( තිළිණි ද සිල්වා )
එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සේවකයින් 5 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.
මේ හේතුවෙන් යළි දැනුම් දෙන තුරු එම තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමූ බව විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.
එම තානාපති කාර්යාල වෙත දිනපතා ශ්‍රී ලාංකිකයින් විවිධ සේවා කටයුතු සදහා පැමිණෙන හෙයින් ආරක්ෂිත පියවරක් ලෙස තානාපති කාර්යාලය අද (21) සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව පැවසුවාය .
එම සේවකයින් මේවන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඔවුන් තත්ත්වය බරපතල නොවන බව එම අමාත්‍යාංශය කියා සිටී.
මේ සම්බන්ධයෙන් අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිල වෙබ් අඩවියේද නිවේදනයක් නිකුත් කර ඇත.
හදිසි තත්ත්වයක් හේතුවෙන් තානාපති කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමෙන අතර වසා දමා ඇති කාලය තුළ එරට වෙසෙන යම් කිසි ලාංකිකයකුට හෝ අවශ්‍ය කෙනෙකුට [email protected] යන විද්‍යුත් ලිපිනය හෝ ගාස්තු රහිත දුරකතන අංක 800119119 ඔස්සේ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක
හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පස්දෙනෙකුට කොරෝනා