(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙද කාර්ය මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ වටිනාකමකින් යුතු පරිත්‍යාගයක් ලෙස ලැබුණු අංග සම්පූර්ණ නව හෙද නේවාසිකාගාරය, රෝහල වෙත ප්රදානය කිරීම අද (08) සිදුකෙරිණි. එය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වර්ග අඩි 3300 ක බිම් ප්‍රමාණයක, කාමර 16 කින් යුතු මෙම හෙද නේවාසිකාගාරය තුළ හෙද නිලධාරින් 32 කට නේවාසික පහසුකම් සලසා ගත හැක. ගෘහ භාණ්ඩ ඇතුලු අනෙකුත් සියලු පහසුකම් වලින් ද මෙම හෙද නේවාසිකාගාරය සමන්විත වේ.
කෝවිඩ් 19 වසංගත පාලන කාර්ය සාධන බලකායේ රැස්වීමක දී අංගොඩ බෝවන රෝග විද්‍යායතනය වෙත හෙද නේවාසිකාගාරයක අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කෙරිණි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට එම බලකායේ සාමාජික හිටපු යුධ හමුදාපති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ මැදිහත්ව තිබේ.
ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි කොළඹ රාජකීය විද්‍යාලීය ආදි ශිෂ්‍යයින්ගේ East Cost පදනමේ ලේකම් සේනක සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණයෙන් එම සංගමයේ සභාපති වෛද්‍ය සුකුමාර් නාගේන්ද්‍රන් මහතාගේ රුපියල් මිලියන 15 ක මූල්‍ය ප්රදානය මත මෙම අංග සම්පූර්ණ හෙද නේවාසිකාගාරය ඉදිකිරීමට පියවර ගෙන ඇත.
මෙම රෝහල් නේවාසිකාගාරය ඉදිකිරීමේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්යක්ෂ (තාක්ෂණ) සුසන්ත අබේසිරිවර්ධන මහතා ඇතුලු එම කණ්ඩායමේ පූර්ණ තාක්ෂණික දායකත්වය ද එහි ප්‍රධාන ඉංජිනේරු (සිවිල්) සමන් දේවප්‍රිය මහතා ඇතුලු වඩු කර්මාන්ත ශාලාවේ සේවක මහතුන්ගේ පූර්ණ දායකත්වය ද සපයා ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ නියෝගය පරිදි එයාර් වයිස් මාර්ෂල් රුචිර සමරසිංහ සහ වින්ග් කමාන්ඩර් ක්‍රිෂාන්ත හේවාපතිරණ ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් සහ ගුවන් භටයන්ගේ ශ්‍රම දායකත්වය ද මෙම නේවාසිකාගාරය ඉදිකිරිම සදහා ලබාදෙන ලදි.
ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු LHP Eco පුද්ගලික සමාගම විසින් සිදු කරන ලදී.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අයිඩීඑච් රෝහලට අංග සම්පූර්ණ නව හෙද නේවාසිකාගාරයක්
Dhammika Friday, 08 May 2020 02:37 PM
ඇයි ඕක දේශපාලුවෝ ඕපන් කළේ? හදන්න සල්ලි දීපු අයට ඒක කරන්න තිබ්බනේ...
Raveendra Friday, 08 May 2020 06:46 PM
අම්මපා අපේ මේ අපවිත්‍ර නෝනටත් බරටම වියදම් වගේ.... හොද වෙලාවට උපතින්ම මහා පොහොසත් නෝනා කෙනෙක් හින්දාම හොදා... මෙච්චරත්ම තමන්ගේ පුද්ගලික වියදමින් මේවා හදලා අවලස්සන නමත් ලියපු බෝඩ් ලෑල්ලකුත් විවුර්ත කරන්න කොච්චර වියදම්ද මගේ අම්මෝ... තව තවත් මෙවන් බෝඩ් ලෑලීම විවුර්ත කරන්න ලැබේවා..!!!
ගමගේSunday, 10 May 2020 01:31 AM
මෙතුමියගේ පියතුමා 1970 ත් 1977 ත් අතර කාලයේ ඇමතිතුමෙක්.
RaveendraSunday, 10 May 2020 05:58 PM
ඔබට මෙයාව මෙතුමිය උනාට අපට නම් මෙයා මහජන මුදලින් හොදින් කාබී ජිවත්වන තවත් ලාංකික මහජන නියෝජිත කාන්තාවක් පමණයි. කරුණාකර මෙම ස්ත්‍රියට මෙතුමිය කියා ආමන්ත්‍රණය කිරීමට ඇති වැදගත් සුදුසුකම අපට පහදා දෙන්නේ නම් කෘතඥ වන්නෙමු.
Sulekaa Saturday, 09 May 2020 07:44 AM
විරුවෝ කැපවීම් කරලා පවිත්‍රා ඇවිල්ල ලකුණු දාගන්නවා. කෝ මේ අපේ හමුදාවේ ලොකු මහත්වරු? අනිල් ජාසිංහ මහත්තයා ඇතුළු කෝ මේ අපේ හෙද විරුවෝ? පවිත්‍රා ඇවිල්ල කිරි හැලියට ගොම බිදක් දාල. ගරු ජනපතිතුමනි...., මේ ඔබේ අවදානය පිණිසයි !!
RaveendraSunday, 10 May 2020 06:03 PM
දේශපාලුවන් යනු කොහොමත් කාලකන්නි ජාතියක් බව මෙය මනාවට ඔප්පුකර ඇත. මුලික අරමුණ තමන්ගේ මුසල නම් ගම ප්‍රසිද්ධ කරගැනුමයි.