ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත.
කොරෝනා ආසාදිතයන්ගෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝහල් පිරී ගොස් ඇති අතර වෛද්‍ය සැපයුම්වල දැඩි හිඟයක් ද උද්ගතව තිබේ.
ඇමෙරිකානු වේලාවෙන් ඊයේ (27) රාත්‍රී 9 වනවිට වාර්තා වී තිබු සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 103,346 ක් විය. එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 1,632 කි. කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් සහ වොෂින්ටන් යන ප්‍රාන්තවලටය.
කොරෝනා ආසාදිත රෝගීන්ට හුස්ම ගැනීම පහසු කරන ස්වසන සංවාතන යන්ත්‍රවල (වෙන්ටිලේර්ස්) මෙන්ම පරීක්ෂණ කට්ටලවල දැඩි හිඟයක් පවතින බව ඇමෙරිකානු වෛද්‍යවරු පවසති.
ඊට අමතරව ඖෂධ , වෛද්‍ය සැපයුම් මෙන්ම පුහුණු කාර්යමණ්ඩලවල හිඟයක් පවතින බවද ඔවුහු පෙන්වාදෙති.
සිකුරාදා පමණක් ඇමෙරිකාවෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 16,000 වැඩි විය.
මේ වනවිට වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය යි.
සිකුරාදා දිනයේදී පමණක් එරටින් වාර්තා වූ මරණ ගණන 300 ඉක්මවීය. එක් දිනක් ඇතුළත ඇමෙරිකාවෙන් මරණ 300 කට වඩා වාර්තා වූ පළමු අවස්ථාව එය විය.
වැඩිම මරණ ගණනක් වාර්තා වන රටවල් අතර ඇමෙරිකාව 6 වැනි තැන පසුවෙයි.
රොයිටර්ස්
055
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂය ඉක්මවයි
ලක්මාල් Saturday, 28 March 2020 02:39 AM
ඇමෙරිකානු පාලකයන් කියන්නේ කිසිම හිතක් පපුවක් නැති පිරිසක්. නමුත් අහිංසක මිනිස්සු පව්.
Rohana Saturday, 28 March 2020 03:28 AM
මෙතරමි විශාල ලෙස රෝග ව්‍යාප්තියට හේතුව ට්රමිප්ගේ නොසැළකිල්ල.
Ajantha Saturday, 28 March 2020 04:24 AM
කරපු දේවල් තමා.
රවින් Saturday, 28 March 2020 04:44 AM
ඒ පැත්තෙන් බැලුවහම අපි වාසනාවන්ත නැද්ද? අපේ පුරුවේ පිණකටද කොහෙද අර 225 පාර්ලිමේන්තුවේ විසුරුවලා දැම්මේ. නැතිනම් මෙලහකට ලංකාවෙන් අඩුමගානේ 5000 ක් වත් එලොව ගිහින් . ලංකාව වාසනාවන්ත රටක් කියලා හැමෝටම තේරෙන්නේ දැන්. උගත් බුද්දිමත් මේරට වැසියන්ට සැබවින්ම ආදරේ කොටසක් කාලෝචිතව ගත්තු තීරණ නිසා තවදු එකදු මරණයක් හෝ නොවී සියලු දෙනාව හොඳින් බලාකියා ගන්නා සෞක්‍ය අංශයේ අපේම සහෝදර සහෝදරියන් ලැබීමටත් අපි වාසනා වන්තයෝ නොවේද?
maalaka Saturday, 28 March 2020 05:58 AM
අඩුම තරමේ ඇමෙරිකාව ඇත්ත ගණන කියනවා, චීනය වගේ නොවෙයි.