ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 100,000ත් 200,000 අතර පිරිසකට ජීවිත අහිමි වනු ඇතැයි එරට ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු අනතුරු අඟවයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනහි මෙම වයිරසය සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණවල මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ වෛද්‍ය ඇන්තනි ෆවුචි එලෙස අනතුරු අඟවා ඇත. හෙතෙම කොරෝනා වයිරසය මර්දනය කිරීමේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය සාධක බලකායේ ප්‍රධාන පෙළේ සාමාජිකයකු ද වේ.
මිලියන ගණනක් හෝ ඊටත් වඩා වැඩි පිරිසකට වුවද වයිරසය ආසාදනය විය හැකි යැයි ද හෙතෙම කීය. සී.එන්.එන්. රූපවාහිනි සේවයට අදහස් දක්වමින් වෛද්‍ය ඇන්තනි ෆවුචි එම කරුණු සඳහන් කළේය
‘‘මෙය වෙන්න පුළුවන්. එහෙත් නොවෙන්නත් පුළුවන්. කොරෝනා වයිරසයෙන් මරණ 100,000ත් 200,000ත් අතර ගණනක් වෙන්න පුළුවන්. මිලියන ගණනකට ආසාදනය වෙන්න පුළුවන්. එහෙත් මෙය ඇස්තමේන්තුවක්. ඒ මත යැපෙන්න අවශ්‍ය නැහැ. මේ ගණන් වැරැදි වෙන්නත් පුළුවන්. ජනතාව අතරට වැරැදි පණිවුඩයක් ගෙනියන්නත් පුළුවන්’’ යැයි ද හෙතෙම කීය.
වෛද්‍ය ඇන්තනි ෆවුචි ප්රතිශක්තිවේදය/නිරෝධායනය පිළිබඳ විශේෂඥයකු වන අතර හෙතෙම එච්.අයි.වී/ඒඩ්ස් සහ තවත් දේශීය සහ ගෝලීය සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන් හයදෙනකුට උපදෙස් ලබා දී ඇත.
කොරෝනා වයිරස ආසාදිතයන් මෙන්ම වයිරසය ආසාදනය වී ඇතැයි සැක කෙරෙන පිරිස් පරීක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නැතැයි ද ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ඒ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් වෛද්‍ය ඇන්තනි ෆවුචි මෙසේ කීය.
‘‘ඔබ පසුගිය සති කිහිපය සමඟ සංසන්දනය කළොත්, අපි දැන් කලින්ට වඩා පරීක්ෂා කිරීම් කරනවා’’ යැයි ඔහු කීවේය.
ඉතා කඩිනමින් සහ පුළුල් ලෙස පරීක්ෂා කිරීම් ආරම්භ කරන්නේ කවදාද සහ දැනට පනවා ඇති සංචාරක සහ රාජකාරී සීමා ලිහිල් කරන්නේ කවදාදැයි විමසූ විට ඒ සඳහා තවත් සති ගණනක් යැයි ද වෛද්‍යවරයා කීය.
‘‘ඒක හෙට වෙනවා කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා. ලබන සතියේ ඒක වෙනවා කියලා හිතන්නත් එපා. ඒකට ඊට වඩා වැඩි කාලයක් යනවා’’ යැයි වෛද්‍ය ෆවුචි වැඩිදුරටත් කීය.
ඒ.එෆ්.පී.
055
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘ඇමෙරිකාවේ මිලියන ගණනකට කොරෝනා වයිරසය ආසාදනය විය හැකියි‘‘
de silva Monday, 30 March 2020 11:30 AM
ඔය ළඟ ඉන්න මනුස්සය මේ මාසේ මුල කිවේ... ඕක එච්චර ගණන් ගතයුතු තත්වයක් නොවේ කියල....