IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඇඳිරිය ළිහිල් කළත් පොදු ප්‍රවාහනය අතවශ්‍ය සේවා සඳහා පමණයි

(නිමන්ති රණසිංහ)
 
ඇදිරි නිතීය ලිහිල් කළ අවස්ථාවන් හිදී පොදු ප‍්‍රවාහන සේවය ‘‘අත්‍යවශ්‍ය සේවාවන්’’ සදහා පමණක් යෙදවීමට අවධානය යොමුව ඇතැයි  විදුලිබල බලශක්ති අමාත්‍යාංශය පවසයි.
 
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කරන්නේ, ලංගම සතුව පවතින බස් රථ පොදු ප‍්‍රවාහන සේවා කටයුතු සදහා යොදවනු ලබන්නේ හුදෙක් අත්‍යවශ්‍ය සේවාවන් වූ සෞඛ්‍ය, ආරක්ෂක සහ රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතනවල සේවය සදහා ප‍්‍රවාහනය කළයුතුම පිරිස වෙනුවෙන් පමණක් බවත්ය.
 
මේ වන විට ලංගමය සතුව බස් රථ 5700ක් සහ පුද්ගලික අංශය සතුව බස් රථ 23000 ක් පමණ පවතින අතර ලංගම බස් රථ සියල්ල සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි ධාවනය සදහා යොදවුවත් එය ප‍්‍රමාණවත් නොවන බවත්, දෛනිකව ලැබෙන ආදායම අඩුවීම හේතුවෙන් පුද්ගලික අංශය සිය බස් රථ ධාවනය කිරිමට කැමැත්තක් නොදක්වන බවත් එම අමාත්‍යාංශය බවසයි.
 
මේ හේතුවෙන් අත්‍යවශ්‍ය රාජකාරීන්ට අමතරව වෙනත් කාරණාවන් සදහා ගමන් කිරීමට පොදු ප‍්‍රවාහන සේවා තුළින් පහසුකම් ලබා නොදෙන බවත්, හුදෙක්ම මෙම තීරණය ගෙන ඇත්තේ කොවිඞ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂාවීම සදහා රජය විසින් ලබා දී ඇති උපදෙස් කි‍්‍රයාත්මක කිරීමත් සදහා පමණක් බවත් අමාත්‍යාංශය සදහන් කරයි.
 
පුද්ගලික හැදුනුම්පතේ අවසාන අංකයට අනුව ගමන් කිරීමට දින ලබාදෙමින් රජය ඊයේ (25) දිනයේදී ගත් තීරණයට අනුව මෙම තත්ත්වය වඩාත් පහසුවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.



අදහස් (3)

ඇඳිරිය ළිහිල් කළත් පොදු ප්‍රවාහනය අතවශ්‍ය සේවා සඳහා පමණයි

chandana - australia Sunday, 26 April 2020 10:30 AM

ඇදිරි නීතිය දාගෙන අපේ රටට ගොඩක් කල් කරන්න බැහැ. මුලින්න ඇදිරි නීතිය දාපු එක අපි ගත්ත වැරදීම තීරණයක්. සමාජ දුරස්ථභාවය තමයි හොදම දෙය මුහුණු ආවරණ දානවටත් වඩා. එය මුළු ලෝකයම අද වෙනකොට පිළිගත්තා දෙයක්.

:       316       922

SamanSunday, 26 April 2020 12:25 PM

අනේ මෙහෙමත් කෙනෙක්...

:       0       0

Walter WhiteSunday, 26 April 2020 02:00 PM

ලංකාවේ පොළකට ඇවිත් බලන්න, පෝලිමක ඉඳලා බලන්න මිනිස්සු සමාජ දුරස්ථභාවය සුරකින හැටි! කරුණාවෙන් කිව්වට තේරුම් ගන්නේ නැහැ, දෙකක් ගහලා කිව්වම යස අගේට පිළිපදිනවා, ඔය හේතුවම තමයි ලංකාවේ උදවිය දේශපාලකයන්ගෙන් රජවරු බලාපොරොත්තු වන්නේ! එය ජානගත අවුලක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 199 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 122 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 514 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 609 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 440 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1849 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 275 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site