IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන ආධාර කපාහරී

ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමරිකාවේ මුදල් නොදෙන බවත් මෙතෙක් කරන ලද මූල්‍ය පරිත්‍යාග කපාහරින බවටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අනතුරු අඟවයි.

එම සංවිධානය චීනයට පක්ෂපාතී යැයි ද ඊට එරෙහිව දැඩි පියවරක් ගන්නේ යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවැසීය. ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වසංගතයේ නවතම තොරතුරු දැනුම්දීම සඳහා ධවල මන්දිරයේදී දිනපතා පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ජනාධිපති ට්‍රම්ප් ඒ බව කීය . එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ලෝක සෞඛ්‍ය සංවිධානයට වැඩිම මූල්‍ය දායකත්වයක් ලබාදෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

‘‘ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වයිරසය ගැන වැරැදියට කිව්වේ. ඔවුන්ට තිබුණා මීට මාස ගණනකට කලින් අනතුරු අඟවන්න’’ යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා කීය .

කොරෝනා වයිසරයේ ව්‍යාප්තියත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය ජනවාරි 30 වැනිදා හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශ කළේය. ඇමෙරිකාව තුළ සියල්ල පාලනය කර ඇතැයි ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කිරීමට මසකට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය එලෙස හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශ කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන මූල්‍ය දායකත්වය ඇමෙරිකානු ඩොලර් මිලියන 122.6ත් ඩොලර් මිලියන 57.9ත් අතර වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත .

ජනවාරි සහ පෙබරවාරි මාසවලදී කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයාට දැනුම් දුන්නද ඔහු ඒවා ගණනකටවත් ගෙන නැතැයි ද විදෙස් මාධ්‍ය මේ වනවිට අනාවරණය කර ඇත .

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් යැයි ප්‍රකාශ කිරීමෙන් පසුව ද ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එය එතරම් ගණනකට නොගත්තේය .

ඒ.එෆ්.පී./ද ගාඩියන්

055



අදහස් (14)

ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන ආධාර කපාහරී

WCA Wednesday, 08 April 2020 11:13 AM

කුකුල් කේන්ති කාරයනේ. ඔය කිව්වට දෙයි

:       0       0

Ramal Wednesday, 08 April 2020 11:24 AM

සිරිසේනගේ April 21 කතාව වගේ .. අනිත් මිනිහට වරද පටවනවා....

:       153       213

RaveendraWednesday, 08 April 2020 11:41 AM

අප මිට පෙර සදහන් කරා සේ ඩොනල් අයියා බෝක්කුව උඩ ඉදගෙන ලෝකෙටම ඇහෙන්න ට්‍රම්පට් එක ගැහැව්වට " ලෝකෙට ලොක්ක මන් තමයි " කියල හාදය ඇනගෙන හොදටම මල පැනල නේද මේ කෑ මොර දෙන්නේ..? අනිත් දෙය නම් අප දන්නා තරමට ( අප වැරදි ඇති ) WHO එකේ ඉන්නේ මෙයලගේම ඇම්බැට්ටයෝනේ.

:       61       115

Raveendra Wednesday, 08 April 2020 11:34 AM

‘‘ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වයිරසය ගැන වැරැදියට කිව්වේ. ඔවුන්ට තිබුණා මීට මාස ගණනකට කලින් අනතුරු අඟවන්න’’ යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා කීය ". මෙම වාක්‍ය මගින් ඩොනල් උන්නැහේ අදහස් කරන්නේ කුමක්ද ?

:       101       134

ravi Wednesday, 08 April 2020 11:46 AM

ඔය කාට නොදුන්නත් කමක් නැහැ ... ඒත් අපිට දෙනවයි කියපු කුට්ටිය නම් දෙන්නම වෙනවා ...

:       0       44

විපරමා Wednesday, 08 April 2020 11:48 AM

මෙදමූලනේ උදවියට දෙන ආධාර වලටත් මොනවා වෙනවා ඇද්ද?

:       338       223

මෝWednesday, 08 April 2020 12:42 PM

විපරමා ,මරනය පෙනි පෙනී තියෙන වසංගතේකදිත් මැදමූලන අමතක කරන්න බෑ නේද?ඕකට කියන්නෙ කුහක කම්... ඔලුව ඇතුලෙ මොනව හරි තියෙනවනං මේ වගේ අමන කතා කියන්නෙ නෑ.

:       310       449

banda Wednesday, 08 April 2020 12:13 PM

ඉදිරි වසර සදහා සාමාජික මුදල් ලෝකේ කිසිම රටකට දීම අපහසුයි. මේ අවුරුද්දේ සියලුම මුදල් චීනෙන් ඉල්ලා ගන්න . මොකද කොරෝන හදල ලෝකේ පුරා බෙදා හැරියෙ චීනායි ....

