ඩී.ජී.සුගතපාල
රට තුළ පවතින ඇඳිරි නීති තත්ත්වය නිසා, දානය ලබා ගැනිමේ ගැටළු පවතින ගාල්ල දිස්ත්‍රික්කයේ ආදායම් මාර්ග නොමැති ,භික්ෂුන් වහන්සේලා පස් නමක් හෝ වැඩ වාසය කරන විහාරස්ථාන වෙත, සතිපතා රුපියල් 3000ක් වටිනා වියළි සළාක ලබා දිමට අද(6) සිට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
මේ සඳහා මූල්‍ය දායකත්වය සපයනු ලබනනේ සමස්ත ලංකා ශාසනාරක්ෂක අරමුදල මගිනි.
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යල 19 තුල පිහිටි එවැනි විහාරස්ථාන සහ දස සිල් ආරාම සීයයකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට හඳුනාගෙන ඇති අතර, එවැනි දුෂ්කරතා සහිත විහාරස්ථාන අදාල ප්‍රාදේශිය ලේකම්වරුන් මාර්ගයෙන් දැනුම් දෙන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලා සිටී.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ආදායම් නොමැති විහාරස්ථනවලට සතියකට රුපියල් 3000ක වියළි ආහාර
TRzan Tuesday, 07 April 2020 01:28 PM
කලුතර බෝධියට ලැබිච්ච ආදායමෙන් මෙවට වෙන් කරන්නකෝ
නොකවුට් Tuesday, 07 April 2020 05:53 PM
කලුතර බෝධි ආරක්ෂක සභාව මගින් සිදුකරන සේවය තමුන් නොදන්නා විය හැක. ඇතැම් විට දැන දැනත් දුෂ්ට චේතනාවෙන් කියනවා විය හැක. ශාසනාරක්ෂක අරමුදල යනු සියල්ලගේ එකතුවයි
NishanTuesday, 07 April 2020 11:42 PM
දළදා මාලිගාව, දඹුල්ල, කතරගම වගේ පුජනිය ස්ථානවලට කෝටි ගණන් ලැබෙන ආධාර මෙවැනි දුප්පත් පන්සල් වලට දෙන්න බැරි ඇයි ?
Sugath Tuesday, 07 April 2020 04:10 PM
අතිශයින්ම වැදගත් දෙයක්. පුලුවන් නම් සෑම ගමකම තිබෙන විහාරස්තාන වලට මේ ආකාරයට දානය පිලියල කර ගන්න ක්‍රමයක් හදන්න. අපේ මුදුන් මල්කඩ වන් බුද්ධ, ධම්ම සහ සංඝ යන ත්‍රිවිද රත්නයේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන්, මේ කරන කටයුත්තෙන් ලැබෙන අප්‍රමාන පිනෙන් ඔබ සැමට ඉකමනින් සහ පහසුවෙන්ම නිවන් දකින්න මෙය මහෝපකාරීම වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වගේ පින් කටයුත්තක් විවේචනය කරල නිරයට පාර කපා ගන්නත් එපා කියල මේක විවේචනය කරන්න බලාගෙන ඉන්න කට්ටියගෙන් ඉල්ලීමක් කරනවා.
rohana kumara mendis Tuesday, 07 April 2020 04:23 PM
සතිපතා තුන් දාහක් අර ඇමතිතුමා කීවා වගේ 5 දෙනෙක් ඉන්න පවුලකට 2500 කරන්න බොන්න පුළුවන් කියලා... බන්දුල ගුණවර්ධන ඇමතිතුමා...
JagathTuesday, 07 April 2020 06:18 PM
සුගත් මහත්තයා කියල වැඩි වෙලාවක් ගිහින් නැහැ. ඕන් තවත් නිරයට පාර කපාගන්න අලියගෙ නැට්ටෙ එල්ලිච්ච සීනු ජෙප්පෙක් ඉන්නවා...
රොහාන්Wednesday, 08 April 2020 01:33 AM
ජගත්ට ඇත්ත පේන්නම බැහැ නේද බන්දුල ගුනවර්ධන කලකට පෙර 5 දෙනෙකුට රුපියල් 2500 කින් සතියක් කන්න බොන්න පුළුවන් කියලයි කිව්වේ. අපේ රට මෙතරම් නොදියුනු වුනේ රටේ පවතින පක්ෂ බේදය නිසා බව තේරුම් ගන්න
Champa Wednesday, 08 April 2020 01:42 AM
හොඳ ආරම්භයක්. කොරෝන නිසා මිනිස්සුත් අසරණයි මේ වෙලාවේ. ඒ හින්ද පන්සල් වලට හුඟක් අමාරුකම් ඇති. සමහර වෙලාවට කන්න නැති මිනිස්සුත් යන්නේ පන්සලට. අනිත් පලාත්වල දිස්ත්‍රික් ලේකම්වරුත් මේ විදිහට වැඩ කරනවා නම් කොයි තරම් හොඳද.