IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

ලෝක සෞඛ්‍ය සංවිධාන සාමාජිකත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් කරගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී නිවේදනය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ අතකොළුවක් වී ඇති බවත් නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19 ගෝලීය වසංගතය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ලෝකයෙන් වසන් කළ බවටත් චෝදනා කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා එලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඇමෙරිකාව ඉවත් කරගත්තේය.

‘‘චීනය ලෝක සෞඛ්‍ය සංවිධානය පාලනය කරනවා’’ යැයි සිය ඉන් ඉවත් වන බව නිවේදනය කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා වොෂින්ටන් අගනුවර පිහිටි ධවල මන්දිරයේදී ඊයේ (30) පැවැසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන මූල්‍ය ආධාර සියල්ල එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනෙකුත් සංවිධානවලට හා අරමුදල්වලට සපයන බව ද හෙතෙම කීය.

ලොව රටවල් සෞඛ්‍ය හා සුව සේවා ප්‍රවර්ධනය කිරීමේ නියැළෙන ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව විවිධ රටවල, කලාපවල සහ ලොවපුරා පැතිර යන විවිධ රෝග, ‘කොවිඩ්-19’ වසංගතය වන ගෝලීය වසංගත සම්බන්ධයෙන් සාමාජික රටවල් සමඟ තොරතුරු බෙදාහදා ගනිමින් ලෝකයාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා ප්‍රතිපත්ති සකසන ප්‍රමුඛතම ආයතනය ලෙස කටයුතු කරයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නිවේදනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අද (31) වනතුරු ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබිණි.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට ගත් තීරණය සම්බන්ධයෙන් නැවත සලකා බලන්නැයි යුරෝපීය සංගමය ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලීමක් කර තිබිණි. ඇමෙරිකා එක්සත් ජනපදය මෙලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම ලොව රටවල් 220කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබෙන ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට එරෙහිව ගෝලීයව ගෙන යන සටනට බාධා එල්ල විය හැකි යැයි ද යුරෝපා සංගමය පෙන්වා දුන්නේය.

දින 30ක් ඇතුළත සෑහීමකට පත්විය හැකි ප්‍රගතියක් පෙන්නුම් නොකළහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන මූල්‍ය ආධාර සියල්ල නවතා දමන බවටත් අවශ්‍ය නම් එම සංවිධානයේ සාමාජිකත්වයෙන් ඇමෙරිකාව ඉවත් කරගන්නා බවටත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය මාසයේදී අනතුරු ඇඟවීමක් කළේය.

රොයිටර්

055



අදහස් (17)

ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

vidya Sunday, 31 May 2020 05:26 PM

ඇමරිකාවේ ජනාධිපති කියන්නේ එම රටට වැඩක් නැති මිනිසෙක්... මිලියන් ගණනක් දරුවන් අහිංසක මිනිසුන් බඩගින්නේ ඉන්නවලු...

:       21       0

මෝMonday, 01 June 2020 11:27 AM

විද්‍යා, නොදැන බොරු කතා කියන්න එපා. කොරෝනාව නිසා ඇමරිකා ජනගහනයෙන් මිලියන 40කට වඩා රස්සා නැතිවුණා. මේ පිරිස ලංකාවේ මුලු ජනගහනය වගේ දෙගුණයකට ආසන්නයි. ඒත් ඇමරිකා රජය රැකියා අහිමිවූ හැම පුරවැසියෙකුටම සතියකට ඩොලර් 600ක් ගෙවනවා. ඒ මුදල බොහෝවිට ඒ පුද්ගලයින්ගේ රැකියාවෙන් සුමානෙකට ඉපැයූ ආදායමටත් ගොඩක් වැඩියි. ඒ වගේම ප්‍රාන්ත ආණ්ඩුව විසින් සතියකට ඩොලර් 250 සිට 350 දක්වා වූ මුදලක් ජීවත්වෙන, ප්‍රාන්තය අනුව ගෙවනවා. එ් කියන්නේ රැකියා නැති පුද්ගලයෙක් දැන් මාසිකව ඩොලර් 3400ක් උපයනවා වැඩ නොකර... එය ලංකා මුදලින් ලක්ස 7 කට ආසන්නයි. මීට අමතරව ආපදා සහන මුදලක් ලෙස බදු ගෙවන හැම පුරවැසියෙක් සහ පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක්ටම ඩොලර් 1200ක මුදලක් අප්‍රේල් මාසෙදී ගෙව්වා. අවුරුදු 17ට අඩු දරුවෙකුට ඩොලර් 500ක් ගෙව්වා. දැන් ඒ සහනාධාරයම නැවත දෙවන වටයක් ගෙවන්න සාකච්ඡා කෙරෙමින් පවතිනවා.. ඒ වගේම බැංකු විසින් ණය ගෙවීමට මාස තුනක් දක්වා සහන කාල දුන්නා. ලංකාවේ පන්සල් වගේ නෙවෙයි ඇමරිකාවේ පල්ලි... මිනිසුන්ගේ කුසගිනි නිවන්න ඉදිරිපත් වුණා. බොහෝ පල්ලි දිනපතා වියළි ආහාර, මලු ජනතාවට බෙදා දෙනවා...

