පු සහ රූපලාවන්‍යාගාර යනාදිය ජූනි මස 1 වැනිදා විවෘත කිරීමට ඉතාලි රජය මීට පෙර තීරණය කර තිබිණි.
ඉතාලි ආණ්ඩුව මෙම තීරණය ගත්තේ සඳුඳා (11) රාත්රියේදී ය. ව්‍යාපාර කටයුතු යනාදිය නැවත ආරම්භ කිරීමට අදාළ සැලැසුම් සකස් කිරීමේ බලය තමන්ට දෙන්නැයි ප්‍රාදේශීය නායකයන්ගෙන් එල්ල වූ පීඩනය හේතුවෙන් මුලින් ගත් තීරණය වෙනස් කිරීමට ආණ්ඩුව සිදුවිය.
කුඩා කඩසාප්පු, කෞතුකාගාර සහ පුස්තකාල ද ලබන 18 වැනිදා සිට විවෘත කරන බව ද ඉතාලි ආණ්ඩුව සඳහන් කළේය.
ඉහත සඳහන් කළ සියල්ල විවෘත කිරීමට සෞඛ්යාරක්ෂිත පියවර ගැනීම අනිවාර්ය බව ද ඉතාලි ආණ්ඩුව නිවේදනය කළේය.
අවන්හල් විවෘත කළ ද ආහාර ගන්නන් අතර මීටර හතරක දුරස්ථභාවයක් පවත්වා ගත යුතු යැයි ද එම නිවේදනයේ දැක්විණි.
ඉතාලියෙන් සඳුඳා දිනයේදී කොරෝනා ආසාදිතයන් 744 දෙනකු හඳුනාගෙන තිබිණි. මාර්තු මස 4 වැනිදාට පසු එරටින් දිනක් ඇතුළත වාර්තා වූ අඩුම ආසාදිතයන්ගේ ගණන එය විය.
එදින එරටින් වාර්තා වූ මරණ ගණන 179ක් විය. ඉතාලියෙන් අද (12) පස්වරු 4.50 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 219,814ක් වූ අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 30,739ක් ලෙස දැක්විණි.
ද ගාඩියන්
055
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉතාලියේ වසා දැමූ බීමහල්, අවන්හල්, රූපපලාවන්ය මධ්‍යස්ථාන විවෘත කිරීමට යයි
Swarna Tuesday, 12 May 2020 03:13 PM
චීනයෙන් තමයි කොරෝනා වෛරසය මූලු ලෝකයටම පැතිරෙව්වේ... නමුත් ඊට පසුව ලංකාවේ වෛද්‍යවරු කිව්වේ එය මේඩ් ඉන් ඉතාලි කියායි. ඉතාලියට වැඩිය වෙනත් රටවල බොහෝ සෙයින් මිනිසුන් මරණයට පත් වුණත් ඒ ගැන මාධ්‍යයෙන් ප්‍රචාරය කරන්නේ නැහැ. ඉතාලියෙන් මීට ප්‍රථම කට්ටියක් ඇවිත් එයාර් පෝට් එකේ නටපු පිස්සුව වීඩියෝ ගත කර ඒවා ලස්සනට පෙන්නුවා. දැන් දවස් පහකට ප්‍රථම එංගලන්තයෙන් ආපු අය එයාර් පෝට් එකේ නටපු පිස්සුව මාධ්‍යයෙන් කිව්වා විතරයි. වීඩියෝ පෙන්නුවේ නැහැ. ඉතාලියේ ලංකාවේ අය කරන රැකියා තමයි එංගලන්තයේ ලංකාවේ අයත් කරන්නේ... වෙනත් රටවල වෙන දේවල්වලට වඩා හැම කෙනාම නිතරම බලාගෙන ඉන්නේ ඉතාලිය දිහා විතරයි.. ඉතාලිය ගැනම විතරක් නිතරම සොයන එක පැත්තකට තියලා වෙනත් රටවල දේවලුත් පල කරන්න.