:       128       109

සනත් වීරකෝන් Wednesday, 08 April 2020 12:18 PM

රටක් පාලනය කරන්න කිසිම පලපුරුද්දක් නැති උද්දච්ච සල්ලිකාරයෙකුට රටක නායකත්වය ලැබුණම ඔහොම තමයි.

:       45       108

Champa Wednesday, 08 April 2020 01:13 PM

ඩොනල්ඩ් ට්‍රම්ප් තරම් කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඉතාම දුර්වල හිතුවක්කාර පිළිවෙතක් ලෝකේ කිසි රටක් අනුගමනය කරලා නැහැ. චීනය ඇතුළු අනිත් හැම රටක්ම බැලුවේ පුළුවන් තරම් තමන්ගේ රටේ ජනතාව බේරා ගන්න. ඇමරිකාවට කොරෝනා ආවේ හුඟක් පරක්කු වෙලා. ඕනේ තරම් කාලය තිබුන ලැහැස්ති වෙන්න. ලෝක සෞඛ්‍ය සංවිධානය වේලාසනම අනතුරු ඇඟේව්ව. නමුත් ලෝකය බලවත්ම රට වන ඇමරිකාව ඒ අනතුරු ඇඟවීම් ගණන් ගත්තේ නැහැ. COVID-19 හින්ද ඇමරිකාවේ මැරෙන හැම මිනිහෙක්ම වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් වග කියන්න ඕනේ. තාම හරියට දන්නේ නැහැ නමුත් සමහරවිට COVID-19 නිසා ලෝකේ පුරාමත් මැරිච්ච හැම ජීවිතයකටමත් ඩොනල්ඩ් ට්‍රම්ප් වග කියන්න වෙයි. රටට ආදරේ මිනිස්සු ගිය ආණ්ඩුව වගේම මේ ජනාධිපතිත් එම්සීසී ගිවිසුම අත්සන් කරන්න යන එකට විරුද්ධ වෙච්ච නිසා මිසක් නැත්නම් එම්සීසී ගිවිසුම අත්සන් කරා නම් කවුද දන්නේ කොරෝනා වෛරසය චීනෙන් නෙමෙයි ලංකාවෙන් පටන් ගන්නත් ඉඩ තිබුනා.

:       25       827

RaveendraWednesday, 08 April 2020 04:15 PM

අප විශ්වාස කරනවා ඔබගේ විග්‍රහය ඉතාමත්ම සාර්ථක එකක් බව... වැඩි දෙනෙකු කතාකිරීමට අකමැති දෙයකුත් එහි අඩංගු වන අතර එය ගොඩක් දුරට මෙහි පසුබිම වීමටද ඉඩ ඇත.

:       6       36

KumarWednesday, 08 April 2020 06:18 PM

ඔය කියන්නේ MCC ගිවිසුම ගැනද? ඒක අත්සන් කරන්නෙ චන්දෙ පහුවෙලා නේද? MCC වෙබ් අඩවියේ ඇති අන්දමට අතීතයේ මෙවැනි මුදලක් ලංකාවට ලැබුන විධියටයි සඳහන් වී තිබෙන්නෙ....

:       0       0

Prabha Wednesday, 08 April 2020 01:53 PM

මෙ සැරෙ විකාරෙන් දොඩවනවා...

:       0       6

Kumar Wednesday, 08 April 2020 06:10 PM

ට්‍රුම්ප් කිව්වට එම මුදල නොගෙවා ඉන්න ඔහුට බලයක් නැහැ. හඳට බුරන බල්ලෙක් වගේ බුරනවා. එම මුදල අත්හිටවන්න බලය තිබෙන්නේ කොන්ග්‍රස් සභාවට පමණයි. කොන්ග්‍රස් සභාවෙ වැඩිබලය තිබෙන්නේ ට්‍රුම්ප්ගේ විරුද්ධ වාදීන්ටයි. ඒ අයගේ එහෙම අදහසක් නැති වග කියන්න ඕනෙ. මාස කිහිපයකට පෙර කොංග්‍රසයෙන් යුකරෙනයට අනුමත කල මුදල් තමන්ගේ වාසියට ප්‍රමාද කළනිසා තව පොඩ්ඩෙන් ගෙදර යවනවා. සෙනෙට් සභාවේ ඉන්න තම පාක්ෂිකයන් ඔහු බේරා ගත්තා. ලෝක සෞක්‍ය සංවිධානයේ විදමින් 25% දෙන්නෙ එක්සත් ජනපදයි. එම සංවිධනයේ වගකීම් පැහැර හරිම නිසා ලෝකයම මේ තත්වයට පත්වුණා වගයි ට්‍රුම්ප් පවසන්නෙ...

:       0       3

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1139 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 718 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 928 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 802 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site