:       0       1

ධම්ම Sunday, 31 May 2020 05:32 PM

ඔබාමා, බුෂ් හා ක්ලින්ටන් ගැන හිතනකොට ට්‍රම්ප් ළදරුවෙක් වගේ කියලයි මට හිතෙන්නේ.

:       11       3

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 31 May 2020 05:49 PM

වර්තමාන පරිපාලනයේ කිසියම් දුබලතාවක් නිසා WHO එක පිරිහීමකට ලක්වුණා යයි පෙනෙනවා. චීන වසංගතය ලොව පුරා බෝ නොවන බව පැවසීම නිසා ඒ කෙරෙහි විශ්වාසය තැබූ බලවත් රටවල් අමාරුවේ වැටුණා. මේ නිසා කෝපයට පත්වූ ඇමරිකාව මේ තීන්දුවට එළඹුනා වගෙයි පේන්නේ. කෙසේ වෙතත්, මේසා විශාල පාඩුවක් සිදුවීම WHO එකේ පරිපාලන වෙනසකටත් බලපාවි...

:       0       44

vijitha Monday, 01 June 2020 12:38 AM

ට්‍රම්ප් කියන එකත් ඇත්ත... WHO... කියන්නේ වැඩකට නැති සංවිධානයක් තමා... ලංකාවෙන් මේ සංවිධානයට බඳවා ගත්ත අය දිහා බලන කොට එය හොඳට තේරුම් ගත හැකියි. අර චන්න, ජයසුමන කියන කෙනා ලංකාවේ හැමතැනම ආසනික් වලින් පිරිලා කියලා ගොන් කතාවක් කියන කොට එ්කට පක්ෂව බොරු පරීක්ෂණ වාර්තාවක් දුන්නෙත් WHO. නේද?

:       64       29

lakmalMonday, 01 June 2020 09:07 AM

ඉතින් ඔයාට පුළුවන්නේ ඇත්ත පෙන්නලා පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන්න. එතකොට බොරු වාර්තාව ප්‍රතික්ෂේප වෙනවනේ.

:       0       0

මුණසිංහ Monday, 01 June 2020 02:13 AM

එහෙමනම් ලංකාව එක්සත් ජාතින් ජාතින්ගේ සංවිධානයෙන් ඉවත්වෙලා බොහෝ කල් නේද? මේ කරන මානව හිමිකම් කෙනෙහිලිකම් වලට.

:       12       42

Kumar Monday, 01 June 2020 02:42 AM

ඇමෙරිකාවේ ජනාධිපති කැස්සට ඇති වැඩක් නැහැ. කොන්ග්‍රස් සභාව එය අනුමත කරන්න ඕනේ. තවම එවැනි දෙයක් සිදුවෙලා නැහැ.

:       26       45

රවින් Monday, 01 June 2020 02:57 AM

පිස්සුව හොඳටම තදවෙලා වගේ. ගොඩේ වෙද්දු හරියන්නේ නැහැ. බැරිද පොඩි සපෝර්ට් එකක් දෙන්න? ප්‍රතිකර්මේ දන්නේ ඔබ විතරයි.

:       1       15

RaveendraMonday, 01 June 2020 08:44 AM

අපි යෝජනා කරමු අපේ මේ සත්ගුණවත් 225 ම ඉන්න දියවන්නාව පට්ටියට අඩුගානේ දවස් කීපයකටවත් ට්‍රම්පට් අයියව "ඇතුළත් කරලා "සත්ගුණවත් වැඩ කරන්නේ කොහොමද යන්න ප්‍රායෝගිකව දැනුම ලබාදෙමු නේද..? දිනකිපයකට පසු" ටිකට් කපලා" ගෙදර යවමු .

:       0       0

Rohana Monday, 01 June 2020 04:11 AM

ට්‍රම්ප්ගේ කටයුතුවලින් වැඩිහරියක් කරන්නේ රටරටවල් වලට තර්ජනය කිරීමත් ජාත්‍යන්තර සංවිධාන අඩපණ කිරීමත් ඒවායින් ඉල්ලා අස්වීමත් නේද?

:       12       39

ලැවොයිසියර් Monday, 01 June 2020 04:20 AM

ළඟදී පවත්වනු ලබන ජනපතිවරණයේදී ට්‍රම්ප්ගේ පිස්සුවටත් බෙහෙත් ලැබේවි...!!!

:       8       18

Koralage Monday, 01 June 2020 04:24 AM

ඇමෙරිකාවට තියෙන හොඳම දෙය තමයි... එක්සත් ජාතින්ගේ සංවිධාන හරහා යෝජනාවක් ගෙනැල්ලා චීනය විසින් අයුතු විදියට විශාල ණය දීලා බංකොලොත් කරපු දුප්පත්ම අපේ වගේ රටවල් වලින් තියෙන ණය කපාහරින්න යෝජනාවක් සම්මත කරන එක... එහෙම නොවුණොත් චීන ආක්‍රමණය තව තව වැඩිවෙනවා...

:       16       75

nimal Monday, 01 June 2020 05:09 AM

නියමයි. ජාවාරම්කාර ම්ලේච්ඡ ඇමරිකාව මේකෙන් අයින් වීම හොඳයි. ඒ වගේම ජාත්‍යන්තර මුදල වූ ඇමරිකානු ඩොලරයත් ඉවත් කර ගන්න. එ්ක තමයි නියම ජයග්‍රහණය..

:       7       19

sem Monday, 01 June 2020 09:23 AM

ඔය හැම සෙල්ලමක්ම.. ඊළඟ ඡන්දය වෙනකන් විතරයි.. එතැනදී ඔය ට්‍රම්ප් මහත්තයා එළියට විසිවෙනවා...! ඊට පස්සේ ඔය හැම දෙයක්ම යථා තත්වයට පත්වෙනවා නියතයි.

:       0       0

ravi02 Monday, 01 June 2020 09:28 AM

පටන් ගත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් හැටියටයි.. එ්ත් දැන් ඩොනල්ඩ් ඩක් වෙලා...!!!

:       0       0

මෝ Monday, 01 June 2020 11:09 AM

කොරෝනා ප්‍රශ්නයේදී ලෝක සෞඛ්‍ය සංධානය නම් වැඩකලේ දත් නැති බල්ලෙක් වගේ. ඔවුන්ට වයිරස් රෝගයක් ලොවපුරා පැතිරීම නවත්වන්න කිසිඳු ක්‍රමවේදයක් තිබුනේ නෑ. ඇත්තෙන්ම ගුවන් තොටුපොලවල් වසා මගී සංසරණය නැවැත්වීමට ලෝක නායකයින්ට උපදෙස් දිය යුතුව තිබුනේ ඔවුන් විසිනුයි. මේ වයිරසයේ භයානකකම ගැන ලොවට සත්‍යය ප්‍රකාශ, කළ යුතුව තිබුනේ ඔවුන් විසිනුයි. ඒත් ලෝක සෞක්‍ය සංවිධානයට කොරෝනා වයිරසය ගැන කිසිම දැනීමක් තිබුනේ නෑ. මතක තබාගන්න මීට පෙර කොරෝනා ප්‍රභේද 3ක් ලෝකයේ පැතිරී තිබුණා. ඒත් මොවුන් ඒ වයිරසය නැවත පැමිණිය හොත් ක්‍රියාකළයුතු ආකාරය ගැන කිසිදු ක්‍රමවේදයක් සකස් කර තිබුනේ නෑ. ලෝක සෞඛ්‍ය සංවිධානයට බිලියන් ගණන් මුදල් ලැබුණත් එය නිලධාරිවාදයට නතුවූ ඉතා සැපපහසු ජීවිත ගෙවන නිලධාරින් සහිත ආයතනයක් මිස ලෝකයේ ජනතාවගේ සෞඛ්‍යය රැකගැනීම වෙනුවෙන් කැපවූ සංවිධානයක් නොවන බව මේ වසංගතයෙන් ඔප්පූ වුණා. කොටින්ම ලංකාවේ සිංහල වෙදමහතකුගෙන් ඇසුවා නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඔය කියන එකම ප්‍රතිකාරය වන අඩි 6ක් දුරස්ව සිටීම සහ අත් සේදීමට වඩා එහාගිය වඩා සාර්ථක ක්‍රමවේදයක් ඉදිරිපත් කරාවි....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 140 0

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 87 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 148 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 191 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 341 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 773 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site